දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
EXCLUSIVE : ආගමික ගැටුමක් හදන්න විදේශයකින් මුදල්!  භික්‍ෂු ගිණුම්වලටත් ලැබෙයි!
Homeප්‍රවෘත්ති

EXCLUSIVE : ආගමික ගැටුමක් හදන්න විදේශයකින් මුදල්! භික්‍ෂු ගිණුම්වලටත් ලැබෙයි!

PropellerAds

“ආගමික ජාතික සංහිදියාව විනාශ කරනු ලබන සමාජ මාධ්‍ය යේ කැපී පෙනෙන අයට සහාය ලබා දෙන්න එපා. මේ කණ්ඩායම්වලට විදේශීය රටවලින් සහාය ලබා දෙනවා කියල...

ලංකාවේ බෞද්ධ උරුමයන් හා කෝවිල් සංවර්ධනයට මෝඩි අතගහයි! අවුරුද්දට ඩොලර් මිලියන් 3ක් වියදම් කරන්න නියෝග දීලා…!
දුප්පතුන්ට දෙන සහන මල්ලට නාගරික කොමසාරිස්වරිය පොල්ල දමයි... මන්ත්‍රීවරු උපවාසයක් අරඹති - (video)
'මගෙන් අහන්නේ නැතිව කොහොමද නිව්ස් දාන්නේ' - ලොහාන්ගේ නිව්ස් එකක් ගියාට ඇමැති වියලේන්ද්‍රන් මාධ්‍යවේදියාට තර්ජනය කර යකා නටයි - (video)
“ආගමික ජාතික සංහිදියාව විනාශ කරනු ලබන සමාජ මාධ්‍ය යේ කැපී පෙනෙන අයට සහාය ලබා දෙන්න එපා. මේ කණ්ඩායම්වලට විදේශීය රටවලින් සහාය ලබා දෙනවා කියලා තොරතුරු පවතිනවා. අපේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලාටත් එහෙම මුදල් එනවා කියලා හෙලිව තිබෙනවා” අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි  පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමිනි

සමාජ මාධ්‍ය පාලනය කළ නොහැකි වුවත් ඔවුන් කරනු ලබන ප්‍රකාශ සදහා නීතිමය පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා,

“ බහු භාෂික බහු ජාතික බහු ආගමික ජනතාවක් ඉන්න රටක් ලෙස අපිට සංහිදියාව ඉතා වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. එහෙත් එම නිදහස භාවිතා කළ යුත්තේ කුමන ආකාරයෙන් ද යන්නත් ව්‍යවස්ථාවේ පැහැදිලිවම සදහන් කර තිබෙනවා. භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීම භාවිතා කළ යුත්තේ ජාතික හා ආගමික සමගියට හානි නොවන පරිදි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් කර තිබෙනවා. ජනතාව භේද භින්න කරන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් නැහැ. අපේ රටේ ආගමික සුහදත්වය බිද දැමීමට බොහෝ අය උත්සාහ කළා. කිසිම ආගමකින් කියලා නැහැ තවත් ආගමකට අපහාස වන ආකාරයට කටයුතු කරන්න කියලා. ඒ නිසා අනිත් ආගම්වලට හානි නොවන පරිදි කටයුතු කරන්න අපි සියලු දෙනා වග බලා ගත යුතුයි. වෙනත් අය ගරු කරන ආගමික ශාස්තෘවරුන්ට අගෞරව වන පරිදි අපි කටයුතු නොකළ යුතුයි.

එහෙම කටයුතු කරනු ලබන පුද්ගලයින්ට දිය හැකි දඩුවම් පිළිබදව දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිවම සදහන් වෙනවා. අපේ රටේ සියලු දෙනාට පවතින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ආරක්ෂා කරනවා. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපි පිළි අර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවැනි වෛරී අදහස් ප්‍රකාශ කරන අයට එරෙහිව වසර දහයක් දක්වා සිර දඩුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒ අයිතිය තිබෙන්නේ සීමාවන්ට යටත්ව කියලා අපි අවබෝධ කර ගත යුතුයි. ආගමික සමගියට බාධා කරන අය ඉන්නවා නම් අපි ඒ පිළිබදව ක්‍රියා කරනවා.
 
නීතිය ක්‍රියාත්මක කරනවා. සත්‍ය ගවේෂණය කිරීමේ නව යාන්ත්‍රණයක් සකස් කිරිම අපි ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අපි සත්‍ය ගවේෂණය කිරීමට මුලිකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. තම තමන්ට කැමති ආගමක් ඇදහීමේ අයිතියක් අදහන්න අයිතියක් තිබෙනවා. වෙන කෙනෙක් අදහනු ලබන ආගමකට හානි වන දේ කරන්න එපා. එහෙම කළොත් තරාතිරම නොබලා ක්‍රියා කරනවා. ශ්‍රී ලංකාව තුළ වසර දහස් ගණනක් ජනතාව සමගියෙන් ක්‍රියා කළා. ඒ සමගියට බාධා වන දේ කරන්න ඉඩ දෙන්න බැහැ. ශ්‍රී ලංකා රාජ්‍ය බිද දැමීම සදහා ජාත්‍යන්තර හා දේශීය වශයෙන් කටයුතු කරන බව පැහැදිලියි.

කාරුණිකව සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මාධ්‍ය භාවිතය අවභාවිතා කරන්න එපා. සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු වන්නේ සමාජයට හිතකර වන ආකාරයටයි. ඒ නිසා ආගම්වලට හානි වන අයුරින් අගෞරව වන ආකාරයට ක්‍රියා කරන්න එපා. ”එවැනි කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජන ජීවිතය අඩාලවීම බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
 
මාධ්‍ය වේදින් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
 
වර්තමානය වන විට උද්ගතව ඇති ආගම් විරෝධි හා වෛරී අදහස් ප්‍රකාශ කිරීමේ තත්ත්වය සංවිධානාත්මකව සිදු කළ දෙයක් බව අනාවරණය වී තිබෙනවා. අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවභාවිතා කරනු ලබන අය ඉන්නවා. අවස්ථාවාදී දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. රටක කුමන ආකාරයේ සම්පත් පැවතියත් නීතියේ ආධිපත්‍යය බිද වැටිලා නම් රට කඩා වැටෙනවා. ජනතාව අතර සංහිදියාව නැති කරන අයට අනවශ්‍ය ලෙස ඇතැම් ප්‍රධාන මාධ්‍ය තුලින් ප්‍රසිද්ධිය ලබා දෙනවා. ඒ නිසා ආගමික ජාතික සංහිදියාව විනාශ කරනු ලබන සමාජ මාධ්‍ය යේ කැපී පෙනෙන අයට සහාය ලබා දෙන්න එපා. මේ කණ්ඩායම්වලට විදේශීය රටවලින් සහාය ලබා දෙනවා කියලා තොරතුරු පවතිනවා. අපේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලාටත් එහෙම මුදල් එනවා කියලා හෙලිව තිබෙනවා. රට නැවතත් ගොඩ ගන්න උත්සාහ කරන කොට නැවතත් විනාශ කරන්න එදනවා. දැන් ඇතැම් අය බෞද්ධ ආගමට හා භික්ෂුන් වහන්සේලාට අපහාස කරලා විනාශ කරන්න හදනවා.

විකාශන අධිකාරී පනතක් ගෙන ඒම තුළින් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මර්දනය කිරීමක් වන්නේ නැහැ. මේ පනත් කෙටුම්පත සකස් කර තිබෙන්නේ මාධ්‍ය සිදු කරනු ලබන කටයුතු තවදුරටත් හොදින් කිරීමට සහාය වීමටයි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධව සියලු මාධ්‍ය සමග ඉදිරියේදී සාකච්ඡා කරනවා. වෛරී ප්‍රකාශන විද්‍යුත් මාධ්‍ය, පුවත් පත්,Tik Tok,Face book මේ කුමන මාධ්‍යයෙන් පළ කළත් වරදක් වෙනවා. නමුත් සමාජ මාධ්‍ය පාලනය කරන්න රජයට බැහැ. සමාජ මාධ්‍ය තුළින් සිදු කරනු ලබන වෛරී අදහස් සම්බන්ධව නීතිමය පියවර ගන්න පුළුවන්.

මේ විදිහට ක්‍රියා කරන්න ගියොත් ජනතාව විසින් ඇතැම් සමාජ මාධ්‍ය පාලනය කරන්න යොමු වෙන්නත් පුළුවන්. නව විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගෙන එන්නේ මාධ්‍ය පාලනය කරන්න නොවෙයි කියන එක අවධාරණය කරන්න ඕන. අපිට සමාජ මාධ්‍ය පාලනය කරන්න නීති සකස් කරන්න බැහැ යනුවෙන් ද අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: EXCLUSIVE : ආගමික ගැටුමක් හදන්න විදේශයකින් මුදල්! භික්‍ෂු ගිණුම්වලටත් ලැබෙයි!
EXCLUSIVE : ආගමික ගැටුමක් හදන්න විදේශයකින් මුදල්! භික්‍ෂු ගිණුම්වලටත් ලැබෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiPgSdMm6T6ddV48MNVgXD4PS6Syr_zccYzbqjFeX9SCrp5BhHpZDAeD7igQ8uUB_l3W9OLZdWd95v0cao2-9NJRb4Xr1k7GVBqcsdUSOvYhJVd0iCh1-TUColmG6Cl74PL9VmsBvrjpcs4xKfjWHO4EmR5u1JttVa9Isw9IqzyTmHp6MBhKVq0A/s320/news.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiPgSdMm6T6ddV48MNVgXD4PS6Syr_zccYzbqjFeX9SCrp5BhHpZDAeD7igQ8uUB_l3W9OLZdWd95v0cao2-9NJRb4Xr1k7GVBqcsdUSOvYhJVd0iCh1-TUColmG6Cl74PL9VmsBvrjpcs4xKfjWHO4EmR5u1JttVa9Isw9IqzyTmHp6MBhKVq0A/s72-c/news.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/exclusive.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/exclusive.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy