මහියංගනය වියානා ඇලට පෙරලුණු මෝටර් රථයේ සිට අතුරුදන්ව සිටි උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලීසියට භාර වී තිබේ. අනතුරු සිදුවුණේ පසු...
මහියංගනය වියානා ඇලට පෙරලුණු මෝටර් රථයේ සිට අතුරුදන්ව සිටි උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලීසියට භාර වී තිබේ.
අනතුරු සිදුවුණේ පසුගිය 26වැනිදා අළුයම 4.30ට පමණය. අනතුරින් කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි, මහියංගනය පොලීසිය සැකපළ කළේය. අවිදුලි පහන් දැල්වූ රථයක් වියානා ඇලේ ගසාගෙන එන අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැක තිබුණි.
ඒ පිළිබඳව මහියංගන පොලීසිය දැනුවත් කළ අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි පරිශ්‍රමයකින් රථය ගොඩට ගත්හ.
COMMENTS