පසුගිය 07 වැනිදා ඊශ්‍රයාලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් ජීවික්ෂයට පත් වූ බවට ඊශ්‍රයාල රජය විසින් තහවුරු කරන ලද ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක්...
පසුගිය 07 වැනිදා ඊශ්‍රයාලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් ජීවික්ෂයට පත් වූ බවට ඊශ්‍රයාල රජය විසින් තහවුරු කරන ලද ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් වූ අනුලා ජයතිලකගේ දේහයේ අනන්‍යතාවය වඩාත් තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදුකිරීමට තීරණය කර ඇතැයි ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඒ සදහා ඇයගේ දරුවන් දෙදෙනාගේ සහ නැගනියගේ ඩී.එන්.ඒ සාම්පල සමග දේහයේ ඩී.එන්.ඒ සාම්පල සසඳා බලා නිගමනයට ඒමට නියමිත බවය.
කෙසේ වෙත්ත අනුලා ජයතිලක හමාස් සටන් කරුවන් අතර ප්‍රාණ ඇපකරුවෙක් ලෙස සිටින්නී ද යන්න පිළිබඳව සැකයක් මේ මස දෙවැනි සතියේ නිව්ස් සෙවන් වෙබ් අඩවියේ පලවූ වීඩියොවක් සමග සැකයක් ඇති වි තිබිණි.
ඇය සේවය කළ නිවසේ අය මෙන්ම ඊශ්‍රයාල රජය ද මේ වනවිට තහවුරු කර ඇත්තේ අනුලා ජයතිලක හමාස් වෙඩික්කරුවන් විසින් ඝාතනය කර ඇති බවය.
-lankasara
COMMENTS