දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද?
Homeප්‍රවෘත්ති

හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද?

PropellerAds

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ගම්පල විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදාට අයත් බව කියන හග්ගලින් ...

අනේ අපිට බෙහෙත් දියල්ලා! අපි මැරෙන්න යන මිනිස්සු! වකුගඩු රෝගීන් බෙහෙත් ඉල්ලා වැඳ වැටෙයි! (VIDEO)
ගෑස් පිපිරුම් ගැන ගම්මන්පිලගෙන් හෙලිදරවුවක්.. ‘මකැප්ටන්’ යයි ප‍්‍රබල සැකයක්!
මත්තලින් ඉස්සූ හරක් සෙට් එකක් ඇමති ලේකම් මස් කරන්න හදලා!
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ගම්පල විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදාට අයත් බව කියන හග්ගලින් සොයාගත් නිවාඩු නිකේතනය 2004 වසරේ සිට වෙලේ සුදාගේ බිරියගේ නමින් තිබී ඇති එකක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

වෙලේ සුදාට අයත් නිවාඩු නිකේතනයක් නුවරඑළියේ ඇති බව කාලයක් තිස්සේම පොලිසිය පවා දැන සිටියත් මෙම නිවාඩු නිකේතනය වටලා ඇත්තේ කැප්පෙටිපොළ පොලිසියේ නිලධාරීන්ය. 2010 වසරේ සිට එම නිවාඩු නිකේතනය සංචාරකයන්ට දෙමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පොලිස් නිලධාරීන්ද ඔවුන්ගේ පවුල්වල අයද බන්ධනාගාර නිලධාරීන්ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිවාඩු ගත කිරීමට එහි පැමිණ ගොස් ඇති බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කළේය.

වෙලේ සුදාව 2015 වසරේදී පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ පසු ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය. මුදල් විශුද්ධිකරණයෙන් සිදු කළ මෙරට පළමු විමර්ශනය එය වන අතර, එහිදී රුපියල් කෝටි 18ක දේපොළ සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයකින් නිවෙසක් ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිත ගොඩනැගිලි රන් භාණ්ඩ ඇතුළු දේපොළ රැසක්ම තිබී ඇත. මෙම දේපොළ තිබී ඇත්තේ වෙලේ සිදාගේ බිරියගේ සහ බිරියගේ නැඟණියගේ නමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2014 වසරේ සිට වෙලේ සුදාගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර 2015 වන විට කෝටි 18ක දේපොළ සොයාගත්තද මෙම නිවාඩු නිකේතනය සොයාගත්තේ නැත.

එම කෝටි 18ක දේපොළ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ මේ වන විට නඩු කටයුතු පැවැත්වෙන අතර මුදල් විශුද්ධිකරණයෙන් චෝදනා ලැබ සිටින්නේ වෙලේ සුදාත්, බිරියත් නැඟණියත් පමණි.

මේ වන විට වෙලේ සුදාගේ බිරිය බන්ධනාගාර ජේලර්වරයකු සමඟ සම්බන්ධකම් පවත්වන බැවින් ඒ සම්බන්ධයෙන් වෙලේ සුදා සිටින්නේ දැඩි වෛරයකින් බ‍ව පොලිස් තොරතුරු අනාවරණය කළේය. බිරියගේ නමින් හග්ගල තිබුණු මෙතෙක් පොලීසියකට සොයාගන්න බැරි වුණු එම නිවාඩු නිකේතනය සොයාගනු ලබන්නේ ද මෙවැනි තත්ත්වයක් මත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ තත්ත්වය මත මෙතෙක් කලක් සොයාගැනීමට නොහැකි වුණු බිරියගේ හා ඇයගේ නැඟණියගේ නමින් ඇති තවත් දේපළ රැසක් ඉදිරියේදී සොයාගැනීමට හැකි වනු ඇති බව විශ්වාස කරන බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හග්ගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනය පිළිබද තොරතුරු ලැබී පොලිසිය එය වටලන්නේ පසුගිය 22 දාය.

කැප්පෙටිපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් හක්ගල පන්සල අසල මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයාගෙන් සෘජුවම ලැබුනු උපදෙසක් මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය පොලිස් නිල සුනඛයන් හා යුධ හමුදාවේද සහය ඇතිව මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කල අතර මෙම දේපල රාජසන්තක කිරීමට අදාල පරීක්ෂණ කටයුතු මේ වන ආරම්භව තිබේ. මෙම ස්ථානය වටලන අවස්තාවේදී එම ස්ථානය බලා ගැනීමට වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිට ඇති අතර ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් කර විස්තර සටහන් කර ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම නිවාඩු නිකේතනය පොලිසිය වැටලුවද එහි ව්‍යාපාරික කටයුතුවලට මෙතෙක් බාධාවක් එල්ල වී නැත. දේපළ තහනම් කිරීමක්ද සිදු වී නැති බවත්, ඊට අදාළ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතාගේ ඍජු අධීක්ෂනය යටතේ බණ්ඩාරවෙල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී බී.එච්.එස්. කලණසිරි හා සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චානක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් වැටලීමකර තිබිණි.

-දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ, වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී
 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද?
හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguxErb7EEtsiHro_Xl3OW23pnvuRS5RWwYkmo2hvn-Dh1VGqmmTvUAr9JdmsDvuce_HGBcRPQjhiOQ7MQZTgEPJDdqbVnVcCUTPHIODuCz06R5nLpVvBDS0eqPMB9FCsQzpj-h3v835n18merY1fQslXkQocHVkU_33yGj2iGwKwQT6-z5BfvEraVxQbcX/w320-h169/wele-suda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguxErb7EEtsiHro_Xl3OW23pnvuRS5RWwYkmo2hvn-Dh1VGqmmTvUAr9JdmsDvuce_HGBcRPQjhiOQ7MQZTgEPJDdqbVnVcCUTPHIODuCz06R5nLpVvBDS0eqPMB9FCsQzpj-h3v835n18merY1fQslXkQocHVkU_33yGj2iGwKwQT6-z5BfvEraVxQbcX/s72-w320-c-h169/wele-suda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/2010.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/2010.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy