‘රක්නා ලංකා’ සමාගම විවිධ සමාගම් හා ආයතනවලින් වෙළෙඳ හා වෙනත් සේවා සඳහා රුපියල් කෝටි 230කට අධික හිඟ මුදලක් අය කර ගෙන නොමැති බව ජාතික විගණන ක...
‘රක්නා ලංකා’ සමාගම විවිධ සමාගම් හා ආයතනවලින් වෙළෙඳ හා වෙනත් සේවා සඳහා රුපියල් කෝටි 230කට අධික හිඟ මුදලක් අය කර ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ ය.
එම අය විය යුතු හිඟ ශේෂයෙන් රුපියල් කෝටි 165ක් සමුද්‍රීය ආරක්ෂණ සේවා සැපයීමෙන් ලැබිය යුතු ණය බව ද විගණන කාර්යාලය නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.
සමුද්‍රීය ආරක්ෂණ සේවා සැපයීමෙන් ලැබිය යුතු ණය මුදලින් සියයට 92.4ක් එනම්, රුපියල් කෝටි 153කට ආසන්න මුදලක් ඇවන්ගාඩ් ආයතනයෙන් අය කර ගෙන නොමැති බව ද එහි දක්වා තිබේ.
රංගල හා ගාල්ල පාවෙන අවි ගබඩා තුළින් ලැබිය යුතු රුපියල් කෝටි 42ක් අවුරුදු 07කට අධික කාලයක් අය කර ගැනීමට පියවර ගෙන නොමැති බව ද එහි සඳහන් කර ඇත.
ගොඩබිම් ආරක්ෂක සේවා, සමුද්‍ර ආරක්ෂක සේවා හා ආපනශාලා පවත්වාගෙන යෑම මෙන් ම සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් කටයුතු සිදු කිරීම රක්නා ලංකා සමාගමේ ප්‍රධාන කාර්යයන් වේ.
සමාගම සඳහා රුපියල් කෝටි 74ක් වැය කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද ප්‍රධාන කාර්යාලය අතරමඟ නතර කර ඇති බව ත් එම ගොඩනැගිල්ල පිහිටි පර්චස් 86.4ක පමණ ඉඩමේ වටිනාකම තක්සේරු කර නොමැති බව ද එම වාර්තාවේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.
-mawbima
COMMENTS