දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලිංග සහ මැතිව්ස්ගේ අත්දැකීම් ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි
Homeප්‍රවෘත්ති

මාලිංග සහ මැතිව්ස්ගේ අත්දැකීම් ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි

PropellerAds

ල සිත් මාලිංගගේ අත්දැකීම් සහ වසර එක හමාරකට පසු ඇන්ජලෝ මැතිව්ස් යැවූ පන්දුවාරය හේතුවෙන් ගිලිහෙමින් තිබූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේ ...

රෝහලින් පැන්න කොරෝනා ආසාදනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා නිවසේ සැඟව සිටියදී වහලේ උළු ගලවා පොලිසිය අල්ලා ගනී
පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව කළුතර රෝහල්වලට දුන් ඇඳන්වලට මොකද වුණේ? (VIDEO)
කොරෝනා මහ රැල්ලට පෙර ඉන්දියාව වගේම වෙයි.. ගංගාවට බැස මහා පිරිස් ආගමික උත්සවයක..
සිත් මාලිංගගේ අත්දැකීම් සහ වසර එක හමාරකට පසු ඇන්ජලෝ මැතිව්ස් යැවූ පන්දුවාරය හේතුවෙන් ගිලිහෙමින් තිබූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේ ජය ඊයේ (01) රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා පිල සතු වුණා. මෙම කණ්ඩායම් 02ම මේ වනවිටත් ලෝක කුසලානයෙන් ඉවත් වී සිටින බැවින් ඊයේ තරගය දෙපිලේම ගෞරවයට එක සේ වැදගත් තරගයක්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී කණ්ඩායමක් ලෙස රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කර ගනිමින් කඩුලූ 06කට ලකුණු 338ක් රැස් කළා.

එහිදී සිය මංගල එක්දින ශතකය රැස්කර ගනිමින් තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දු ලබාගත් ලකුණු 104 කැපී පෙණුනා.

ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන්ට ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා ආරම්භක පන්දු යවන්නන් ලෙස ප‍්‍රබල අභියෝගයක් එල්ල කළා. සිය පළමු පන්දුවාර කිහිපයේදී ලසිත් මාලිංග කොදෙව් මුල්පෙල කඩුලූ 02ක් බිඳ දැමීමත් සමග ඔවුන්ගේ ලකුණු හඹායාම අඩාල වුණා.

පන්දුවාර 35ක දී ලකුණු 199කට කඩුලූ 06ක් බිඳ වැටී ජයග‍්‍රහණය ඈතට යමින් සිටි කොදෙව් කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කිරීමට නිකොලස් පුරාන් සහ ෆැබියන් ඇලන් සමත් වුණා.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන පුරාන් එහිදී පන්දු 103ක දී ලකුණු 118ක් රැස් කළා. ඒ, ඔහුගේ මංගල එක්දින ශතකයයි. ඇලන් පන්දු 32ක දී ලකුණු 51ක් රැස් කළ අතර ඔවුන් දෙදෙනා 07වන කඩුල්ල වෙනුවෙනු ගොඩනැගු සබඳතාව ලකුණු 83ක්.

පන්දු යවන්නන් 05 දෙනෙකු පමණක් එක්කර ගනිමින් ශ‍්‍රී ලංකා පිල ඊයේ තරගවැදුණු නමුත් කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් කොදෙව් පිලට පහසුවෙන් ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීමට හැකි වුණා.

කසුන් රාජිත සිය පන්දුවාර 10දී ලකුණු 76ක් කොදෙව්වන්ට ලබාදුන් අතර වැන්ඩර්සේ පන්දුවාර 07ක දී ලකුණු 50ක් ලබාදුන්නා. පාසල් ක‍්‍රීඩකයෙකුටත් වඩා පහළ මට්ටමෙන් වැන්ඩර්සේ සිදු කළ ඇතැම් පන්දුවාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් පවා විවේචන එල්ල කළා. එමෙන්ම කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ ඉසුරු උදාන අතින් පහසු උඩපන්දු 03ක් ගිලිහී යාම ද තරගයේදී දැකගත හැකි වුණා.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නිකොලස් පුරාන් කඩුල්ලේ රැදී සිටීම හේතුවෙන් එක් අවස්ථාවක දී ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට පවා එක් පන්දුවාරයක් ක‍්‍රියාත්මක කිරීමට සිදු වුණා.

වැන්ඩර්සේගේ දුර්වල පන්දුයැවීම හේතුවෙන් තරගයේ 48 වන සහ අවසන් පන්දුවාරය යැවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පිලට මතුවුයේ දැඩි ගැටළුවක්. ඒ අනුව 48 වන පන්දුවාරය යැවීමේ වගකීම තමන් අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලානයේ තමන් යැවූ පළමු පන්දුවෙන් නිකොලස් පුරාන් දවා ගනිමින් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය අත්කර දුන්නා.

පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියේදී පන්දු යැවීම සිදු නොකිරීමේ අපේක්ෂාවෙන් සිටි මැතිව්ස් මෙලෙස පන්දුවාරයක් ක‍්‍රියාත්මක කළේ 2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුවයි.

මෙම තරගය නැරඹීම සඳහා ලෝක ප‍්‍රකට ගායිකා රිහානා ද කොදෙව් කණ්ඩායමේ දිරිගන්වන්නියක් ලෙස සහභාගී වී සිටීමද ලොවපුරා කාගේත් කතාබහට ලක්වුණා.  මේ අතර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියා - බංග්ලාදේශ තීරණාත්මක තරගය අද (02) පැවැත්වෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිංග සහ මැතිව්ස්ගේ අත්දැකීම් ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි
මාලිංග සහ මැතිව්ස්ගේ අත්දැකීම් ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg88SxPKLMZ0Xg-bAbxZD2gbeALKPeRCzaFUleZPoXzhYNSGJG0MaTWVN-czV0jNTlTjjaZ-Vbrv1DHjKiqRu1kDf5x_sSoFf0_Z7NifmltnvJKf6VmPiPzwVBVz0FWcF8CJFb1bj59Ceqk/s320/9f66ee8fe121cf73d48799a45f2547c4bd4736cf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg88SxPKLMZ0Xg-bAbxZD2gbeALKPeRCzaFUleZPoXzhYNSGJG0MaTWVN-czV0jNTlTjjaZ-Vbrv1DHjKiqRu1kDf5x_sSoFf0_Z7NifmltnvJKf6VmPiPzwVBVz0FWcF8CJFb1bj59Ceqk/s72-c/9f66ee8fe121cf73d48799a45f2547c4bd4736cf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy