ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ න...
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාරට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.
ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.
කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.
මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.
( ක්‍රිෂාන් ජීවක ජයරුක් – ලංකාදීප )
Tharaka Nanayakkara AAL polis podda's Lawyer
Tharaka Nanayakkara Lawyer contact number
COMMENTS