අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් හෙට(26) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ...
අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් හෙට(26) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද (25) පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කල බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.
දේශපාලන පළිගැනීම් මුවාවෙන් ලබාදී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව නියෝජනය කරන වෘත්තිය සමිති හෙට දිනයේ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ අතර එහිදී අදාල පත්වීම් තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා එකඟවූ බව මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
මාසයක කාලයක් ඇතුළත ස්වාධීන කමිටුවක් මඟින් එම පත්වීම් පිළිබඳ නැවත විමර්ශනය කිරීමට ද එහිදී තීරණය වූ බව ඔහු කියා සිටියේය.
COMMENTS