සමගි ජන බලවේග පක්ෂයට තමන්ගෙන් වැඩක් නැති බව තේරුම් ගිය බවත් පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බවද සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන...
සමගි ජන බලවේග පක්ෂයට තමන්ගෙන් වැඩක් නැති බව තේරුම් ගිය බවත් පක්ෂ නායකයා කිසි ලෙසකින් ඇහුම්කන් නොදෙන්නෙකු බවද සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල සදහන් කළාය.
තමන්ට සමගි ජන බලවේග පක්ෂයෙන් කෙනෙහිලි කම් සිදුවු බවත් තමන් පමණක් නොව පක්ෂයේ සිටින සියලුම ජ්‍යේෂ්ඨයින් බරපතල කනස්සල්ලකින් පසුවන බවත් තමාට දැඩි කළකිරීමක් ඇති වූ බවද තලතා අතුකෝරාල සදහන් කළාය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය කාන්තාවක ලෙස තමන්ට හිමි වන්නේ නම් එය බාර ගැනීමට තමා කිසිලෙසකින් පසුබට නොවන බවද තලතා අතුකෝරාල සදහන් කළාය.
අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක්වෙමින් හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මේ බව සදහන් කළාය.

COMMENTS