දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි ජනාධිපතිවරණයට ආගමික නායකයින් පිරිසක් මෙහෙයුමක – අපේක්ෂකයින් නම් කර ගනී! මාධ්‍ය ආයතන හිමිකරුවෙක්, කොමිසමක සභාපතිවරයෙක් ඒ අතර
Homeප්‍රවෘත්ති

ඉදිරි ජනාධිපතිවරණයට ආගමික නායකයින් පිරිසක් මෙහෙයුමක – අපේක්ෂකයින් නම් කර ගනී! මාධ්‍ය ආයතන හිමිකරුවෙක්, කොමිසමක සභාපතිවරයෙක් ඒ අතර

PropellerAds

  ඉදිරි ජනාධිපතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ වී තිබෙනවා. එය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවත් ම...

‘බඩු සැරයි - සැප ගොඩ’ යි - ජය ශ්‍රී ‍‍‍රොහාන්
පාර්ලිමේන්තු කටයුතු කමිටුවේ ඉඩක් ඉල්ලා දයාසිරි අදත් සටන පටන් ගනී! සජිත් කැමැත්ත දෙයි! සුසිල් අතීත උදාහරණ ‌කියමින් බෑ නොකියා බෑ කියයි (VIDEO)
ප්‍රතිකාර ගන්න රෝහලට ගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් ගසක් යට තිබි හමුවේ!
 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ වී තිබෙනවා. එය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවත් මේවන විට විවිධ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තීරණ ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඉදිරි ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 ඔක්තෝබර් මාසයේයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගෙන ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළා.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ජනාධිපතිවරයකු පත්වී වසර 4ක් ගතවීමෙන් පසු ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය අභිලාෂය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා.

හිටපු අගවිනිසුරුවරයෙක් වන සරත් එන්. සිල්වා මහතා පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන බැවින් ඔහුට ඒ සඳහා නීතිමය වරමක් නොමැති බවයි.

දැනට නිල නොවන මට්ටමින් ලැබෙන ආරංචි අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර යන මහත්වරුන්ගේ නම්ය.

මේ හැර පොහොට්ටුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සියලු දෙනාට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිත්වය දරන ජනක රත්නායක මහතාද ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ආගමික නායකයන් පිරිසක් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
-am.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි ජනාධිපතිවරණයට ආගමික නායකයින් පිරිසක් මෙහෙයුමක – අපේක්ෂකයින් නම් කර ගනී! මාධ්‍ය ආයතන හිමිකරුවෙක්, කොමිසමක සභාපතිවරයෙක් ඒ අතර
ඉදිරි ජනාධිපතිවරණයට ආගමික නායකයින් පිරිසක් මෙහෙයුමක – අපේක්ෂකයින් නම් කර ගනී! මාධ්‍ය ආයතන හිමිකරුවෙක්, කොමිසමක සභාපතිවරයෙක් ඒ අතර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhDYeSS0ITFMDrZ3wNHyyOItUeBxqYMHODxVNOo_klVj2hXqiYDGrj6ju8mblJzA_aEQjOF3MtaaQ4wEIa4kS-I2GBjB6t7YC1fmYuyxLDGtOAmk_G03MbBZIphYE-wKWVL3s6liakWnnz1tDNfBU5IN7H_FizJZIM7LUOyPdHAI9GhZEXY4_GMfy5EA/s320/elctiondj.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhDYeSS0ITFMDrZ3wNHyyOItUeBxqYMHODxVNOo_klVj2hXqiYDGrj6ju8mblJzA_aEQjOF3MtaaQ4wEIa4kS-I2GBjB6t7YC1fmYuyxLDGtOAmk_G03MbBZIphYE-wKWVL3s6liakWnnz1tDNfBU5IN7H_FizJZIM7LUOyPdHAI9GhZEXY4_GMfy5EA/s72-c/elctiondj.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy