දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා!
Homeප්‍රවෘත්ති

පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා!

PropellerAds

බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරයා දක්වා අන්තරායකර අපද්‍රව්‍ය ටොන් 754ක් රැගෙන එමින් සිටිය දී බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණ ...

ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා - රනිල් කියයි
මෙහෙම ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වීම හැර ශ‍්‍රීලනිපයට විකල්පයක් නෑ..
බිරිදට එල්ල වන ඉඩම් වංචා චෝදනාව ගැන සංගක්කාරගෙන් ප‍්‍රකාශයක්..
බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරයා දක්වා අන්තරායකර අපද්‍රව්‍ය ටොන් 754ක් රැගෙන එමින් සිටිය දී බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණ ඩාලි නෞකාව බාසල් සම්මුතියට අනුව අනිවාර්යයෙන් කළ යුතු පරිදි   තමන් ලංකාවට රැගෙන එන අන්තරායකර ද්‍රව්‍ය පිළිබඳ  කිසිවක් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි නැතැයි  පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
ඒ සම්බන්ධව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා  මේ සිදුකර ඇත්තේ අන්තර්ජාතික සමුද්‍ර නීතිය උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දුන්නේ නැව පාලමේ හැපුනේ නැතිනම් මේ අපද්‍රව්‍ය ලංකාවට එන බව කිසිවෙක් නොදන්නා බව කියමිනි.


රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ඩාලි නෞකාවේ ගෙනා අපද්‍රව්‍ය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අධිකාරියේ නිවේදනයක්  මත පදනම්ව මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවට යොමු කළේය.


ඩාලි නෞකාවේ  බහාලුම් 4644ක්  පැවති බවත් ඉන් බහාලුම්වලින්  බහාලුම් 56ක අන්තරායකර අපද්‍රව්‍ය ටොන් 754ක් රැගෙන එමින් පවතින බවත් ඔවුහු පාර්ලිමේන්තුවට හෙළි කළහ.

මහාචාර්ය චරිත හේරත් –  
මේක  රට හමුවේ සාකච්ඡා කළ යුතුයි ප්‍රශ්නයක්.

මේ විදිහේ ප්‍රශ්නයක් වෙලා අප විශාල අනතුරකට මින් පෙර ලක්වුනා. මේ  නෞකාව  . මේක අයිති  මරස්ක් කියන ලෝකයේ ප්‍රධානම නාවික සමාගමකට ය. මේ නෞකාව    ඇමරිකාවෙ මේරිලන්ඩ්වල  බොල්ටිමෝ වරායෙන් නැව්ගත වෙලා තියෙන්නෙ.

මේ නැවේ කන්ටේන්ර් 4644ක් තියනවා.  ඒ කන්ට්නර් කොටසක  අපද්‍රව්‍ය ටොන්  754ක් තියන බව    ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය ( American National Transportation Safety Board ) එක දැනුම් දීලා තියනවා.


මේ රට බාසල් සම්මුතියට අත්සන් කරලා තියෙන්නෙ. අපි 1992 මීට අත්සන් කළා. ඇම්ස්ටඩ්‍රෑම් සම්මුතියටත් අප අත්සන් කරලා තියනවා.  මේ දෙකෙන්ම මේ වැනි අපචාරී ක්‍රියා වැලැක්වීමට අවශ්‍ය ජාත්‍යාන්තර නෛතික රැකවරණය ලැබෙනවා.

බාසල් සම්මුතිය අනුව මේ වගේ උපද්‍රවකාරි අපද්‍රව්‍ය රැගත් නැවක් අපේ වරායක් හරහා යනවා නම් මුලින්ම දැනුම් දී අවසර  ලබා ගත යුතු බවට කොන්දේසියක් තියනවා. මේ ගැන මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසුවාම එහෙම එකක් ඇවිත් නෑ,

මේ නැව තව දවස් 15කින් විතර ලංකාවට එන්න නියමිතව තියනවා. අප්‍රේල් 13 සහ 17 අතර කාලයේ දී නෞකාව එයි…

තව කාරණාවක් තියනවා. මේ නෞකාවේ ඉන්ධන ගැලුම් මිලියන 1.8ක් තියනවා. නැවේ ගැටී  අනතුරට ලක්වීමෙන් පසු ඇති වූ තත්ත්ව තුළ  මේ නෞකාව යම් ආපදාවකට  භාජනය වීමේ ඉඩක් තියනවා කියලා  ඇමරිකාවේ දේශීය ආරක්ෂක අංශය දැනට කියලා තියනවා.


මේ නැවේ එජ්නත්වරයා ලෙස ලංකාවෙ ඉන්නේ ඉතා විශාල කම්පැණියක්. ඒ වගේම  මේ නැව එන්න තියෙන්නේ සව්ත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට. ඒ නිසා මේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙන්න පෙර අපි කටයුතු කරමු  කියන යෝජනාව කරනවා. ඒ සඳහා ක්‍රියාකල හැකි උපකරන ලෙස  අපට බාසල් සම්මුතිය තියනවා. රොටඩ්‍රෑම් සම්මුතිය තියනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

මේ සම්බන්ධව මූලික මැදිහත් වීමක් කරමු. මිට පෙර එවැනි නෞකා දෙකක් විශාල හානියක් අපට සිදුකළා.  අපද්‍රව්‍ය ටොන් 764ක් අරගෙන ඩාලි නෞකාව එන්නේ. බහාලුම් 56ක තියෙන්නේ  පුපුරණ ද්‍රව්‍ය, ලිතියන් අයන් බැටරි. විඛාදන ද්‍රව්‍ය. ගිනිගන්නා ද්‍රව්‍ය විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ 09වන ඛණ්ඩායේ අන්තරායකර ද්‍රව්‍ය.

අනෙක් බහලුම් 4644 තුල තිබුණ දේ ගැන තවම දන්නේ නෑ. බැල්ටිමොර්වලට පෙර ලොව විශාලම නෞකා කඳවුරක් වන නිව්යෝක් වර්ජිනියා වරයාට ඇවිත් තමයි ඊලඟ ගමනාන්තය ලෙස නෞකාව කොළඹ එන්නේ.


බාසල් සම්මුතිය අනුව අන්තරායකර ද්‍රව්‍ය රැගෙන එන නෞකාවක්  අවස්ථා 4ක දි   අදාල ගමනාන්ත දැනුම්වත් කළ යුතුයි.  ආනයන අවස්ථාවෙදී,  අපනයන අවස්ථාවේ දී,  වරායේ නතරකර ආපසු ගමන් කරන අවස්ථාවේ දී එක නෞකාවකින් තවත් නෞකාවකට මාරු කරන අවස්ථාවේ යන අවස්ථා හතරේ දීම වරාය අයත් රටේ  පරිසර අධිකාරිවලින් අවසර ලබා ගත යුතුයි. නමුත් අපේ රටට එන අපද්‍රව්‍ය සම්බන්ධව කිසිම අවරසයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අරගෙන නෑ. අපේ රටේ කවුරුත් නොදැන මෙහෙම භාණ්ඩ අපේ රටට එවනවා නම් එය බරපතල ප්‍රශ්නයක්. මේක නරක කතාවක්. මා එය හඳුන්වන්නේ සාහසික අපරාධයක් ලෙස.  නැව හැප්පුන නිසා තමයි අපි දැනගත්තේ ලංකාවට එන නැවක්, ඒ නැවේ මේ තරම් විෂ අපද්‍රව්‍ය තියනවා කියලා. මම යෝජනා කරනවා මේ භයනාක තත්ත්වය සම්බන්ධව  විමර්ශනයක් කරන්න කියලා.

වර්ෂ 2013 ගෙනාපු නීතියක් තියනවා කමර්ෂල් හබ් රෙගියුලේෂන් කියලා.  මේ කමර්ෂල් හබ් රෙගියුලේෂන් එක හරහා සමහර නීති  බලපවත්වන්නේ නැති ආකාරයට අපේ රටට භාණ්ඩ හා ද්‍රව්‍ය එනවා.  මේ හිඩස උපයෝගී කරගෙන තමයි මීට කාලයකට පෙර එක්සත් රාජධානියෙන් කන්ටේනර් 263ක් ඇවිත් ඒක රට ඇතුළටත් ගියෙ. බොහොම අමාරුවෙන් තමයි ආපහු පටවලා යැව්වේ.


මේ ගැනත් සැලකිලිමත් වෙන්න. වරාය පර්යන්තය දැනුම්වත් කරන්න. පරීක්ෂණයක් කරන්න…

පරිසර රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර –

මේ වනවිටත් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්ෂණයක් පවත්වනවා. මධ්‍යම පරිසර අධිකාරියට   මේ නෞකාවෙන් අපද්‍රව්‍ය පැමිණීම ගැන දැනුම් දීලා නෑ. මේ වනවිට අප රේගුවටත් වරායටත් දන්වලා තියනවා මේ ගැන වහාම පරික්ෂණයක් පවත්වන්න කියලා. ඔව්… ඇත්ත ඔබතුමාල කිව්වේ… නැව හැප්පුන නිසා තමයි මේ නැව අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන එන බව අපට  දැනගන්න ලැබුනේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා!
පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIrp66KPEH5yNPU8oeTrVRZ3RgZpbUDluZepwalxxYcHiG5uecYbWVgJgPqk0SbFuN_uhA6PZokMLIHJ9XE5mM0izpiiLlHKEYXO7doX1YCwn5ToKqLh58upxHvpze0X_0B4tYh4UA7XTOiPeH7Ys42uSk-Teqsg6go3RCykZEU7cxnlXtg2NNZmfR_bOU/s320/ezgif-2-ed2686bf06-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIrp66KPEH5yNPU8oeTrVRZ3RgZpbUDluZepwalxxYcHiG5uecYbWVgJgPqk0SbFuN_uhA6PZokMLIHJ9XE5mM0izpiiLlHKEYXO7doX1YCwn5ToKqLh58upxHvpze0X_0B4tYh4UA7XTOiPeH7Ys42uSk-Teqsg6go3RCykZEU7cxnlXtg2NNZmfR_bOU/s72-c/ezgif-2-ed2686bf06-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/04/754.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/04/754.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy