දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය සිසුවිය ඝාතනය කල ඇගේ පෙම්වතා අරගලයේ ප‍්‍රබලයෙක්?
Homeප්‍රවෘත්ති

වෛද්‍ය සිසුවිය ඝාතනය කල ඇගේ පෙම්වතා අරගලයේ ප‍්‍රබලයෙක්?

PropellerAds

‘විශ්ව විද්‍යාල සිසුවිය ඝාතනය කළ ඝාතකයා වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක්. ඒ බව ෆේස්බුක් එකේ තියෙනවා’ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධ...

පාස්කු ප්‍රහාර නඩුව විනිසුරන් තිදෙනෙකුට බාර දෙයි!
තව සතියකින් මරණ සහතිකය අතේ තියාගෙන ලැජ්ජා බය අත්හැර ගන්නවා - මර්වින් සිල්වා (video)
ඇෆ්ගන් ත්‍රස්තයන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරයි - (සංවේදී දර්ශන සහිතයි)
‘විශ්ව විද්‍යාල සිසුවිය ඝාතනය කළ ඝාතකයා වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක්. ඒ බව ෆේස්බුක් එකේ තියෙනවා’ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. 
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාතත්‍යවරයා මෙසේද පැවසීය.

‘මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පිළිබඳව අද රටේම අවධානය යොමුවෙලා තියෙනවා. 1977 ට කලින් මෙහෙම නියාමනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. නමුත් 1977න් පසුව සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීම නිසා ඒ තත්ත්වය නැති වුණා. 1977ට පෙර පැවති මැතිවරණවලදී අපේක්ෂක වියදම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා වෙත හෝ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිරවද්‍ය ලෙස භාර දීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් තිබුණා.

1946 ලංකා පාර්ලිමේන්තු මැතිවණ ආඥා පනත මගින් ඊට අදාල නීති හඳුන්වා දී තිබුණා. 1952 මැතිවරණයෙදි වැලිමඩ අසුන ජයගත් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය  අහෝසිවෙන්න හේතු වුනේ ඒ මන්ත්‍රීවරයා තම මැතිවරණ වියදම් යථා කාලයේදී මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කර නොතිබීමයි.

ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයරයකුගේ ධූරය අහිමිවූයෙත් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ බසට පරිවර්තනය කිරීම සඳහා වැයවූ රුපියල් 25ක මුදල වාර්තාකර නොතිබීම හින්දයි. 1977ට පෙර මැතිවරණ වියදම් නියාමනය කරන වැඩ පිළිවෙල දැඩිව තිබුණ දෙයක්.

මම කියන්න උත්සාහ ගත්තෙ මෙම පනතේ තිබෙන වැදගත් කමයි. 1980 සිට සියළුම මැතිවරණ කොමසාරිස්වරු මේ ගැන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරල මේ ගැන ඉල්ලීමක් කළා. චනද්‍රාන්නද සිල්වා, දයානන්ද දිශානායක, මහින්ද දේශප්‍රිය මහත්වරුන් මැතිවරණ වියදම් නියාමනය කිරීම ගැන දිගටම කතා කළා. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ කමිටුත් මේ ගැන දිගින් දිගටම කතා කළා.

මෙම පනත කෙටුම්පත් කිරීම ආරම්භ කළේ 2014 වසරෙදියි. ඒ නිසා මැතිවරණය කල් දමන්න ගේන පනතක් කියල කාටවත් කියන්න බැහැ. මැතිවරණය කල් දැමීම ගැන මෙ පනතේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. අඩුම තරමින් ඒ ගැන කතා කරලවත් නැහැ.

මෙම පනතට ජනතා විමුක්ති පෙරමුණ හා සමඟි ජන බලවේඟය විරුද්ධ ඇයි කියන්න මම දන්නෙ නැහැ. මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් විශාල වාසි ලැබෙන බව මම විශ්වාස කරනවා. මෙම පනතේ මූලික අරමුණ සම තරඟ බිමක් නිර්මාණය කිරීමයි. හැමෝටම එක හා සමානව වියදම් කරන්න පුළුවන්. එතකොට හැමෝටම සාධාරණයක් වෙනවා. දුප්පත්ම පුද්ගලයගෙ ඉඳල ධනවත්ම පුද්ගලය දක්වා සාධාරණ ඡන්ද ක්‍රමයක් ඇති වෙනවා.

ඉස්සර පවුල් පසුබිම්තුළ මැතිවරණවලට ඉදිරිපත් වුණා. හොඳ දේශපාලන වැඩපිළිවෙලක් තිබුණා. නමුත් 1977න් පසුව සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මේ රටේ මැතිවරණවලට සල්ලිකාරයෝ, කුඩුකාරයෝ, අරක්කු කාරයෝ දේශපාලනයට ආවා. ඒ නිසා මැතිවරණ ක්‍රමය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති වුණා. ඒ වගේම සල්ලි දීල ඡන්දය ගන්න බවටත් චෝදනාවක් ආවා. මේ පනත මගින් ඒව නතර කරන්න පුළුවන්. සල්ලිවලින් විතරක් දේශපාලනය කරන්න පුළුවන් කියන මතය නැති කරන්නත් පුළුවන්.

දේශපාලන පක්ෂවලට නීති විරෝධි අරමුදල් යොදාගන්න බැරි වෙනවා. සමඟි ජන බලවේඟයට බස් අරන් දෙන්න සල්ලි කොයින්ද කියල මිනිස්සු අහනවා. මේ වැඩ පිළිවෙලට පිටරට එල්.ටී.ටී.ඊ කාඩර්වලින් සල්ලි එනව කියල ගොඩාක් අය කියනවා. මම එහෙම කියන්නෙ නැහැ. මේ වැඩපිළිවෙල හොඳයි. ඒ නිසා මේ පනතට සහය දීල විපක්ෂයට නිවරදි වෙන්න පුළුවන්.

මම අරගලයෙන් බැටකාපු මිනිහෙක්. අපි ඊයේ පනතක් ගෙනාව. ඒ පුනරුත්ථාපන කාර්යංශ පනත. ඒකට සමඟි ජන බලවේඟයයි, ජනතා විමුක්ති පෙරමුණයි විරුද්ධ වුණා.ඒක පෙන්වන්න හැදුවේ අරගලයේ හිටපු අයට විරුද්ධ කුමන්ත්‍රණයක් විදියටයි. එහෙම නෑ. අරගලයට වියදම් කළෙ විදේශ බලවේග, එල්.ටී.ටී.ඊ කාඩර් එක, බෞද්ධ විරෝධී බලවේග. අරගලයේ හිටපු මිනිස්සු අද ඡන්දය ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණින් හා සමඟි ජන බලවේඟයෙනුයි.

මැයි 9 වැනිදා ගෙවල් ගිනි තියන කොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. ඒ මිනිස්සු මොනව කරලද. ඒ නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඡනදය ඉල්ලන්න බයයි. අරගලයෙන් කිව්වෙ පොහොට්ටුවේ එකෙක් ආවොත් ගහන්න, මරන්න කියන එකයි. අද වැඩක් කරල ගමට යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඡන්දයට සූදානම් වෙන්න බැරි විදියෙ වැඩ පිළිවෙලක් අරගලකාරයෝ ඇති කළා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්.

කැට හොලවල සල්ලි එකතු කරන දේශපාලන පක්ෂයකට මෙහෙම සල්ලි කොයින්ද කියල සමහරු අහනවා.අනුර කුමාර මහත්තය යන යන තැන්වලට කටවුට් ගහන්නෙ කොහොමද කියල අහනවා. අරගලයෙන් ලැබුණ සල්ලි මේවට වියදම් කරනව කියල සමහරු කියනවා. කලු සල්ලි සුදු කරපු විදිය තමයි ඒක.

ඒ වගේම විශ්ව විද්‍යාල සිසුවිය ඝාතනය කළ ඝාතකයා වසන්ත කුමාර මුදලිගේ සමඟ අරගලයේ හිටපු කෙනෙක්. ඒ බව ෆේස්බුක් එකේ තියෙනවා. තමන්ගෙ මතයට නැත්නම් ඌව මරණ එකද හරි. මෙවැනි ළමයින් පුනරුත්ථාපනය කළ යුතුයි. මැයි 9 වැනිදා වුනෙත් ඒකයි. තමන්ගේ මතයට නැති නිසා අර අහිංසක මන්ත්‍රීතුමා මැරුවා. අරගලයට වියදම් කළේ කුඩු කාරයො. මාස තුනක් අරගලයට කෑම දුන්නේ ඒ අයයි. ඒව ගැනත් හොයන්න ඕන. මම මේව ඒ කලෙත් කිව්වා. හැබැයි හැමෝම මට බැන්නා.

පොහොට්ටුවෙ උන්ට ගැහුව්වා. දැන් උන්ට එන්න බැහැ.ඒ නිසා අපිට ගම දිනා ගන්න පුළුවන් කියල කවුරු හරි හිතනවනම් ඒ අයටත් වෙන්නෙ තමන්ගේ ගෙවල් ගිනි තියව ගන්නයි. මිනිස්සුන්ගෙ මනස ඒ ගාණට හැදිලා. කවුරු හරි අධිකරණයට යනකොට සුදු ඇඳුමක් අඳගෙන, උඩ බොත්තම දාගෙන යන්න විනයක් තියෙනවා. එහෙමනම් නීතීඥවරුන්ට හුරේදාලා, අත්පුඩි ගහල පිළිගත්තම හරි යනවද?. පොදුදේපළ පනත යටතේ සාමාන්‍ය මිනිහෙක් උසාවි දැම්මොත් මාස තුනක් යනකම් ඇපගන්න බැහැ.හැබැයි අරගලයට සම්බන්ධ අයට ඇප දුන්නා. ඒව දකිනකොට සමාජය හිතනව අපි කරපු දේ හරි කියල.

ඒ නිසා මෙම පනතට සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන. මේ පනත ආණ්ඩුව ඉදිරිපත් කළාට යෝජනාව අවේ මැතිවරණ කොමිසමෙනුයි. විපක්ෂනායකතුමා තමන්ගෙ කතාවෙදි බස් බෙදපු හැටියි, දිවුරුම් ප්‍රකාශ ගැනයි කිව්වා. හැබැයි එතුමා අඩුම තරමේ තමන් ගේන සංශෝධන ගැනවත් කතා කළේ නැහැ. අපි කවදාවත් මැතිවරණ කල් දමන්න කටයුතු කරන්නෙ නැහැ.අපි දිනුම ජරාජය දෙකම භාර ගන්න ඕන. පරාජයට බයේ තීන්දු ගන්න හොඳ නැහැ.අපි ගන්න ඕන රටට හොඳ තීන්දුවක්.

ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය සිසුවිය ඝාතනය කල ඇගේ පෙම්වතා අරගලයේ ප‍්‍රබලයෙක්?
වෛද්‍ය සිසුවිය ඝාතනය කල ඇගේ පෙම්වතා අරගලයේ ප‍්‍රබලයෙක්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaeePDWvqzK_EXI72Rk-bNn8J3DhGLii5dpnf8wqqREfL68AMxTtkkb34mvsmifsy6t16dj6RBADKVDkyYmH7lvdWyfPXPaeOzQKSdY1TYnLKXZN0t9X6h8IaMusG5KDzfFY57dkSSPhLfreLOdjQQwmAYJQ4_itYaAyHt-99AZNCGqcxGpR61eQ/s320/pasidu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaeePDWvqzK_EXI72Rk-bNn8J3DhGLii5dpnf8wqqREfL68AMxTtkkb34mvsmifsy6t16dj6RBADKVDkyYmH7lvdWyfPXPaeOzQKSdY1TYnLKXZN0t9X6h8IaMusG5KDzfFY57dkSSPhLfreLOdjQQwmAYJQ4_itYaAyHt-99AZNCGqcxGpR61eQ/s72-c/pasidu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy