දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මින් පසු පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මැරෙන්නෙ නෑ - පොලිස්පති අධිකරණයට සහතික වෙයි
Homeප්‍රවෘත්ති

මින් පසු පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මැරෙන්නෙ නෑ - පොලිස්පති අධිකරණයට සහතික වෙයි

PropellerAds

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිසිය භාරයේ සිටියදීම මරණයට පත්වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ  මාලාව ඇතුළත් චක්‍...

විජයකලා ප්‍රකාශය ගැන අධිකරණයෙන් නියෝගයක්
කරාපිටියේ හෘද රෝගීන්ට විෂබිජ ආසාදනය වීමේ අවදානමක්! වෛද්‍ය නාමල් හෘද සැත්කම් නවත්වයි
මන්නාරම සතොස ගබඩාව තිබූ ස්ථානයෙන් පුද්ගලයින් 38කගේ මිනිස් ඇටසැකිලි හමුවෙයි
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිසිය භාරයේ සිටියදීම මරණයට පත්වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ  මාලාව ඇතුළත් චක්‍රලේඛය  පොලිස්පතිවරයා විසින් ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පසුගිය පෙබරවාරි 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් කරන ලද නියෝගයක් අනුව පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පොලිස් නීති කොට්ඨාසය විසින් සකස් කරන ලද එම මාර්ගෝපදේශ  මාලාව හා චක්‍රලේඛය පොලිස්පතිවරයා ඊයේ පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිමින් නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.

පොලිස්පතිවරයා විසින් පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද එකී මාර්ගෝපදේශ මාලාව හා චක්‍රලේඛ මගින් පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිස් ස්ථාන තුළ රඳවා සිටියදී හෝ විවිධ පරීක්‍ෂණ කටයුතු සඳහා පිටතට රැගෙන යෑමේදී මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නිරතුරුවම ඒ සම්බන්ධයෙන් අධීක්‍ෂණයෙන් පසුවන බවත් පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

තම අධිකරණයේ එකම අපේක්‍ෂාව වන්නේ පොලිස් අත්අඩංගුවේදී එවැනි මරණ සිදුවීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවන අපකීර්තිය වැළැක්වීම බවත් තම අධිකරණය නිකුත් කළ නොතිසි නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර කර තිබූ නියෝගයක් අනුව එකී මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ස්තූතිය පුදකරන බව ද සභාපති විනිසුරු බුවනෙක අළුවිහාරේ විවෘත අධිකරණය හමුවේ පැවසීය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විවිධ පුද්ගලයන් විවිධ විමර්ශන සඳහා පිටතට රැගෙන යෑමේදී පොලිස් වෙඩි පහරින් මියයෑමේ සිද්ධීන් වළක්වා ගැනීම සඳහා නිසි මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමට හා එම මාර්ගෝපදේශ මාලාව තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

එම නියෝගය ඉටුකිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද දන්වා නිකුත් කර තිබූ නොතිසි අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණය විසින් කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූයේ එකී මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් පුළුල්ව අධ්‍යයනය කර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගතවීම නිසා බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කනගාටුව ප්‍රකාශ කර සිටින බවත් පොලිසිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සමඟ එක්ව අධිකරණය හමුවේ පෙනී සිටිමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ එම කරුණු දැක්වීම් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, ගාමිණී අමරසේකර හා අර්ජුන ඔබේසේකරගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නඩු කටයුත්ත අවසන් කොට පොලිස්පතිවරයා අදාළ නඩු කටයුත්තෙන් මුදාහැරීමට නියෝග කළේය.

2006 වසරේදී කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මොහොමඩ් ඉර්ෂාන් නමැති සිය සැමියා පොලිස් වෙඩිපහරින් මියයෑම අභියෝගයට ලක්කරමින් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාතිමා ෂර්මිලා නමැත්තිය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙර කී මාර්ගෝපදේශ මාලාව සකස් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
ලංකාසර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මින් පසු පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මැරෙන්නෙ නෑ - පොලිස්පති අධිකරණයට සහතික වෙයි
මින් පසු පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මැරෙන්නෙ නෑ - පොලිස්පති අධිකරණයට සහතික වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlJ0p9BrTNYRExzPuKPCpkjXjtmKP-W_TQvY3EgTXyRlJBrc0kzszLc7k08k9YSrHqv2O57uv2zXLLbCVOKZ0-5xDS5EUUwe6k5aZt9w0uNoQspzu50xzn5L0ySMyC5pZdD4yha0Nc45qraU4DpEB-5a70N_NFMM14GmV2mSN13MNllEkVYEsrag/w320-h187/silhouette-policeman-handgun-on-white.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlJ0p9BrTNYRExzPuKPCpkjXjtmKP-W_TQvY3EgTXyRlJBrc0kzszLc7k08k9YSrHqv2O57uv2zXLLbCVOKZ0-5xDS5EUUwe6k5aZt9w0uNoQspzu50xzn5L0ySMyC5pZdD4yha0Nc45qraU4DpEB-5a70N_NFMM14GmV2mSN13MNllEkVYEsrag/s72-w320-c-h187/silhouette-policeman-handgun-on-white.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy