දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලිස්ටීරියා දරුණුයි! බදුල්ලෙනුත් රෝගියෙක් හමුවෙයි – හෝටල්වල ආහාර පරීක්ෂාවක්!
Homeප්‍රවෘත්ති

ලිස්ටීරියා දරුණුයි! බදුල්ලෙනුත් රෝගියෙක් හමුවෙයි – හෝටල්වල ආහාර පරීක්ෂාවක්!

PropellerAds

ශ්‍රී පාද – හැටන්  මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළෙඳසල් සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබා...

පුත්තලම රෝහලේ තරුණයෙක් සැක සහිතව මිය යයි.. කාර්ය මණ්ඩලයට පිටවීම තහනම් කරයි
වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා !
හොර මූල්‍ය හා ලීසිං ආයතන සොයා දීප ව්‍යාප්ත මෙහෙයුම් !
ශ්‍රී පාද – හැටන්  මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළෙඳසල් සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබා ගැනීම මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් 17 වනදා සිදු කරනු ලැබුවා.

රත්නපුර – එරත්න ශ්‍රී පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියකු බවට සැකකරන පුද්ගලයකු හමුවීමත් සමඟ රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පවත්වනු ලබන පරීක්‍ෂණයකට යොමු කිරීම සඳහා නල්ලතන්නිය, ශ්‍රී පාද මාර්ගයේ වෙළෙඳසල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබාගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්. බාස්කරන් මහතා සඳහන් කළා.

දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර පාන, පානීය ජලය වෙළෙඳසල්වලින් ලබාදීම සම්බන්ධයෙන් තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අධීක්‍ෂණය කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවැසුවා.

එසේම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ආපනශාලා හිමියන් දැනුවත් කරමින් කියා සිටියේ, හොඳින් පිසූ ආහාර පමණක් පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙසත්, ශීතකරණ සහ අධිශීතකරණ ක්‍රියා විරහිත කර තැබීමෙන් වළකින ලෙසයි.

ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල යටතේ පාලනය වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් සතියකට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පස් දෙනකු බැගින් අනුයුක්ත කළද වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඔවුහු එම සේවා කටයුතුවලින් ඉවත් වී සිටිනවා.

පවත්නා තත්ත්වය මත හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ ආහාර පාන, පානීය ජලය ඇතුළු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට නල්ලතන්නියේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පමණක් සේවයේ යෙදී සිටින බවත් එම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට පමණක් එම කාර්යය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට එම සංගමයේ උසස් නිලධාරියකු පැවැසුවා.

මේ අතර රෝගියා හමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ශ්‍රී පාද කරුණා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක්ද ඇතිව තිබෙනවා.

මේ අතර ලිස්ටීරියා නැමැති බැක්ටීරියාවෙන් හටගන්නා මූලික රෝග ලක්ෂණ සහිත පහළොස් හැවිරිදි පිරිමි දරුවකු මොනරාගල මහ රෝහලෙන් බදුල්ල මහරෝහලට එවීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ හුදකලා කොට ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව හදිස්සි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (19) පැවසුවා.

මෙම රෝගියා සුවය ලබමින් සිටින බව පැවසු ඒ මහතා ලැබීමට නියමිත රසායනාගාර පර්යේෂණ වාර්තාව අනුව රෝග නිධානය නිශ්චිතව හඳුනාගත හැකි බවද සඳහන් කළා.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා,

“රෝග ඉතිහාසය සහ රෝගහිස්ටීරියා ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගත වී ඇද්දැයි සැකයක් තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ වාර්තාව ලැබුණු පසු නිසැක නිගමනයකට එන්න පුළුවන්. එතෙක් රෝගියා දැඩි සත්කාර ඒකකයේ හුදෙකලා කොට ආරක්ෂා කර සිටිනවා. පස් සහ දිරා යන ලී ආශ්‍රිතව ජීවත් වන ලිස්ටීරියා බැක්ටීරියා විෂබීජ ආහාර මාර්ගය හරහා මිනිස් ඇතුළු වී රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ මොලයට පවා ඇතුළුවීමට පුළුවන්. උණ, වමනය, සිහි මද ස්වභාවය, සිහි නැති වීම , වලිප්පුව මූලිකව ඇතිවිය හැකි අතර බැක්ටීරියාව මොළයට ඇතුළු වී ආසාදනය වීමෙන් මස්තිෂ්ක ප්‍රදාහය මස්තිෂ්ක තරල ප්‍රදාහය ඇතිවීමට හැකි අතර ගැබිනි මවකගේ වැදෑමහ ඔස්සේ ගොස් දරු ගැබට හානි වීමට පුළුවන්. පැස්ටරීකරණය කළ කිරි, සීත කළ කිරි, අලුතින් මුදවාගත් කිරි, චීස් බටර් ආදී කිරි නිෂ්පාදන, මස්, සොසේජස් ආදී ආහාරයන් වලින් රෝගය පැතිරෙන්න හැකියාව තිබෙනවා. සෙල්සියස් අංශක හතරක තරම් අඩු උෂ්ණත්වයක නිරුපද්‍රිතව ජීවත් වීමට ඇති හැකියාව නිසා ශීතකළ ජලයේ පවා මෙම බැක්ටීරියාව තිබීමට හැකියි.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලිස්ටීරියා දරුණුයි! බදුල්ලෙනුත් රෝගියෙක් හමුවෙයි – හෝටල්වල ආහාර පරීක්ෂාවක්!
ලිස්ටීරියා දරුණුයි! බදුල්ලෙනුත් රෝගියෙක් හමුවෙයි – හෝටල්වල ආහාර පරීක්ෂාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI7pVMid6MSOdQx8oxvVIRa2bVBTK6WY2X-dKamniZ-llL5sTqTv1ROZWSMUA5F2eCRvRfom1nfABO-2VTuEW7j3ec69NSwUyU2-eBxmnHZ9ETGFo8jIQfv3V_DsAVnh6bzjSZQUx0eMWyEt6yjnuGnuZ-8-Dlqng_oFGdQMoob_8tP67TakT0eA/s320/Listeria.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI7pVMid6MSOdQx8oxvVIRa2bVBTK6WY2X-dKamniZ-llL5sTqTv1ROZWSMUA5F2eCRvRfom1nfABO-2VTuEW7j3ec69NSwUyU2-eBxmnHZ9ETGFo8jIQfv3V_DsAVnh6bzjSZQUx0eMWyEt6yjnuGnuZ-8-Dlqng_oFGdQMoob_8tP67TakT0eA/s72-c/Listeria.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy