ලැබුනොත් මිනිස්සු ඒ කරපු වෙනස වෙනස්ම විදියට වෙනස් කරයි කියලා හිතන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් පවසයි. ම...
ලැබුනොත් මිනිස්සු ඒ කරපු වෙනස වෙනස්ම විදියට වෙනස් කරයි කියලා හිතන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් පවසයි.
මහනුවර කළහකාරී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා බෝගම්බර බන්ධනාගාරයට අද පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියහ.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දක්වනු ලැබීය.
“සමහර දරුවෝ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ, සමහර දරුවන්ගේ වයස අවුරුදු 16යි, 17යි. පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ලබන මාසේ උසස්පෙළ විභාගයට මුහුණ දෙනවා. කිලෝමීටර් 17ක් දිගට එක සිද්ධියක් ඇදෙනකොට ඒකෙ වගකීම දැරිය යුත්තේ මේ රටේ ආරක්ෂක අංශය. ඒ ගැටුම් ඇති කරපු පාර්ශ්වයන් ගැන මේ වෙනකන් හෙළිදරව්වක් නැහැ. ගාල්ලේදී සිදුවීමක් ඇති වුණා, අලුත්ගමදී සිදුවීමක් ඇති වුණා, අම්පාරේදී සිදුවීමක් ඇති වුණා, ගම්පොලදී සිදුවීමක් ඇති වුණා, ඉන්පසු තෙල්දෙණියේදී සිදුවීමක් ඇති වුණා. නමුත් අවාසනාවකට මේ රටේ පාලකයෝ යම් යම් සිද්ධීන් නිර්මාණය කරනවා තමන්ගේ නිරුවත වසා ගැනීම සඳහා. අපි මේ රජයේ බලධරයන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ඉතාම ඉක්මණින් මොනා හරි නඩුවක් පවරලා මේ අයට ඇප ලබා දීලා ඔවුන්ට නිදහස් පුද්ගලයන් හැටියට මේ සමාජයේ කටයුතු කරන්න ඉඩ ලබා දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ධර්මයේත් කියමනක් තියෙනවා වපුරපු හැටියට තමයි අස්වැන්න ලබන්නේ කියලා. 2015 ජනවාරි 08ට කලින් කිව්වා මේ කරන්න හදන වෙනස විනාශයකින් තමයි කෙලවර වෙන්නේ කියලා. අවස්ථාවක් ලැබුනොත් මිනිස්සු ඒ කරපු වෙනස වෙනස්ම විදියට වෙනස් කරයි කියලා අපි හිතනවා.”
COMMENTS