ප්‍රභූ ආරක්ෂාව වැඩිකිරීම සම්බන්ධව විශේෂ වාර්තාවක් සකසන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය බුද්ධි අංශය වෙත ලැබී ඇති වාර්තාව...
ප්‍රභූ ආරක්ෂාව වැඩිකිරීම සම්බන්ධව විශේෂ වාර්තාවක් සකසන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය බුද්ධි අංශය වෙත ලැබී ඇති වාර්තාවලට අනුව වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වැඩි කළ යුතු බවට යෝජනා වී තිබේ.
ඒ අනුව ආරක්ෂාව වැඩි කරන්නේ නම් ඒ කා සඳහාද සහ එය කළයුතු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් සපයන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ අතර ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර කියා සිටියේ එවැනි ආරක්‍ෂාව වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීම් ලැබී නැති අතර එලෙස ඉල්ලීම් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව සලකා බලන බවයි.
COMMENTS