ජාතික ගැටලුවට විසඳුමක් ලබාදීමේදී තමන් කිසිවිටෙකත් එයට විරුද්ධව කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක...
ජාතික ගැටලුවට විසඳුමක් ලබාදීමේදී තමන් කිසිවිටෙකත් එයට විරුද්ධව කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා හමුවී ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාගේ නිවෙසෙට පෙරේදා (4දා) ගොස් ඔහුගේ සුවදුක් විමසූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබේ.
දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට විසඳුමක් නොලැබිය යුතුය යන ස්ථාවරයේ තමා නොසිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සකස් කරමින් සිටින කෙටුම්පතෙහි පිටපතක් ලැබුණු පසු ඒ
පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා සම්පන්දන් මහතා හමුවේ සඳහන් කර ඇත.
ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන උත්සාහයේදී කිසිවිටෙකත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ජනවාර්ගික ගැටලුවට විසඳුමක් අපේක්ෂාවෙන් හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ලබන සතියේදී කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීමට වත්මන් ආණ්ඩුව සමත් වුවහොත් එය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ත ජනතාවටම යහපතක් බව විශේෂයෙන් ජනවාර්ගික ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ නම් මේ රට පවතින ආර්ථික අර්බුදයෙන් බේරා ගැනීමට දෙමළ ඩයස්පෝරා ජනතාව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉතාමත් උනන්දුවෙන් පසුවන බවත් සම්පන්දන් මහතා මෙම සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා වෙත පෙන්වා දී තිබේ.
මෙම හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා සම්පන්දන් මහතා වෙත සළු පලඳා ගෞරවය දක්වා ඇත.
උපුටාගැනීම - ඩී.එල්. ජයකොඩි
(මව්බිම)

COMMENTS