දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…
Homeප්‍රවෘත්ති

ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…

PropellerAds

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු ක...

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට !
ගහන්න ඉන්ජෙක්ෂන් නෑ: කොරෝනා එන්නත ලබා දීම නවත්වයි
වියත්මග ප‍්‍රබලයෙක් සජිත් ලගට.. උපදේශකකමක් ලැබේ !
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බව තහවුරු කිරීමයි.

ඒ අනුව මෙතෙක් මේ ඝාතනයේ සැකය දැඩිව එල්ල වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයා සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (24) සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත. එහිදී එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම්වලින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව කියයි. කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම කේබල් ටයි හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අනාවරණය වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය සැකය මුළුමනින්ම යොමු කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධ අලුත් මතය තහවුරු කර ගැනීම වෙනුවෙනි.

මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන් සැකයෙන් නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් පියවර ගෙන හමාරය. ව්‍යාපාරික ගනුදෙනුවක් මත හෝ වෙනත් මූල්‍යමය සිදුවීමක් මුල් කරගෙන ඔහුගේ මරණය සිදුව ඇතැයි තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය සාක්ෂි මේ වන විටත් රැස් කරමින් පවතී. ෂාෆ්ටර් මහතාගේ හා පවුලේ අයගේ මෙන්ම ව්‍යාපාරික හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කර ඇත්තේද එබැවිනි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් නොවන බවද මෙහිදී පැහැදිලිවම පෙනී ගොස් ඇත. ඔහුට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් වී නම් මෝටර් රථය එවැනි තැනක නතර නොකරනු ඇත.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට එදින සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාරද ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. එම ආහාර ඔහු විසින් කා ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැට ගසා තිබුණු කේබල් ටයි වර්ගය බහුල වශයෙන් මෙරට භාවිත කරන වර්ගයේ එකක් නොවන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේම දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වී සිටි මෝටර් රථය අසළින් යම් පුද්ගලයෙකු ගමන් කරන අයුරු කනත්තේ සුළු සේවකයෙකු දැක තිබිණි. එම පුද්ගලයා කවුරුන්ද යන්න කරුණු අනාවරණය වී නැත. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මතු කර ගත් අලුත් කරුණ අසාමාන්‍ය තත්ත්වයක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ අතර අධ්‍යක්ෂවරයා සිය නැන්දම්මාට යවන ලද කෙටි පණිවිඩයක් සම්බන්ධව විමර්ශකයන් විසින් අවධානය යොමු කර ඇති අතර මේ වගේ හොඳ දුවෙක් හදලා මට ලබා දුන් අම්මාට බොහොම ස්තූතියි යනුවෙන් එහි දක්වා තිබේ.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයිද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ කෝටි 85ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත දුන් රුපියල් කෝටි 160ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2000ක් පමණ ඔහුට පාඩු වී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ මේ ඝාතනය කළේ කුමන හේතුවක් මතද? කුමන ආකාරයකටද? මේ ඝාතනයේ අපේක්ෂාව කුමක්ද? සැලසුම කුමක්ද? ආදි තොරතුරු අනාවරණය කර ගැනීමට මේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදු කරන බවය.

මේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව මේ වන විට පුද්ගලයන් 75 දෙනකුට වැඩි ප්‍රමාණයකින් සාක්ෂි සටහන් කර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. ඒ ඔස්සේ ලැබෙන නව තොරතුරු විශ්ලේෂණය කරමින් සාක්ෂි සොයා යන බවද ඔහු කීය. සාක්ෂි සටහන් කර ගත් අය අතර පවුලේ සාමාජිකයන්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ආවරණය වන පරිදි සාක්ෂි සටහන් කර ගැනීම් සිදු වී තිබෙන බවද නිහාල් තල්දූව මහතා කීය.

එසේ ප්‍රශ්න කිරීමට ලක්වූ අය අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයන් දෙදෙනාද සහෝදරියකද සිටින්නේය. ඒ අයගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාර ගනුදෙනු ගැනද බොහෝ තොරතුරු විමසා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය ටානි ශමින්ගෙන් බොරැල්ල පොලිසිය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණද නැවත වරක් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ විවිධ අවස්ථාවලදී ලැබෙන සාක්ෂි සහ ප්‍රශ්නගත අවස්ථාවන් නිරාකරණය කර ගැනීම සඳහාය.

මේ විමර්ශනයේදී ආරක්ෂක කැමරා දර්ශන විශාල පිටිවහලක් වූ බවද නිහාල් තල්දූව මහතා පැවසීය. පුද්ගලික නිවාස සහ ආයතනවලින් ලද එම ආරක්ෂක කැමරා දර්ශන ඉදිරි විමර්ශන සඳහා විශාල සහායක් වූ බවද ඔහු කීය.

මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනයට අමතරව ඔහුගේ බිරිය ටානි ශමින්, දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරකු මෙන්ම සේවකයකුද වන ක්‍රිෂ් පෙරේරා, දිනේෂ් ෂාෆ්ටර්ව බොරැල්ල සුසාන භූමියේදී හමුවීමෙන් පසු රෝහලට රැගෙන යෑමට සහාය දුන් සුසාන භූමි සේවකයාගෙන් මෙන්ම ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ කාර්යාලයක කාර්ය සහායකයකුගේද ජංගම දුරකතන අංකයක්ද අධිකරණ නියෝගයකින් ජාල විශ්ලේෂණයකට යොමු කර තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ
බණ්ඩාරගම – බිමල් ජයසිංහ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…
ෂාෆ්ටර් ඝාතනය කණපිට පෙරලේ.. ගෙල සිරකල වයර් කැබලි නිවසින් හමුවේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-QWwSprGkr5ZP9XT13BdG1_HVysY1Zm0F5dPre9TUVCn-H-9YY8pgRYv3qJCuKqdTQjstPsAv7Hc0o8vK7yPvFDbzArpnYSqmoU-vwOlODbEO62TlZHjWCmSMob3XY-9l6Rg1_1KzcxXYT3Et2VWxEG_lieFkt6wKK-aRZht653vfmyk3dnYwr-Tp6w/s320/r5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-QWwSprGkr5ZP9XT13BdG1_HVysY1Zm0F5dPre9TUVCn-H-9YY8pgRYv3qJCuKqdTQjstPsAv7Hc0o8vK7yPvFDbzArpnYSqmoU-vwOlODbEO62TlZHjWCmSMob3XY-9l6Rg1_1KzcxXYT3Et2VWxEG_lieFkt6wKK-aRZht653vfmyk3dnYwr-Tp6w/s72-c/r5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy