උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ඇගයීම් කටයුතු ප්‍රමාදවීම විභාග අපේක්ෂකයින...
උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ඇගයීම් කටයුතු ප්‍රමාදවීම විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ ඇගයීම් කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ ගෙවීම්වලින් රුපියල් දහසක් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.
මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2,000ක දෛනික දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලැබී තිබේ.
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වනදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

COMMENTS