හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුව...
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී කේ එම් .ටී .බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.
අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත , නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලදී.
අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයා අනතුරට ලක් වූ ස්ථානය නිරීක්‍ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකරන ලදී .
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙනිය විසින්ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබීය.
අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂන් රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි ජනප්‍රිය මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.
මතුගම පොලිසියේ සැරයන්වරුන් වන 48471 ජේ ඒ එන් එස් ජයලත් සහ 27739 නිමල් ශාන්ත පොලිසිය වෙනුවෙන් සාක්කි මෙහෙයවිය.
පාලිත තෙවරප්පෙරුම ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩිවලින් සහ ශෝක ප්‍රකාශිත බැනර් වලින් පිරී තිබූ අතර , විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටින අයුරුද දැකගත හැකි විය.

COMMENTS