මහ බැංකු පනත් කෙටුම්පත වැනි දෝෂ සහිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බව නීතීඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා පෙන්වා...
ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පිටු 54කින් යුත් වාර්තාවක් පාර්ලිමේන්තුවට එවා ඇති නමුත් කවුරුන් හෝ නිලධාරියකු එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට කතානායකවරයාට වැරදි උපදෙසක් ලබා දී ඇති බවත්ය.
එමෙන්ම මෙම කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් කර නොමැති බවත්, පිට යම් තැනකින් එය සකස් කොට එවා ඇති බවත්, ඊට කොපමණ මුදලක් වැය කර තිබේද යන්න අනාවරණය කළ යුතු බවත් ඒ මහතා කීය.

COMMENTS