රටේ ජනතාවගේ අවධානය දිනා ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ වාර්තා කරලියට ගෙන එමින...
රටේ ජනතාවගේ අවධානය දිනා ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ වාර්තා කරලියට ගෙන එමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
ජනාධිපති කාර්යාලයේ තිබූ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විමර්ෂණ වාර්තා වෙනත් පුද්ගලයින් අතට පත්වීම සම්බන්ධයෙන් සහ ප්‍රහාරයට අදාළ අනිකුත් කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.
මේ අතර මැතිවරණ කාලසීමාවක් තුළ පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් රට තුළ වෙනස්ම මතයක් ගොඩනැඟීමට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල උත්සහ දරමින් සිටින්නේදැයි සැකයක් මතුවන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

COMMENTS