ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුර...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බවත් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් 2024 දෙසැම්බර් 16 වැනි දින නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු – ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායි කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයකි.
එමෙන්ම කලාපීය බල ශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (යිට්කා) (Economic and Technical Cooperation Agreement) සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරමි.
COMMENTS