පිරමිඩාකාර ව්‍යාපාර යැයි චෝදනා එල්ලවන සමාගමක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප‍්‍රචාරක අනුග‍්‍රහයන් දක්වමින් සිටී. ඊයේ ආරම්භ වූ එම...
ඊයේ ආරම්භ වූ එම තරගාවලියේ ප්‍රධාන තිරයේ මෙන්ම හතරේ සීමාව අසන්නයේච ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කර ඇති බව දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මෙම සමාගම ක්‍රිප්ටෝ මුදල් ඒකක හරහා ආයෝජනය කරන බව පවසමින් නිත්‍යානුකූල නොවන ආකාරයේ මුල්‍ය වෙළදාමක නිරත වන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
නමුත් අදාල සමාගමට ක‍්‍රිප්ටො මුදල් ඒකක සදහා වන විනිමය හුවමරුවක් හෝ දක්නට නැති බව නිරීක්‍ෂණය වෙයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ හැර වෙනත් කිසිම රටත මෙම ව්‍යාපාරය සිදු නොවන බව ගූගල් සෙවුම් දත්ත තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද දැනටමත් සමීප නිරීක්ෂණයක යෙදෙමින් සිටී.

COMMENTS