රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා රජය කිසිවිටෙකත් පසුබට නොවන බව අධිකරණ අමාත්‍ය විජේ...
අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර තිබෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සමාජය නොමග යවමින් සිටින බවය.
එලෙස සමාජය මුලා කරන පුද්ගලයින්ට සිදු වන්නේ ජීවිත අනතුරේ හෙළීමට බව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේ දී සඳහන් කර ඇත.
පසුගිය වසරේ රට අරාජික වූ අවස්ථාවේ රටේ අභියෝගය භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේ තමා බවත් ඉන්පසුව තමන්ට ද අමාත්‍යධූරයක් ලබා ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයක දී ඉල්ලීම් සිදු කරන ලද බවත් ඔහු සඳහන් කරයි.

COMMENTS