දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : යම් කිසි අනාවරණය වීමක් කරගෙන තිබෙනවා... දැනට හෙලි කරන්න බෑ - පොලිසිය
Homeප්‍රවෘත්ති

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : යම් කිසි අනාවරණය වීමක් කරගෙන තිබෙනවා... දැනට හෙලි කරන්න බෑ - පොලිසිය

PropellerAds

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතකයින් පිලිබඳව හෝ එය කුමන අරමුණකින් සිදුකරන ලද්දක්ද යන්න තවමත් අනාවරණය කර ගැනීමට නොහැක...

ගුරුවරියන්ගේ සාරි ගලවන්න හදන ස්ටාලින්ට, වසන්තා හඳපාන්ගොඩ අමුඩයක් ඇඳං ඉස්කෝලෙ එන්න කියයි
ආණ්ඩුව අමරදේවයන් ගැන නොබලද්දී සිසු නන්දා මාලිනිය බලයි! අවුරුදු 6ක් මල් ශාලාවක තිබූ භෂ්මාවශේෂ අතින් සල්ලි ගෙවා අපේ ගමේ තැන්පත් කරයි!
ඊලඟ බිල්ල ජයරුවන් බණ්ඩාර?… රවී කුමුදේශ් සහ උපුල් රෝහණ ගැනත් අභ්‍යන්තර විමර්ශන ඇරඹිලා!
කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතකයින් පිලිබඳව හෝ එය කුමන අරමුණකින් සිදුකරන ලද්දක්ද යන්න තවමත් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ කිසිදු පුද්ගලයෙකු මෙතෙක් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නොමැති බවයි.

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතා මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගම් සමූහයක කළමනාකරණ අධ්‍යක්ෂ ධූරයත් ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂ ධූරයත් දරමින් සිටියේ ය.

පසුගිය බ්‍රහස්පතින්දා(15) පස්වරුවේ දෑත් සහ ගෙල බැඳ බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මොටර් රථය තුළ සිටියදී සොයාගත් ශාෆ්ටර් මහතා රෝහල්ගත කළ අතර පසුව එදින රාත්‍රියේ ඔහු මියගිය බව පවුලේ සාමාජිකයෝ දැනුම් දුන්හ.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් දැනට හෙලිවී ඇති කරුණු මොනවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරී නීතීඥ නිහාල් තල්දූව මහතා

“මෙතෙක් මෙම අපරාධය සිදුකළේ කවුද, මෙය සංවිධානය කළේ කවුද, කුමනාකාරයෙන් මේ අපරාධය සිදුවුනාද යන්න පිලිබඳව අනාවරණය වීමක් නැහැ නමුත් විමර්ශන නිලධාරින් කුඩා කණ්ඩායම් වශයෙන් බෙදිලා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සැක සිතන ක්ෂේත්‍රයන් ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා. කිසිදු පුද්ගලයෙකු මේ වනවිට අපි සැකකරුවෙකු ලෙස හදුනාගෙන නැහැ.”

අපරාධයට හේතුව හෝ අපරාධකරුවන් හඳුනාගෙන නැතත් ප්‍රශ්ණගත කරුණු ගනණාවක් මේ වනවිට මතුවී තිබේ.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර ඇති ආකාරයට අනුව 15වෙනිදා පස්වරු 1.55 ට පමණ ඔහු කොළඹ මල්පාරේ නිවසින් පිටත්ව ගොස් තිබේ.

එදින රාත්‍රීයේ නැවත විදෙස් ගතවීමට සිටි ශාෆ්ටර් මහතා බිරිදට දැනුම්දී තිබුනේ පැය බාගයකින් ආපසු පැමිණෙන බවයි.

හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා සම්බන්ධවෙන්නේ කෙසේද?

බ්‍රයන් තෝමස් සම්බන්ධ වෙන්නේ ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ සිට රෝහල් ගත කිරීමට ගිය ඔහුගේ සමාගමේ විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරා නමැත්තාගේ ප්‍රකාශයකිනි.

පස්වරු 2.15 පමණ ශාෆ්ටර් මහතාගේ බිරිඳ සැමියාට වට්ස්ඇප් පණිවිඩයක් යොමුකර ආපසු පැමිණීමට තවත් කාලය ගතවනවාදැයි විමසා තිබූ අතර ඊට පිළිතුරු නොලැබුණු නිසා ඇය ජී.පී.එස්. මඟින් දුරකතනය ඇති ස්ථානය විමසා තිබේ.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතැයි, ඇය එහිදී අනාවරණය කර ගැනීමෙන් පසුව වහා ක්‍රිෂ් පෙරේරා නැමැත්තාට අමතා තිබිණි.

බොරැල්ල පොදු සුසාන භූමිය තුළ සිටින බව දැක්වෙන දත්ත තමන්ට එවා ඇතැයි එම අවස්ථාවේ ක්‍රිෂ් පෙරේරා මහතා ශාෆ්ටර් මහත්මියට ප්‍රකාශ කළ බව මෙතෙක් කළ විමර්ශනවලදී හෙලිවී තිබේ.

බ්‍රයන් තෝමස් මහතා හමුවීමට ගිය බව ප්‍රකාශ වී තිබුනේ ක්‍රිෂ් පෙරේරා මහතා පොලිසියට දුන් ප්‍රකාශයෙනි.

නමුත් බ්‍රයන් තෝමස් මහතා පවසන්නේ දිනේෂ් ශාෆ්ටර් මහතා තමන් පැමිණෙන තුරු සිටින බවට වට්ස් ඇප් පණිවිඩයක් යොමුකර තිබුණේ පස්වරු දෙකෙන් පසුව බවයි.

එම වට්ස්ඇප් පණිවිඩයේ තමන් පැමිණිය යුතු
ස්ථානයක් සඳහන් කර නොතිබූ බවද ඔහු පෙන්වා දෙයි.

බ්‍රයන් තෝමස් මහතා පවසන්නේ, ඉංග්‍රීසී භාෂාවෙන් යොමුකර තිබූ පණිවිඩයේ භාෂා විලාශයද දිනේෂ් ශාෆ්ටර් මහතාගේ නොවන බව තමන්ට හැඟීගිය බවයි.

ඒ අනුව ශාෆ්ටර් මහතා හමුවීමේ අවශ්‍යතාවයක් නොමැති බවට දන්වා තමන් එම මොහොතේම වට්ස්අප් පණිවිඩයක් යැවූ බව තෝමස් මහතා සදහන් කළේ ය.

ශාෆ්ටර් මහතා රෝහල් ගතකළ ආකාරය ගැනත් අවධානය,

ශාෆ්ටර් මහත්මියගේ දැනුම්දීම අනුව බොරැල්ල පොදු සුසාන භුමියට ගිය ක්‍රිෂ් පෙරේරා මහතා තම රථය මග නතර කර සුසාන භුමියට ගොස් තිබේ.

එයට හේතුව ලෙස ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ අධික මාර්ග තදබදය හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ක්‍රිෂ් පෙරේරා මහතාගේ ප්‍රකාශය අනුව ඔහු ශාෆ්ටර් මහතාගේ රථය අසලට යනවිට ඔහුගේ ගෙල වයරයකින් රියදුරු අසුනට තබා ගැට ගසා තිබී ඇති අතර අත්දෙක ඉදිරිපසට කර ප්ලාස්ටික් රැහැනකින් බැඳ දමා තිබේ.

ගෙල බැඳ දමා තිබූ වයරය ලිහිල් කිරීමට ක්‍රියා කළ බවත් අනතුරුව උදව් ඉල්ලා කෑ ගැසූ බවත් ක්‍රිෂ් පෙරේරා මහතා පොලිසියට කළ ප්‍රකාශයේ සදහන් වේ.

පසුව ශාෆ්ටර් මහතා ඉදිරිපස අසුනින් ඉවත්කර එම මෝටර් රථයේම පිටුපස අසුනින් තබා සුසාන භුමියේ සේවකයෙකුද සමග ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

පස්වරු 3.55 පමණ ශාෆ්ටර් මහතා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය බොරැල්ල පොලිස්ථානයට දැනුම්දී තිබුනේ රෝහල් පොලීසියයි.

බොරැල්ල පොදු සුසාන භූමියට ගිය ක්‍රිෂ් පෙරේරා මහතාගේ දුරථකතනයටත් සැමියාගේ දුරකනතයටත් දිගින් දිගටම ඇමතුවත් ප්‍රතිචාර නොදැක්වූ බවත් අවසානයේ සැමියාගේ දුරථකතනයට රෝහලේදී නාදුනන පුද්ගලයෙකු පිලිතුරු දෙමින් තත්ත්වය දැනුවත් කළ බවත් ශාෆ්ටර් මහත්මිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ, ශාෆ්ටර් මහතාගේ නාසය මත නියපොතු පහරක් වැනි සීරීමක හා පාදයේ කුඩා තුවාලයක් පමණක් දක්නට ලැබුණු බවයි.

ප්‍රශ්ණය –
පැමිණි මාර්ගය මල් පාරේ සිට කෙලින්ම කනත්ත දක්වා පැමිණි මාර්ගය ලෙස තහවුරුවීමක් සිද්ධ වෙලා තිබේද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා

“විමර්ශන නිලධාරීන් විසින් යම් කිසි අනාවරණයවීමක් කරගෙන තිබෙනවා, නමුත් විමර්ශනයට බාධාවන ආකාරයේ කරුණු අනාවණය කිරීමේ හැකියාවක් නැහැ. සැකකාර මාර්ගයේ තිබෙන සීසීටීවී දර්ශන රාශියක් පිලිබඳව සොයා බැලීමක් කරලා තියනවා. ඒ වගේම ඒවගේ දර්ශන පරීක්ෂා කිරීමක් කරලා තියනවා.”

දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත තුළට රථය පදවාගෙන ආවාද? නැත්නම් වෙන පුද්ගලයෙක් හෝ පිරිසක් රථය පදවාගෙන ආවාද?

අපරාධය සිදුවන දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේ අවමංගල්‍ය 6 ක අවසන් කටයුතු සිදුවෙමින් තිබූ නිසා සැලකිය යුතු පිරිසක් එහි සිටින බව අපරාධකරුවන් කල් තියා දැන සිටියාද?

එදින වැඩිම පිරිසක් සහභාගිවූ අවමගුල පැවති ස්ථානයට නුදුරින් ශාෆ්ටර් මහතාගේ රථය හමුවීමත් අවධානය යොමුවිය යුතු කරුණක් නොවේද?

බොරැල්ල පොදු සුසාන භූමිට අපරාධයක් සිදුකර පහසුවෙන් පලායාමට හැකි ස්ථානයක්ද? බොරැල්ල පොදු සුසාන භූමිය සීසීටීවී නැති පොදු ස්ථානයක් බව අපරාධකරුවන් කල් ඇතිව දැන සිටියාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු විමර්ශන කණ්ඩායම් ගනණාවක් මේ දින කිහිපයේම සීසීටීවී ඇතුලු සාක්ෂි සොයා බොරැල්ල පොදු සුසාන භූමිය හා අවට අඛණ්ඩ විමර්ශන වල නිරතවෙමින් සිටියි. නමුත් තවමත් මේ අපරාධය ගැන තොරතුරු ජනතාව හමුවේ හෙලිකර නැත.

කීර්තිමත් ව්‍යාපාරිකයෙකු ජනාකීර්ණ කොළඹ නගරයේ පොදු සුසාන භූමියක මේ අයුරින් ඝාතනය කළේ කවුද? කාගේ උවමනාවකටද?

– newsfirst
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : යම් කිසි අනාවරණය වීමක් කරගෙන තිබෙනවා... දැනට හෙලි කරන්න බෑ - පොලිසිය
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : යම් කිසි අනාවරණය වීමක් කරගෙන තිබෙනවා... දැනට හෙලි කරන්න බෑ - පොලිසිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgWkJTDaSRE85oYEOrbgTXdZz2ra_D3IF_s7y2iElXdKp3F92xXxom8IAM4Zn7I98eMBic3nq-R0I01ioqAyYC7OKtPiFIPWghawM_XzXRfRgN51G9orYjrzYk60rW8u6l_lFoKcc8Dcq2tywXpyhMuke3Z4oPqm8o7BH2-RgAvx6dFk3X8IYzOw/s320/nihal.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgWkJTDaSRE85oYEOrbgTXdZz2ra_D3IF_s7y2iElXdKp3F92xXxom8IAM4Zn7I98eMBic3nq-R0I01ioqAyYC7OKtPiFIPWghawM_XzXRfRgN51G9orYjrzYk60rW8u6l_lFoKcc8Dcq2tywXpyhMuke3Z4oPqm8o7BH2-RgAvx6dFk3X8IYzOw/s72-c/nihal.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy