දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රි ලංකාව තවත් ලෝක වාර්තාවක් අබියස – ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි!
Homeප්‍රවෘත්ති

ශ්‍රි ලංකාව තවත් ලෝක වාර්තාවක් අබියස – ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි!

PropellerAds

ලෝකයේ වේගයෙන්ම දරිද්‍රතාවට පත්වූ රට ලෙස ශ්‍රි ලංකාව පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපකිවරයා කැබූ වාර්තාවට අමතරව ලෝකයේ වේගයෙන්ම කඩා වැටුණු ර...

කතනයකග පත ගන වපකෂනයක පරලමනතවද බරපතළ පරකශයක කරය (VIDEO)
මතරජ සට කනද වහරයට රන දයර කල 2.8ක දනන පරනද වන..- තය කණඩයම කනජන ශලප
රට ගන වඩක නම සලක බලනනම මනතර ධරයවත ආරකෂ කරගත නහක ඔබ වපකෂය ගන කරදර වනන එප සජබ ජනපතට කයය
ලෝකයේ වේගයෙන්ම දරිද්‍රතාවට පත්වූ රට ලෙස ශ්‍රි ලංකාව පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපකිවරයා කැබූ වාර්තාවට අමතරව ලෝකයේ වේගයෙන්ම කඩා වැටුණු රට ලෙස ශ්‍රි ලංකාව ලෝක වාර්තාවකට ආසන්න වෙමින් සිටින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි . 2022 වසරේ සියයට සෘණ 8.4ක සංකෝචනයක්  පෙනනුම් කළ ශ්‍රි ලංකාව ලබන වසර තළලදී තවක් සියයට 4කින් පහළට වැටෙන බව පෙන්නුම් කරන බවත් ඒ අනුව වේගයෙන්ම පහළට වැටෙන රට බවට පත්වනු ඇති බවටත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති සමගි ජනබලවේග සම්මේලනයේදී ය.

පක්ෂ භාණ්ඩාගාරිකවරයා ලෙස පක්ෂ ගිණුම් වාර්තා ඉදිරිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

“අපි කිව්වා වගේම කුඩා ව්‍යාපාර නෙමෙයි හෙට අනිද්දා වෙන විට මධ්‍යම ව්‍යාපාරත් වැටෙයි මොකද 2023 ජනවාරි පළවෙනිදා ඉඳලා සියලුම ආයතන ආදායම් වලට නැවතත් බදු ඉහළ දානවා. සියයට  දාහතරකට තිබුණු සහන බද්ධ අපනයන ක්ෂේත්‍රය තුළ සියලු දෙනාටම සියයට 30 ට ඉහළ දානවා පුද්ගලික ආදායම් බදු සියයට 18 තිබුණු එක උපරිමය සියයට 36 ට වැඩි කරනවා ඒ සියලු දේ නිසා ආර්ථිකය 2022 දී  – 8.5 ක වේගයක් වර්ධනය වුණා. ඒ කියන්නේ සංකෝචනය වුණා ඒ කඩාවැටීම ඊට පස්සේ නැවතත් එන අවුරුද්දේ 4% හමාරකින් කඩාගෙන වැටෙනවා මේ නිසා අවසාන ප්‍රතිඵලය මොකද වෙන්නේ ලංකාව ලෝක වාර්තාවක් තියෙනවා දැනටමත් එක බාගෙට තියලා තියෙන්නෙ ඒ තමයි ගෝඨාභය රාජපක්ෂගේ වාර්තාව ලෝකයේ ශීඝ්‍රයෙන් දරිද්‍රතාවය ඉහළ ගිය රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යනකොට මේ රටේ හිටියේ දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටිය ලක්ෂ තිහයි අද ඒක ලක්ෂ 96ට වැඩි වෙලා.

රට බංකොලොත් කරලා ජනතාව අසරණ කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගෙන කියනවා ගිය පාර වැරදුනාලු අළුත් පාරක යන්න වෙයි ලු ඒ පාර කටුකයි ලු දැනටත් වඩා අමාරු වෙයි ලු සියලු දේ නැවතත් මිල ඉහළ යාවිලු බඩයි පිටයි ඇලෙන සයිස් එකට පටි තද කරගන්න ලු මිත්‍රවරුනි අපි පැහැදිලි කරපු දේ අහන්නේ නැතුව අපේ අභිමානවත් රට ආගාධයට ඇදලා දාපු මේ හාදයින්ට රට ගොඩගන්න වැඩපිළිවෙළක් නැහැ ගහලා පන්නපු සෙට් එක දැන් ආයෙත් කට දත මැදගෙන ඇවිත් කියනවා අද ලංකාදීප පත්තරේ දාලා තියෙනවා පළාත් පාලනය දිනන්න පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න කියලා ජීවිතේට මේ අයට රනිල් තියා ලී ක්වාන් යූ එක්කවත් මේ ලංකාව ගොඩ දාන්න බැහැ මිත්‍රවරුනි ගොඩයමු කියන කතාව බොරු

.නැවත රැවටීමකට මහජනතාවට රට ගොඩගන්න කියලා නැති වෙනකම් බදු ගහලා ඔන්න ඒ කට්ටිය රනිල් ජනාධිපති රාජපක්ෂ ආණ්ඩුව තවත් ඇමතිලා දහයක් පත් කරන්න යනවාලු .රනිල් බලන්නේ කොහොමහරි වැල් පාලමෙන් රාජපක්ෂයි ගෝලයෝ රොත්තයි බේරගන්න. මිත්‍රවරුනි අපේ අනිත් ජාතිවාදියෝ රට වටේ ගිහින් කියනවා ඒ අයට වැඩපිළිවෙළක් තියෙනවලු විසඳුම කියලා මම බැලුවා මොකක්ද ඒ විසඳුම කියලා එක විදේශ විනිමය එවයි ලු ඒ අය දැන් රට රටවල් වලට ගිහිල්ලා ඉල්ලනවා විදේශ විනිමය එවන්න කියලා. රටවලින් ආධාර කරයි ලු ඒ අය ආවොත් ඒ වගේම මහා විශාල ආයෝජන ගලා ගෙන එයිලු ඒ අය ආවොත් සියලු ජනතාව එකතු කරගෙන රට ගොඩගන්න පුළුවන් ඒ අයට තිත්ත ඇත්ත තමයි ඒව සුරංගනා කතා අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන ආර්ථික ප්‍රතිසංවිධානය කරන්න ඕන. රට ගොඩගන්න පුළුවන් එහෙමයි. අපිට බොරු කියන්න හැකියාවක් නෑ ලංකාව ලෝකයට එකතු කරන්න ඕන එහෙම නැතුව රට ගොඩ ගන්න බෑ අපේ රට වට කරලා තියෙන තාප්ප ටික කඩලා දාන්න ඕන ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතුවෙන්න ලංකාවෙ ඉදලා ලෝකෙට පාලම් බඳින්න ඕන ඇඟලුම් කර්මාන්තයේ ඉඳලා ටෙලිවිෂන් හදන්න ඕන පරිගණක වලට යන්න ඕන විදුලි උපකරණ හදන්න ඕන එවැනි සංකීර්ණ නිෂ්පාදන වලට අපි යන්න ඕන ඒ කරන අතරේ අපි ජනතාවගේ දුක අමාරුකම් හඳුනාගන්න ඕන කෘෂිකර්මයට තාක්ෂණයකට කරලා ඔවුන්ව රැකබලා ගන්නවා ඕන අඩු ආදායම් ලබන අයට එයට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න ඕන ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල නිර්මාණය කරන්න ඕන ඒ තමයි අපේ සමාජ සාධාරණත්වය ඒක තමයි අපේ පක්ෂයේ ආර්ථික දැක්ම දැනුම හා තාක්ෂණය මත පදනම් වෙච්ච ඉහළ තරගකාරීත්වයක් තියෙන සමාජ වෙළඳ ක්‍රමයක් නිර්මාණය කරන්න ඕන ඉන්දියන් සාගරය කේන්ද්‍රස්ථානය හැටියට.

සමගි ජන බලවේගය විතරයි මේ හැකියාව තියෙන්නේ අපිට විතරයි මේ සංකීර්ණ විසඳුම තේරුම් ගන්න පුළුවන් නායකයෙක් ඉන්නේ කියලා සියලු දෙනාටම ප්‍රකාශ කරනවා වෙන කිසිම නායකයෙක් මේ කාරණා දෙක තේරුම් ගන්න බැහැ ඒක පැත්තෙන් ආර්ථික ප්‍රතිසංස්කරණය අනිත් පැත්තෙන් සමාජ සාධාරණය හැකියාව තියෙන විතරයි සහ කණ්ඩායමේ සහ දැකීම තියෙන්නෙ වංචාකාර හොරු නැති ටීම් එකක් ඉන්නේ මේ තරුණ ප්‍රජාවට අපිට විතරයි බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වෙන්නේ.“


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රි ලංකාව තවත් ලෝක වාර්තාවක් අබියස – ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි!
ශ්‍රි ලංකාව තවත් ලෝක වාර්තාවක් අබියස – ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9idrEYPz50Hh3bCN-IYHeEmY01VjAvcoxxgZf3MH21K5gfNULGwBnYf-GR4f1nOkVWTake4s-mUMJmgwUHubUTaBbzrFq3t8e19H5OjId8EEUXz8CbL130KwYfhRy8EAe82vKsoKvWj8yxMROKa7pN3SyqIPgqPW-G63OiSywmSq4HM4A3t-Myg/s320/harsha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9idrEYPz50Hh3bCN-IYHeEmY01VjAvcoxxgZf3MH21K5gfNULGwBnYf-GR4f1nOkVWTake4s-mUMJmgwUHubUTaBbzrFq3t8e19H5OjId8EEUXz8CbL130KwYfhRy8EAe82vKsoKvWj8yxMROKa7pN3SyqIPgqPW-G63OiSywmSq4HM4A3t-Myg/s72-c/harsha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy