දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව හා IMF වොෂින්ටනයේ අද සාකච්චා... කඩාකප්පල් කරන්න අනුර මෙහෙයුමක!
Homeප්‍රවෘත්ති

ලංකාව හා IMF වොෂින්ටනයේ අද සාකච්චා... කඩාකප්පල් කරන්න අනුර මෙහෙයුමක!

PropellerAds

ජනාධිපති සමාජ සේවා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ...

ජනාධිපති සමාජ සේවා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ජවිපෙ සාකච්ඡාවට ගිය නිලධාරීන්ට ගහන්නේ IMF සාකච්ඡා කඩාකප්පල් කරන්නයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වොෂින්ටන් නුවර දී ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹීමට පැය 48 ක් තිබිය දී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට බර අවි ප්‍රහාරයක් එල්ල කරන්නේ කෙසේ හෝ ‘ වැඩසටහන කඩාකප්පල් කිරීමට තමන් සුදානම්බව පෙන්වීමට බව හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විපක්ෂය, ආණ්ඩුවට දේශපාලනික ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයකි. නමුත්, ලෝකයම බලාගෙන සිටින ලංකාවේ අනාගතය තීරණය කරන රැස්වීමකට වාඩිවන සාකච්ඡාකරුවන්ට කුමන්ත්‍රණ චෝදනා ඉල්ල කිරීම අවස්ථවාදී දේශපාලන ව්‍යවහාරයකි.
 
සඳුදා (අප්‍රේල් 10) දින වොෂින්ටන් හි දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඉහළම මට්ටමේ නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇත. නිල සාකච්ඡා ඇරඹීමට පැය කිහිපයකට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එම සාකච්ඡාවට සහභාගිවන නිලධාරීන් (මුදල් ඇමති හා මහ බැංකු අධිපති) ට දේශපාලන වේදිකාවක දි ජවිපෙ කුමන්ත්‍රණ චෝදනා එල්ල කිරීම පුදුම සහගතය.
 
නන්දලාල් වීරසිංහ සහ ජවිපෙ අතර සුනිල් හඳුන්නෙත්ති හරහා හොඳ සම්බන්ධයක් අවබෝධයක් තිබුණි. මහ බැංකුවේ අධිපති ධූරය බාරගන්නට පෙරත්, ඉන් පසුව මාස ගණනාවක් යන තුරුත් එය එළෙසම පැවතුති. ආණ්ඩුවත් මහ බැංකුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ගිවිසුම අනුව මෙරටට මුදල් ලැබිමත් සමඟ එම තත්වය වෙනස්වී ඇත. දැන් ජවිපෙ ට, නන්දලාල් පෙනේනට බැරිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෝ ඔහුගේ කැබිනට් මණ්ඩලයට විරුද්ධවීම දේශපාලනික ය. නමුත්, ආර්ථිකය ගොඩ දමමින්, කළමනාකරණය කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනික බර අවි ප්‍රහාර එල්ල කිරීම පැහැදිලිවම කෙසේ හෝ නැවත රටේ මුල්‍ය අරාජිකත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදු කරන්නකි.

විශේෂයෙන්ම, එම සාකච්ඡාවට ලංකා රජය නියෝජනය කරන කණ්ඩායමට දේශපාලන වේදිකාවක චෝදනා කිරීම තුලින් ජවිපෙ පැහැදිලි පණිවුඩයක් වොෂින්ටනයට ලබාදී ඇත. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක පිළිබඳ තෘප්තියක් නැති බව හා අවශ්‍ය නම් එය කඩාකප්පල් කිරීමට තමන් පසුබට නොවන බවය.


දැන් අයි.එම්.එෆ්. විරෝධය කර ගසා දෙන යන්නේ විමල් – ගම්මන්පිල කණ්ඩායම, ගෙවිඳු කුමාරතුංග කණ්ඩායම සහ ජවිපෙ පමණී. ආරම්භයේ සිටම විපක්ෂයේ විමල් ඇතුළු කණ්ඩායමට ලෝක බැංකුව, මුල්‍ය අරමුදල, ඇමරිකාව දුටුවිට කුමන්ත්‍රණ පෙනෙන්නේය. දැන් කාලයකට පසුව නැවත ජවිපෙට මුදල් ඇමති හා මහ බැංකු අධිපති පෙනෙන්නේ කුමන්ත්‍රණකරුවන් ලෙසිනි.

රටේම බලාපොරොත්තුව හෙට ඇරඹෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු විෂයන් 12 කින් සාකච්ඡා සාර්ථක වීමය. දුෂණ විරෝධී පනත ඇතුළු නව අණ පනත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීම ය.

ජවිපෙ සිදු කරන්නේ එම සාකච්ඡාවට නායකත්වය ලබාදෙන නියෝජිතයින් ඉලක්ක කර පහරදීම ය. මෙය ජනපතිට, ආණ්ඩුවට දේශපාලනිකව පහරදීමට වඩා අතිශයින් නරක හා විනාශකාරී පූර්වාදර්ශයකි.

රජිත් කීර්ති තෙන්නකෝන්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව හා IMF වොෂින්ටනයේ අද සාකච්චා... කඩාකප්පල් කරන්න අනුර මෙහෙයුමක!
ලංකාව හා IMF වොෂින්ටනයේ අද සාකච්චා... කඩාකප්පල් කරන්න අනුර මෙහෙයුමක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMTf5xT4Q3hC9qTLkyJdEJq-VKCAnF8ZDGv8wSni98MdCk4258ObZTacrtEgAokROY2SvKOZKFrkV2BXaZmRxqB3gtvuUHiIcBKjMLowmV4GNiXc6REpVZa7vXc9eD59pmCxbLVheDdOtbfNsxoh-oUjzo4AcY2E_XLttQdVfk0Sk2FQcrrCx9Qw/s320/anura.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMTf5xT4Q3hC9qTLkyJdEJq-VKCAnF8ZDGv8wSni98MdCk4258ObZTacrtEgAokROY2SvKOZKFrkV2BXaZmRxqB3gtvuUHiIcBKjMLowmV4GNiXc6REpVZa7vXc9eD59pmCxbLVheDdOtbfNsxoh-oUjzo4AcY2E_XLttQdVfk0Sk2FQcrrCx9Qw/s72-c/anura.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/imf_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/imf_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy