ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි. නිවාස නොමැතිකම නිසා විවා...
ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.
හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් ඒ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එම තත්ත්වය දක්වා රට සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් කියා සිටී.
රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
COMMENTS