දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මා බලය ගත්තාම හැමෝටම නිවසක්, කාර් එකක් සහතිකයි... දෙන දිනත් ෆික්ස් කර අවසන් - දිලිත් ජයවීර

සැලසුම් සහගත නිසි වැඩ පිළිවෙලකට අනුව ශ්‍රී ලංකාවට, දේශීය සභ්‍යත්වයට, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ආදරය කරන මේ රටේ සුවහසක් ජනතාවට ප්‍රතික්ෂේප ක...

සැලසුම් සහගත නිසි වැඩ පිළිවෙලකට අනුව ශ්‍රී ලංකාවට, දේශීය සභ්‍යත්වයට, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ආදරය කරන මේ රටේ සුවහසක් ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක් ගෙන එන බවත් දේශපාලනයෙන් ඉතිහාසයේ සිදු වූ වැරදි යළි සිදු නොවීමට ඉඩ නොතබන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා උතුරු කළුතර පැනොරාමා හෝටල් පරිශ්‍රයේ පැවති එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පැවසීය.

“මේ රටේ පවුල්වලින් මිලියන දෙකකට අදටත් සමෘද්ධිය ලැබෙනවා. මේ සදහා ආණ්ඩුව රුපියල් බිලියන 200කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා. අපේ අධ්‍යාපනයට වියදම් කරනවාට වැඩියෙන් අපි සමෘද්ධියට වියදම් කරලා තියෙනවා.” යැයිද හෙතෙම කිවේය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

අපි ශ්‍රී ලාංකික දේශපාලනය දෙස විවිධාකාරයෙන් විවිධ ලෙස දුටු අය. මම කුඩා කාලයේ සිටම මගේ තාත්තාගේ අතේ එල්ලිලා ඉදලා දේශපාලනයට සම්බන්ධ වුන කෙනෙක්. අපි හිතුවා යම්කිසි දවසක මේ රටේ දේශපාලනය නිවැරදි වෙලා මේ රටත් දියුණු රටක් වෙයි කියලා. එහෙම හිතාගෙන අපි විවිධ පක්ෂවලට සහ පුද්ගලයින්ට සහය ලබා දීලා තියෙනවා. ඒ වගේම සක්‍රියව වැඩ කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදීත් එහෙමයි. හැබැයි අපිට අවසානයේ අත්වුණු ඉරණම ඔබ සියලුදෙනාම දන්නවා. ඒ නිසා අපි ඒ ගැන කනගාටුවෙලා වැඩක් නැහැ. ඒ සදහා යමක් කළ යුතුයි කියන පදනම මත තමයි මම ආවේ. හැබැයි මම කවදාවත් මේ දේශපාලනයට එන්නට කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මම හිතන්නේ නැහැ මෙම දේශපාලන ආගමනය කිසිම පක්ෂයක් හෝ දේශපාලකයෙක් බලාපොරොත්තු වුණා කියලා. ඒ නිසා තමයි ඔවුන් මේ සදහා විවිධ විග්‍රහයන් දෙන්නේ. මේක මුක්කු ගහන පක්ෂයක් ලෙස හදුන්වන්නේ. එහෙම නැත්තම් ඡන්ද කඩන්න එන පක්ෂයක් ලෙස තමයි හදුන්වන්නේ. එසේ වීමට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ. අපි අපේ ආත්මය පාවා දෙන්නේ නැහැ. අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවට නව දේශපාලන ආකාන්‍යක් අවශ්‍යයි කියන අසීමිත විශ්වාසය මත. මෙරටට නිදහසින් පසු බිහි වුණු සියලු ආණ්ඩු විවිධ විදියට අසමත් වෙලා ඒ අසමත් වීමේ උපරිමයට ඇවිල්ලා අපිට බල කර තිබෙනවා දේශපාලනයට එන්න. අපි අභීත තාරුණ්‍යයේ දරුවන්. අපි බය නැහැ. කවුරු හරි හිතනවා නම් අපි බයෙන් පස්ස ගහයි කියලා හැබැයි අපි එහෙම අය නෙවේ. මේක අභීත පක්ෂයක් සහ වැඩපිළිවෙලක් සහිත පක්ෂයක්. ඉතිහාසය පුරාම මේ දේශපාලනයෙන් ලැබුණු දෙයක් නැහැ. අපිට අවශ්‍යයි ඒක නිවැරදි කර ගන්න. ඒක නිවැරදි කර ගන්න ඇත්තේ මේක තමයි. ඒ නිසා මම ඔබට පොරොන්දු වෙනවා ඉතිහාසයේ වුන දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා.

මේ රටේ මිලියන 5 දශම 1ක් වන පවුල්වලින් මිලියන දෙකකට අදටත් සමුර්ධිය ලැබෙනවා. සමහර පවුල්වලට රුපියල් 2500ක් ලැබෙනවා. වැඩිම වුනොත් රුපියල් පහළොස්දහසක් ලැබිලා ඇති. මේ සදහා ආණ්ඩුව රුපියල් බිලියන 200කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා. අපේ අධ්‍යාපනයට වියදම් කරනවාට වැඩියෙන් අපි සමුර්ධියට වියදම් කරලා තියෙනවා. වියදම් කරලා මේ දුගී ජනතාව දුගී තත්ත්වයේම තියාගෙන ඒ අයගේ දේශපාලනය කරනවා. මේ ජාවාරම වසර 30ක පමණ සිට කරගෙන යනවා. ඔවුන් කවදද මේ දුගී තත්ත්වයෙන් ගොඩ එන්නේ. ඔවුන් කවද්ද සතුටින් ඉන්නේ? කාටද රුපියල් 2500න් ජිවත් වෙන්න පුළුවන්? කාටද රුපියල් පහළොස්දහසෙන් ජිවත් වෙන්න පුළුවන්? නමුත් ඒක පවත්වාගෙන යනවා. නමුත් ඔවුන් දුගිභාවයෙන් මුදවා ගන්න වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ රටේ ඉපදුන හැම මනුස්සයෙකුටම සතුටින් ඉන්න ඕන. අපි මේ සතුටින් ඉන්න ඕන රටක දුක් විදින්නේ. ඒකට හේතුව වැඩපිළිවෙලක් නැති දේශපාලන ක්‍රමය නිසා. දුෂිත දේශපාලනයේ පැවැත්ම රදා පවතින්නේ දුගී ජනතාව සිටියොත් පමණයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අවසාන දුගී පවුලටත් ව්‍යවසායකත්වය ගෙන යන්න. ඔවුන්ගේ ආත්ම ශක්තිය එලියට ගන්න අවශ්‍ය වෙනවා. ඔවුන්ට මාසයෙන් මාසයට දෙන දුප්පත්කමේ දීමනාව වෙනුවට ඔවුන්ට කොහොමද ශක්තිමත්ව නැගී සිටලා කොහොමද වැඩ කරන්නේ කියන අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ සදහා අපි ලග වැඩපිළිවෙලක් තියෙනවා. අපි කයිවාරුකාරයෝ නෙවේ.


අපි දේශපාලනය සදහා පොරොන්දු දෙන, ප්‍රතිපත්ති ප්‍රකාශ ලබා දෙන පක්ෂයක් නොවේ. අපි සංඛ්‍යා දත්ත, සමීක්ෂණ හොදට දන්න පක්ෂයක්. ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක් අපි ගේනවා. හැමදාම දේශපාලන වේදිකාවේ කතා වෙන ඍණත්මක කතා වෙනුවට අපි අභිප්‍රයේනය කරනවා ඔබව. කලින් ඇසුණු නැති සටන් පාඨ අපි ගේනවා. අපි මේ රට අන්තර්ජාතිකව තරගකාරී තැනක තියා ගන්න නම් අපේ රට සන්නමයක් හැටියට කොහොමද ඉදිරියට ගෙනයන්නේ කියන හැකියාව අපිට තියෙනවා. අපි හැමදාම සිංහලයා මෝඩයා කියන්නවත් ලංකාවේ මිනිසුන් කුහකයි කියන්නවත් උන්ට මේක කරන්න බැහැ කියන්නවත් අපි ඉඩ තැබිය යුතු නැහැ. අපි එකිනෙකාට අත දෙන ජාතියක් බිහි කරන්න ඕන. එහෙම නැතුව මේක කාවදාවත් කරන්න බැහැ. මේකට එරෙහිවන සියලු දේශපාලන ප්‍රබන්ද, නීරස කතා මේ දේශපාලන වේදිකාවෙන් අතුගා දමන්න ඕන. අපි නව සංකල්ප ගේන්න ඕන.


අපි සාධනීය සංවාදයක එක්වෙමු. ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කරන්න පුලුවන්ද බැරිද කියලා එතකොට බලමු. අපි කතා කරමු ධනාත්මක දේවල්. එහෙම නැතුව වසර 75ක් තිස්සේ කතා කරපු පුහු පොරොන්දු මත දේශපාලනය කරලා කවදාවත් අහිංසක ජනතාවගේ සතුට බලාපොරොත්තු වෙන්න බැහැ. අපි යෝජනා කරනවා මේ සියලු සමුර්ධිලාභීන්ට තමන්ට ජිවත් විය හැකි ආදායමක් ලැබෙන වැඩපිළිවෙලක් ඔබට ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම සියයට 50කට වැඩි ශ්‍රී ලාංකික කාන්තාවන් ඉදිරියටම ගෙනියනවා. ඔවුන් කවදාවත් නොදුටු තැනකට අරන් ගිහින් තමයි නතර වෙන්නේ. ඒ වගේම අපේ රටේ තරුණයන් අපේක්ෂා භංගත්වයෙන් සිටියා නම් ඔවුනට අද වෙනත් රටකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සදහා අපි වැඩපිළිවෙලක් අපි ගේනවා. ඒ වගේම රටකට යම් තරුණයෙක් ගියා නම් ඔවුන් නැවත ම,ඒ රටට එන්න හිතෙන රටක බවට අපි පරිවර්තනය කරනවා. කාර් එකක් ගන්න, ගෙයක් හදා ගන්න හැකි රටක් වහ වහා නිර්මාණය කරනවා. ඒ සදහා අපි දින වකවානු සහිත වැඩපිළිවෙලක් සකසනවා. එතකොට ඔබට වෙනත් රටකට ගිහින් රැකියාවන් තුන හතරක් කරලා දුක් විදින්න ඕන නැහැ.


මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර


නිදා වැටෙමින් කිරා වැටෙමින් සිටි ජාතියකට සිදෙමින් පැවති පණනල යලි පුබුදු කරන්නට ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවනේ නිදහසේ මන්ත්‍රය කවි ලිව්වා. “ඇතොත් රටට ආදරයක් සිතින් සිතා අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා අයුත්කියට අත් දෙක ඔසවන්න එපා.”

අයුත්කියට අත් දෙක ඔසවන්නේ නැති එඩිතරකම ඇති සැබෑ තාරුණ්‍ය හදුනන නායකයෙක් මව්බිම ජනතා පක්ෂයේ දිලිත් ජයවීර රටේ නායකත්වයට පත් කර ගැනීමටයි අපේ උත්සාහය. පසුගිය වසර ගණනාවක රටේ සම්පත් එක තැනකට උරා බොමින් රටේ ජනතාව දුප්පත්කමේ අඩියට දාපු පිරිසක් ජනතාව ප්‍රතික්ෂේප කළා. අපි නම් ගම් සදහන් කරන්නේ නැහැ. එහෙම පිරිස් අපේ පක්ෂයට ආදන්නට අපිට විරුද්ධ අය උත්සහා කරනවා. පිටුපස්සෙන් නූල් සුත්තර කරකවන්න කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන පවුලකට හැකියාවක් නැහැ. මේ රටේ අනාගත නායකත්වය දරන්නෙත් මේ පක්ෂයේ නායකත්වය දරන්නෙත් දිලිත් ජයවීර. අපේ රටේ වටේම තියෙන්නේ මහ මුහුද. උදේට දවල්ට රෑට අපි ලුණු කනවා. ලෙඩ වුනාම ලුණු කැද බොනවා. හැබැයි අපේ රටට වාර්ෂිකව ලුණු මෙට්‍රික්ටොන් 1772ක් ආනයනය කරනවා. මිලියන ගණනක් මේ රටින් පිටරටට ඇදිලා යනවා. ඇයි මේ කරුමේ. මේක පාලකයින්ගේ කරුමය. ඒ කරුමය ජනතාවට හිමි කරලා. අද ඩොලර් හිගයක් ගැන කතා කරනවා. මේ රටේ නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය පිටරටින් ගේනවා. වතුර පවා ආනයනය කරනවා. හතර විලිලජ්ජයි මේ ගැන කතා කරන්න. මේ රටේ තිබුනා ලංකා පරිප්පු කියලා ජාතියක්. මොනවද මේවාට වුණේ. පොල් ත්‍රිකෝණය ඇති රටේ පොල්තෙල් ආනයනය කරනවා. මේවා කොමිස් වැඩ. ඒ නිසා අපි බොරුවට ප්‍රතිපත්ති මාලා දෙන්නේ නැහැ. දේශපානයට එන අප්පුහාමිලා මේකට ඇවිත් අන්තිමට යන්නේ කෝටිපතියෝ වෙලා. මොනවා කරලද? කොමිස් ගහලා. බණ්ඩාරනායක පවුලේ සේනානායක පවුලේ මහා ධනවතුන් තමන්ගේ ධනය දියකර කර මහජන සේවය කළා. හැබැයි මෑත යුගයේ අප්පුහාමිලා ටික කැඩිච්ච කබල් කාර් තල්ලු කර කර පාර්ලිමේන්තු ඇවිත් මහධන සිටානල්ලාගේ බාප්පා වෙච්ච හැටි අපිට මතකයි. ඒ නිසා මිට එරෙහිව නව ගමනක් යන්න මව්බිම ජනතා පක්ෂය අපි සුදානම්.

එම පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම

මේ රටේ දේශපාලනය කරනවා නම් රටේ අනාගතය තීන්දු කරන්නේ බස්නාහිර පළාත. ආණ්ඩු හදන්නේ සහ කඩන්නේ බස්නාහිර පළාත. අද අපේ රටේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැහැ. මෑතකදී කළ සමීක්ෂණයකින් පේනවා සියයට 68ක් මේ රටේ ජනතාව කියන්නේ මේ පාර්ලිමේන්තුවෙන් අපේ ගැටලුවලට විසදුම් දෙන්න බැහැ කියලා. ප්‍රශ්න දවසින් දවස වැඩිවෙනවා. අපේ සම්පත් හරියට ප්‍රයෝජනයට අරගෙන නැහැ. ඒ වගේම මේ රටේ ඡන්දදායකයින්ගෙන් සියයට 60ක් තවම තීරණය කරලා නැහැ අපි කාටද සහය දෙන්නේ කියලා. අපේ අර්බුදය එක දුෂණය. ලෝකයේ කුමන රටේද හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක් ශේෂ්ඨාධිකරණය හමුවේ වැරදිකරුවන් වුණේ. ඒ නිසා ජනතාව සිතිය යුතු දේවල් මේවා. එම නිසා දැන් එකම විසදුම මව්බිම ජනතා පක්ෂයයි. අපි පොරොන්දුවක් ලබා දෙනවා. අපේ රජයක් යටතේ මේ රටේ සෑම දරුවෙකුටම ඒ අයගේ දිවා ආහාරය දිනපතා ලබා දෙනවා. වෙන කිසිම පක්ෂයකට පුලුවන්ද මෙවැනි පොරොන්දුවක් දෙන්න? එහෙම තමයි අපි කටයුතු කරන්න ඕන.

– Media unit

COMMENTS

BLOGGER: 1
Loading...
PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28642,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා බලය ගත්තාම හැමෝටම නිවසක්, කාර් එකක් සහතිකයි... දෙන දිනත් ෆික්ස් කර අවසන් - දිලිත් ජයවීර
මා බලය ගත්තාම හැමෝටම නිවසක්, කාර් එකක් සහතිකයි... දෙන දිනත් ෆික්ස් කර අවසන් - දිලිත් ජයවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhG4KINyGSE7ORPjY2KCLWLceCMY-S7dYWXWBQSY0UNOfN9Z5SsQfvBnom_3YEtcrmxdSHsW8I_Iumn2Q7pftkvDpi4RFgTsjUQgr2WVvYOeo-4FMgkCuNybC-IsxcotMr_2rfdl9HNXH1AVMDQkDkSf52OL6TPFeErBMgMxY2nhnTgitgsNY706QMe7Ncq/s320/dilith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhG4KINyGSE7ORPjY2KCLWLceCMY-S7dYWXWBQSY0UNOfN9Z5SsQfvBnom_3YEtcrmxdSHsW8I_Iumn2Q7pftkvDpi4RFgTsjUQgr2WVvYOeo-4FMgkCuNybC-IsxcotMr_2rfdl9HNXH1AVMDQkDkSf52OL6TPFeErBMgMxY2nhnTgitgsNY706QMe7Ncq/s72-c/dilith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy