දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටිපති SHADES ව්‍යාපාරිකයා මැරූ යුවළ පොලිසියෙන් හඳුනගනී! ජෝඩුව තවමත් රටින් පැනලා නෑ!
Homeප්‍රවෘත්ති

කෝටිපති SHADES ව්‍යාපාරිකයා මැරූ යුවළ පොලිසියෙන් හඳුනගනී! ජෝඩුව තවමත් රටින් පැනලා නෑ!

PropellerAds

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය රැගෙන පළාගිය යුවළ තවමත් රට තුළ සිටින බවට පොලීසිය සැක පළ කරය...

ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීම ඇස්බැන්දුමක්?
'මගේ ගේ වට කරන්න ආවොත් ගහනවා' - සාගර කාරියවසම් අනතුරු අගවයි (VIDEO)
විමල් , ගම්මන්පිල ඇතුළු 16ක් හෙට ස්වාධීන වීමේ සූදානමක!
තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය රැගෙන පළාගිය යුවළ තවමත් රට තුළ සිටින බවට පොලීසිය සැක පළ කරයි.

ඔවුන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මාලයේ නාන තටාකය තුළ පුද්ගල මළසිරුරක් ඇති බවට තලංගම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නම් 49 හැවිරිදි අයෙකි.

ඔහු මෙරට ප්‍රසිද්ධ, ශේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයේ හිමිකරු බව පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහු ඇදගෙන විත් නාන තටාකයට දමා ඇතැයි සැකකරන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

එම නිවස ඇතුළත කෙරුණු පරීක්ෂාවේදී එහි තිබී, රුධිරයට සමාන පැල්ලම් කිහිපයක්, භාවිත කරන ලද උපත් පාලන කොපුවක් සහ භාවිත නොකරන ලද උපත් පාලන කොපු දෙකක් ද පොලීසිය සොයා ගෙන තිබේ.

එහිදී සොයාගත් බිල්පතක සඳහන්ව තිබී ඇත්තේ උපත් පාලන කොපු කළුබෝවිල රෝහල අසල ඖෂධ සැලකින් මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය එම ඖෂධ සැලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබුණි.

එහි සටහන්ව තිබී ඇත්තේ එම පුද්ගලයා පසුගිය 30වනදා පස්වරු 3.22ට පමණ උපත් පාලන කොපු මිලදී ගෙන ඇති බවය.

එමෙන්ම ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමග එම නිවසට සුදු පැහැති මෙම මෝටර් රථයෙන් ගොස් ඇති බව ද පොලීසිය හෙළි කරගෙන තිබේ.

විමර්ශනවලදී පොලීසියට හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ මෝටර් රථය, ජංගම දුරකථනය හා ක්‍රෙඩ්ට් කාඩ් පත් කිහිපය ද අතුරුදන්වී ඇති බවය.

ඒ අනුව මෝටර් රථය ගමන්ගත් මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට හෙළිවී ඇත්තේ, මෝටර් රථයෙන් යළි නිවසෙන් පිටවී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවය.

එම පුද්ගලයා මෝටර් රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට එය ඇතුළු කර ඇති බවත් පොලීසිය පවසයි.

අධිවේගී මාර්ගයේ ජා-ඇළ 18 කණුව ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී නතරවී ඇති අතර අධිවේගී මාර්ගයේ අනතුරට පත් වාහන ඇදගෙන යාමට භාවිත කරන මෝටර් රථයකට ඇමතුමක් ලබාගත් රිය පැදවූ තැනැත්තා එම රථයක් එහි ගෙන්වා ගෙන ඇති බවත් හෙළි වී ඇත.

ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයෙනි.

පසුව එය ජා-ඇළින් පිටතට දමා, ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා, වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව එහි පැමිණි පුද්ගලයා මීගමුව ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර් රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ වනවිට වේලාව අලුයම 3 පමණ වූ බැවින් ගරාජය වසා දමා තිබීම නිසා ඔවුන් මෝටර් රථය ඒ අසල නවතා දමා තිබේ.

පසුව මෙම යුවළ මෝටර් රථය ඇදගෙන යාමට පැමිණි රථයේ රියදුරුට පවසා ඇත්තේ තමන් කටුනායක ගුවන්තොටුපොළ අසලට රැගෙන යන ලෙසය.

ඒ අනුව ඔවුන් ඒ අසලින් බැස ඇති අතර එහිදී රුපියල් 15,000ක මුදලක් එම රථයේ රියදුරුට ලබාදී තිබේ.

ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩ්ටි කාඩ් පතෙන් භාණ්ඩ කිහිපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති බව පොලීසිය පැවසීය.

පසුව මොවුන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් ගෙවා, ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් වෙන්කර ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම යුවල තවමත් රටින් පිටව නොමැති බව පොලිසිය සැක පහළ කරයි.

මේ සම්බන්ධයෙන් ‌වැඩිදුර විමර්ශන පවත්වන පොලිසිය නුදුරු දිනයකදීම එම යුවල අත්අඩංගුවට ගැනීමට සූදානම් බවද දැනගන්නට ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටිපති SHADES ව්‍යාපාරිකයා මැරූ යුවළ පොලිසියෙන් හඳුනගනී! ජෝඩුව තවමත් රටින් පැනලා නෑ!
කෝටිපති SHADES ව්‍යාපාරිකයා මැරූ යුවළ පොලිසියෙන් හඳුනගනී! ජෝඩුව තවමත් රටින් පැනලා නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdO460_Vrw2LuS2AqmQbg_i0_tGkz7cQAo8SsSF75unE_x2hA3TF1H6sfj4CyvU4bPwrjQTN3awTV4UxkMi8r9FZIvIxne1JYCGuCHbbv9fc_pvIeUXCjAiudpGeyjAR0En7rSfRnzPDFfCr018Qt_2xIXxhCjUNyr08Qp_bR5A4FOoJD6P-jO_A/s320/SHADES.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdO460_Vrw2LuS2AqmQbg_i0_tGkz7cQAo8SsSF75unE_x2hA3TF1H6sfj4CyvU4bPwrjQTN3awTV4UxkMi8r9FZIvIxne1JYCGuCHbbv9fc_pvIeUXCjAiudpGeyjAR0En7rSfRnzPDFfCr018Qt_2xIXxhCjUNyr08Qp_bR5A4FOoJD6P-jO_A/s72-c/SHADES.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/shades.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/shades.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy