දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාංකික රිළවාගෙන් චීනය ද පාඩමක් ඉගෙන ගනු ඇත …
Homeප්‍රවෘත්ති

ලාංකික රිළවාගෙන් චීනය ද පාඩමක් ඉගෙන ගනු ඇත …

PropellerAds

සාමාන්‍යයෙන් හරෙකෙක් ඌරෙක් වගේ සතෙකුට සාපේක්ෂව රිලවෙක්ගෙන් වෙන හානිය බරපතල වැඩී. වල් අලියෙක් වල්ඌරෙක් උනත් හේනකට කුඹුරකට පැන්නොත් ආයේ හානි...

පුවත්පතකට එස්.බී අසභ්‍ය වචනයෙන් උත්තර දෙයි! උත්තරේ පුවත්පතේ පළ කර තිබුණේ මෙහෙමයි
ඇමති ප්‍රසන්න ජවිපෙට බයවෙයි! ගෝඨා අමාරුවේ දැම්මයි කී වියත්මග පොහොට්ටු ඡන්ද වැඩට යළි කැඳවයි!
ඡන්ද කල් දාන්න හදන උන්මත්තක ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග එකමුතු කරන්න සජිත් සූදානම් වෙයි! නිකුත් කරපු නිවේදනය මෙන්න
සාමාන්‍යයෙන් හරෙකෙක් ඌරෙක් වගේ සතෙකුට සාපේක්ෂව රිලවෙක්ගෙන් වෙන හානිය බරපතල වැඩී. වල් අලියෙක් වල්ඌරෙක් උනත් හේනකට කුඹුරකට පැන්නොත් ආයේ හානිය ගැන කියන්න දෙයක් නැහැ. හැබැයි රිලවා ඊට වැඩිය දරුණුයි. සූක්ෂමයි.

ඒකට හේතුව අනික් සත්තුන්ට වඩා ඌට යම් කල්පනා ශක්තියක් තිබීම සහ සුහුරුවීම (smart). ඒ වගේම කුතුහලයක් පැවැතීම (curiosity). ඒ නිසා රිළව් තමන්ගේ පැවත්ම සාධනය කරගන්නවාට අමතරව උගේ සුහුරු ගතිය සහ කුතුහලය නිසාත් විශාල හානියක් කරනවා.

අනික දැන් දැන් මුං ජීවත් වෙන්නේ මිනිස්සු ආශ්‍රිතවමයි. අපේ දේම කාල අපිටම ගේම දෙනවා.

වාහනයක් නවත්වල තිබ්බොත් වල් අලියා ඒකට පාරක් දෙකක් ගහගෙන යන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් ඌ එන පාරෙන් ඒක අයින් කරලා තියන්න. හැබැයි රිළව් රංචුවක් වාහනයක් ලඟට ආවොත් එහෙම නෙවෙයි. කිසිම සද්දයක් නැතුව සයිඩ් කණ්නාඩි දෙකම කඩල, නැත්නම් ගලවල, සෙන්සර් ඇදල කඩල දානවා. ඒක උගේ ආහාර හෝ පැවැත්ම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. කුතුහලය ගැන ප්‍රශ්නයක්.

අලියෙක් හරකෙක් වගේ නෙවෙයි ඉතාම නිශ්ශබ්දව රිළවට එන්න පුළුවන්. උගේ ඇඟිලි නිසා ලොකු හානියක් කරන්නත් පුළුවන්. ප්‍රකෝපවෙන ලක්ෂණය නිසා හානි වැඩියි (aggressive behavior). අනික ඌ ඊළඟට මොකක් කරනවාද කියල පුරෝකථනය කරන්නත් බැහැ (unpredictable).

පොල් ගහකට නැංගොත් එක ගෙඩියක් බීල ඉතුරු ඔක්කොම කඩල දානවා. කුරුම්බා, ඇට්ටි, මල් ඔක්කොම බිම. ආයේ අවුරුද්දක් හමාරකට මුකුත් නැහැ. කොස් ගහකට නැංගත් එහෙමයි. සම්පුර්ණයෙන් සුද්ද කරනවා.

එක ගෙඩියක් දෙකක් කාල යනවනම් ගැටළුවක් නැහැ. නමුත් කනවට අමතරව විනාශ කරනවා. ඊට අමතරව ඌ චන්ඩිකම් පෙන්නනවා රැලේ උන්ට. ඒකට විඳවන්න ඕනිත් අර පොල් ඇට්ටි ටික.

වැටක් ගහල අගලක් කපල ඌරගෙන්, හරකගෙන්, අලියාගෙන් වගාවක් බේරාගත්තත් රිලවාගෙන් මුකුත් බේරාගන්න බැහැ.

විශේෂයෙන් කෑගල්ල රත්නපුර කළුතර වගේ දිස්ත්‍රික්ක වල ග්‍රාමීය දුප්පත්කම වැඩිවෙන්න රිළවුන්ගෙන් වන වගාහානිය බලපානවා.

කොහොමත් මිනිස් පැවැත්ම සහ සත්ව පැවැත්ම අතර භෞතික දුරක් නඩත්තු කරන එක හොඳයි.

ඒ නිසා මේ ඉන්න රිලා කැ#යො ටික චීනෙට නෙවෙයි ඕනි තූත්තුකුඩියකට ගෙනිහින් දාපල්ලා. ඒකට පරිසරවේදී උන් හරහට හිටිනවා නම් උන්ටත් වෝටර් මෙලන් බේත් දීපල්ලා. නැත්නම් උනුත් චීනෙට යවපල්ලා රිළව් එක්කම ඉන්න කියල.

අන්තිමට මාවෝගේ චිනෙත් පාඩමක් ඉගෙන ගන්නේ ලාංකික රිළවුන්ගෙන් තමයි. හැබැයි ඉතිං තමන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවනම් චීනේ අපි වගේ හැරි හැරී හුරතල් වෙන්නේ නැහැ.

~ මහේෂ් හපුගොඩ
-LNW
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාංකික රිළවාගෙන් චීනය ද පාඩමක් ඉගෙන ගනු ඇත …
ලාංකික රිළවාගෙන් චීනය ද පාඩමක් ඉගෙන ගනු ඇත …
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJvT8Kdzr6t_OfODZ1Eda9F2XOy94Zz4Dw6tMr6cLm8Pei5zI0lpIh1Z5JJ3xuapZbF8paP7p5hIUVxCGEGUqWWonh9P_PKcr6Gxnc3EY7bR87KXnyErOkv_GkzrLXfrMptoSa1FD_ipGNLc-XgI7cFFJGlAxlZDI_SpxsBo4O7_eaRCGwi62SH6CKuw/s320/ril.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJvT8Kdzr6t_OfODZ1Eda9F2XOy94Zz4Dw6tMr6cLm8Pei5zI0lpIh1Z5JJ3xuapZbF8paP7p5hIUVxCGEGUqWWonh9P_PKcr6Gxnc3EY7bR87KXnyErOkv_GkzrLXfrMptoSa1FD_ipGNLc-XgI7cFFJGlAxlZDI_SpxsBo4O7_eaRCGwi62SH6CKuw/s72-c/ril.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy