සියලු පක්ෂ වලට චීනයෙන් සල්ලි ලබා දුන් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පවසයි. ඒ ඊයේ (24) පැවති ...
සියලු පක්ෂ වලට චීනයෙන් සල්ලි ලබා දුන් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පවසයි.
ඒ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“දැන් රන්ජන් කියනවා හරි වන් ෂොට්නේ. කිව්වොත් මිනිස්සු පිළිගන්නවනේ මේ චරිතේ. දැන් මෑතකදී ඔහු තමයි නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පත සම්බන්ධව මහින්ද රාජපක්ෂ සල්ලි ගත්ත කියලා කිව්වම ජනාධිපතිවරණයට පෙර. FCID එකට ගිහිල්ලා පැමිණිලි කළා. දැන් මේ චිනේ දීලා තියෙනවා පක්ෂ ඔක්කොටම සල්ලි. ඔක්කොටම දීලා තියෙනවා.ඔක්කොටම බෙදලා තියෙනවා. මේ සම්බන්ධව පැමිණිලි දැම්මට ඒවා එක තැනම නතර වෙන්නේ ඇයි? ගෙනියන්න බැහැ නඩුව, චෙක්පත් ඔක්කොටම දීලා තියෙනවා. දැන් කට්ටිය කියයි අජිත් ප්‍රසන්න ආණ්ඩු පක්ෂයේ කට්ටියම විවේචනය කරනවා කියලා. හැබැයි එහෙම නැහැ. දැනට සති දෙකක්වත් නැහැ කුමාර වෙල්ගම ඇමතිතුමා ගිය පාර ආණ්ඩුවේ සිටියදී CTB එකට කුමාර වෙල්ගම දැවැන්ත දුෂණයක් කළා. මට පක්ෂයක් නැහැ. මම ස්වාධින පුද්ගලයෙක්. මම එක්තරා කාලෙක පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙලා හිටියා. මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා මම ස්වාධින පුද්ගලයෙක්. තව හෙළිදරව් කරන්න සූදානම්.”
COMMENTS