දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉෂාරාට ITNහිදී වූ කරදරයට ජනපතිට මැදිහත්වන්නැයි ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ඉෂාරාට ITNහිදී වූ කරදරයට ජනපතිට මැදිහත්වන්නැයි ඉල්ලයි

PropellerAds

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ඉෂාරා දේවේන්ද්‍ර මාධ්‍යවේදිනියට යුක්තිය ඉටු කර...

වන ඝනත්වය වර්ධනය කරනවා - ජනපති
විදුලි අවශ්‍යතාවයෙන් 52% නොරොච්චෝලෙන්
ගුරු සේවයේ වෙනසකට රජය සැරසෙයි 
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඉෂාරා දේවේන්ද්‍ර මාධ්‍යවේදිනියට යුක්තිය ඉටු කරනු!

ස්වාධීන රෑපවාහිණී සේවයේ (ITN) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වූ ඉෂාරා දේවේන්ද්‍ර සිය මුහුණු පොතේ සටහනක් තබමින්, ආයතන ප්‍රධානියෙකුගෙන් තමන්ට විවිධ ලිංගික අතවරයන්ට නිරන්තරව මුහුණදීමට සිදුවූ බව පවසා තිබේ. මාධ්‍යවේදිනියක් ලෙස මේ ම්ලේච්ඡ ක්‍රියාව නොබියව හෙළිදරව් කිරීමට ඇය ගත් පියවර හා ඇයගේ ධෛර්‍ය්‍ය සම්පන්න භාවය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩි ලෙස අගය කරන‍ු ලබයි. මේ  පිළිබඳව ආයතනයේ සභාපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට සාක්ෂි සහිතව පැමිණිලි කළ ද කිසිදු වගකිවයුත්තෙකු සිය අවධානය යොමු නොකළ බවත්, ඒ නිසාම තම ආත්ම ගෞරවය රැකගැනීම සඳහා ඇය සේවයෙන් ඉවත්වීමට තීරණය කළ බවත් පවසා තිබේ.

මෙවැනි අතවරයන්ට කාන්තාවන් නිරන්තරව මුහුණ දෙන පරිසරයක් ආයතනය තුළ පවතින බව ඇය වැඩිදුරටත් පවසා තිබේ. කාන්තාවන්ට  ලිංගික හිංසනයන් සිදුකරමින් නිදහසේ ආයතන තුළ වැජඹෙන්නට මෙවැනි පුද්ගලයන්ට දේශපාලන රැකවරණයන් ලැබීම අපේ රටතුළ සුළභ ඛේදවාචකයකි. එබැවින් රටේ දේශපාලන නායක්ත්වය මේ සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළයුතුව පවතී.

කාන්තා හිංසනය, ලිංගික අපචාර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දණ්ඩනීති සංග්‍රහය යටතට ගැනෙන බරපතල වරදකි. මෙම සිදුවීම, එවැනි වැරදි සිදුකරමින් මෙවැනි පුද්ගලයන් නිදහසේ හැසිරීම අපේ රටේ රාජ්‍ය පාලනයේ පවතින දුබලතා හෙළිවන තවත් අවස්ථාවකි. සිය ප්‍රවෘත්ති කාමරය තුළ හිංසනයන්ගෙන් තොරව විශේෂයෙන් මාධ්‍යවේදිනියන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු සිදුකිරීමට අවශ්‍ය පරිසරය සැකසීම මාධ්‍ය ආයතන ප්‍රධනීන්ගේ වගකීමක් බව අපි සටහන් කරමු.

ශිෂ්ඨ සමාජය නොඉවසන, මෙම ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, ඉෂාරා දේවේන්ද්‍ර මාධ්‍යවේදිනියට යුක්තිය ඉටු කරන්නට, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමග එකතුවෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ඉහළ ම මැදිහත්වීම ඉටුකරන්නට කටයුතු කරන බව සඳහන් කරමු. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක්  සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානයකි

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉෂාරාට ITNහිදී වූ කරදරයට ජනපතිට මැදිහත්වන්නැයි ඉල්ලයි
ඉෂාරාට ITNහිදී වූ කරදරයට ජනපතිට මැදිහත්වන්නැයි ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi95tv5_W1RmErXQn4WNXyOmCrKIUYusIzk3J-GrmHhlWPuwgGHmMNb57kx9pcJo6yvHoCpKdkPUKGSf90mPdXmImTLpMnIVaY5Lo7bItri2XgX4MiZDeiasWQoDESO4uG9Fe8GRE8vzPsJBQ3oiRWK1586pkDKHCKqGKLDoRSjIOGaYX1j8yOtJw/s320/itn.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi95tv5_W1RmErXQn4WNXyOmCrKIUYusIzk3J-GrmHhlWPuwgGHmMNb57kx9pcJo6yvHoCpKdkPUKGSf90mPdXmImTLpMnIVaY5Lo7bItri2XgX4MiZDeiasWQoDESO4uG9Fe8GRE8vzPsJBQ3oiRWK1586pkDKHCKqGKLDoRSjIOGaYX1j8yOtJw/s72-c/itn.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/itn.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/itn.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy