එක්සත් ජාතික පක්ෂය හැර ගිය අය මෙන්ම සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්සත් ජාතික පක්ෂයට එකතු වීම වැඩි වී ඇතැයි එම පක්ෂය...
මේ දිනවල සිරිකොත එජාප මූලස්ථානය කාර්යබහුල වී ඇතැයිද ඔහු පැවසීය.
වෙනත් දේශපාලන පක්ෂ සංවිධායකයන්, ප්‍රාදේශීය නායකයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වූ අය අතර සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ආසන බල මණ්ඩල 80ක ඉලක්කයක් සපුරන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බැවින් එම ඉලක්කය වෙනුවෙන් පක්ෂ නිලධාරී කණ්ඩායම වෙහෙස වෙමින් සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.
COMMENTS