දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂාෆ්ටර් ඝාතනය නොසිතූ පැත්තකට.. විමර්ශකයෝ පඹ ගාලක…
Homeප්‍රවෘත්ති

ෂාෆ්ටර් ඝාතනය නොසිතූ පැත්තකට.. විමර්ශකයෝ පඹ ගාලක…

PropellerAds

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය වී අද වන විට දින 10ක් ගෙවී ගිය ද විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ...

කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ !
අවදානම් ප‍්‍රදේශ රැසක කොරෝනා පාලනය කලා.. රට තුල පැතිරීමක් නෑ.. ජනතා සහායට ස්තුතියි - පබා පලිහවඩන
දැවැන්ත සේවක කප්පාදුවක්, ලක්ෂ 2කට රැකියා අහිමියි !
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය වී අද වන විට දින 10ක් ගෙවී ගිය ද විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තුරු ශාෆ්ටර් ඝාතනයට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකු හෝ ඊට ආධාර අනුබල දුන්නෙකු හෝ කොටු කර ගැනීමට සමත් වී නැත.
එහෙත් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් කිසියම් ප්‍රගතියක් ලබාගෙන ඇති බව ය. ඒ නිසා වැඩිකලක් යන්නට මත්තෙන් දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයේ සැකකරුවන් හෝ ඊට ආධාර අනුබල දුන් අය කොටුකර ගැනීමට හැකිවෙතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය.
කෙසේ වෙතත්, මෙතෙක් සිදු කළ විමර්ශනයේදී එවන් ප්‍රගතියක් හෝ ලබාගත හැකිව ඇත්තේ දිනේෂ් ශාෆ්ටර්, ඔහුගේ බිරිය සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකුගේ ජංගම දුරකතන සම්බන්ධයෙන් කරන ලද සියුම් තාක්ෂණික විමර්ශනය නිසා ය.

මේ අතර, මේ පිළිබඳ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සැක කරන්නේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව ශාෆ්ටර් මහතා ඝාතනය සිදු කර ඇති බව ය.

එය තහවුරු කර ගැනීමට මෙම දුරකතන හතරේ විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණය කරන බව ද එම කොට්ඨාසය සඳහන් කළේ ය.

මේ වන විට ශාෆ්ටර් මහතාගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ද ශාෆ්ටර්ගේ බිරියගෙන් ද විමර්ශන කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඔවුන් තිදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ සංසන්දය කරමින් විමර්ශනයක් ද සිදු කෙරෙන අතර ශාෆ්ටර් මහතාගේ ව්‍යාපාරික ගැටලු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ ය.

මේ අතර, විමර්ශන නිලධාරීන්ට ශාෆ්ටර් මහතා ඝාතනය කළ ආකාරය තවමත් ස්ථීර වශයෙන් අනාවරණය කර ගැනීමට හැකි වී නැත.

ඉකුත් 15 වන දා සවස 2.05ට පමණ කොළඹ 7, මල්පාර නිවසින් පිටව ඇති ශාෆ්ටර් මහතා ඊට පැයකට ආසන්න කාලයක් තුළ ඝාතනයට ලක්ව ඇතැයි විමර්ශන කණ්ඩායම විශ්වාසය පළ කළේ ය.

එමෙන් ම, ශාෆ්ටර් මහතාගේ රථය බොරැල්ල දෙසට ගමන් කරන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන විමර්ශන කණ්ඩායම සතුව ඇතත් එලෙස මාර්ගයේ ගමන් ගන්නා රථයේ ශාෆ්ටර් මහතා ගමන් කරන්නේ තනිවම ද නැතහොත් තවත් කිසිවෙකු සමග ද යන්න මෙතෙක් ස්ථීර ලෙස තහවුරු වී නැත.

එහෙත් ඔහු බොරැල්ල දෙසට ගමන් කරන අතරතුර මලලසේකර මාවතේ පිහිටි අවන්හලකට ගොඩවැදී කෙටි ආහාර කිහිපයක් මිල දී ගෙන ඇති බවද අනාවරණය වී තිබේ. ඔහු දෙදෙනෙකුට සෑහෙන්න කෙටි ආහාර ලබාගෙන තිබූ අතර ශාෆ්ටර් මහතා ඝාතනයෙන් පසු ඔහුගේ වාහනය සෝදිසි කිරීමේදී එම ආහාර කිසිවක් හමුව නැති අතර ආහාර බහාලූ හිස් බෑගය පමණක් විමර්ශන නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව ඇත.

ඒ අනුව එම කෙටි ආහාර ඔහු තවත් පුද්ගලයෙකු සමග භුක්ති විඳීමට රැගෙන යන්නට ඇතැයි සැක කෙරෙන අතර ඔහු කවුදැයි හඳුනා ගැනීම සඳහා ආහාර බෑගයේ සටහන් ඇඟිලි සලකුණු ද ඇඟිලි සලකුණු නිලධාරීන්ගේ නිරීක්ෂණයට යොමු වී තිබේ.

එසේත් නැත්නම් ශාෆ්ටර් මහතාගේ ඝාතකයා එම කෙටි ආහාර භුක්ති වින්දේ දැයි යන සැකය ද විමර්ශන නිලධාරීන්ට මතුව ඇත.

ශාෆ්ටර් මහතා නිවසින් පිටව යද්දී ඔහු සිය බිරිය වන ටානි ශාෆ්ටර්ට පවසා ඇත්තේ, පැය භාගයක් ඇතුළත යළි නිවසට එන බවය. එලෙස පවසා සවස 2.05ට නිවෙසින් පිටව ගිය ඔහුගේ මළ සිරුර ශාෆ්ටර් මහතාගේ මාණ්ඩලික නිලධාරියා දැක ඇත්තේ ඊට පැයක කාලයකට පසුව ය. කෙසේ වෙතත් ඔහු දකිද්දි ශාෆ්ටර් මහතා ඔහුට අයත් රථයේ ම රියැදුරු අසුනේ බැඳ දමා තිබිණි.

දිනේෂ් ශාෆ්ටර් මෙසේ ඝාතනයට ලක් වන්නේ ඔහු එදා සිද්ධිය වූ දින රාත්‍රියේ එංගලන්තය බලා යාමට සිටි මොහොතක වීම නිසා ඒ ගැන ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ. විදේශගත වන්නට කලියෙන් සැලසුම් සහගත ලෙස ඔහු මරා දැමුවේ ද යන්න නිශ්චය කර ගැනීම සඳහා ය.

කෙසේ වෙතත්, ශාෆ්ටර් මහතාගේ විදේශ ගමන අපරාධකරුවන් දැනගෙන තිබෙන්නට ඇතැයි විමර්ශකයන්ගේ සැකයයි. එංගලන්ත ගමන රාත්‍රියේ යෙදී ඇති නිසා ශාෆ්ටර් මහතා ඉක්මනින් යළි නිවෙසට ඒම සඳහා ඔහු බොරැල්ල පොදු සුසාන භූමියට කෙළින්ම ගමන් කර ඇති බව සීසීටීවී දර්ශනවලින් පෙන්නුම් කළද අතරමගදී ඔහුගේ මෝටර් රථයට කිසිවෙකු ගොඩවූවේ ද එසේත් නැත්නම් ඔහු යම් අයෙකු හමු වී කෙටි ආහාර ගනිමින් ඔහු සමග කතාබහ කිරීමට ඔහු සුසාන භූමියට ගියේ ද යන්න තවමත් නිශ්චය වශයෙන් තහවුරු වී නැත.

කෙසේ වෙතත්, ව්‍යාපාරික පළපුරුද්දක් ඇති ශාෆ්ටර් මහතා පුද්ගලයෙකු හමුවීමට බොරැල්ල සුසාන භූමිය තෝරාගැනීම විමර්ශන නිලධාරීන්ගේ විමතියට හේතු වී තිබේ. ඔහු වැනි ව්‍යාපාරිකයෙකුට සුසාන භූමියට නොගොස් තරුපහේ හෝටලයකදී එම පුද්ගලයා හමුවීමට ඕනෑ තරම් ඉඩකඩ තිබෙන බැවින් ඔහු බොරැල්ල කනත්ත තෝරාගැනීම විමර්ශකයන්ට දැඩි ගැටලුවක් වී ඇත.

කෙසේ වෙතත් මෙවන් ව්‍යාපාරිකයෙකු කිසියම් අයෙකු හමුවීමට බොරැල්ල කනත්තට යන්නේ නම්, තනිව ම යාම සිදු නොකරන බව ත් රියැදුරෙකු හෝ සමීපතමයෙකු ඔහුගේ ආරක්ෂාවට රැගෙන යන බව ත් පවසන විමර්ශකයන් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත දක්වා තනිවම ගමන් කළේ නම්, ඒ අතිශය පෞද්ගලික ගමනක් බව විමර්ශකයෝ පෙන්වා දෙති.

කෙසේ වුව ද ශාෆ්ටර් මුණ ගැසීමට බොරැල්ල කනත්තේ කිසිවෙකු සිට ඇති බව විමර්ශනවලදී පෙන්නුම් කරන බව ද නිලධාරීහු එම පුද්ගලයා ශාෆ්ටර්ගේ ඝාතකයා විය හැකි බව සැක පහළ කරති.

ඔහු දිනේෂ් ශාෆ්ටර් ඝාතනය කර ඇත්තේ රියැදුරු අසුනේ සිටිද්දී බව මූලික පරීක්ෂණවලදී පෙනී ගොස් ඇතත් එය තහවුරු කරගත හැක්කේ ඝාතකයා කොටු වීමෙන් පසු බව නිලධාරීහු කියති. කෙසේ වෙතත් ශාෆ්ටර් ඝාතනය සැලසුම් සහගත ඝාතනයක් බව විමර්ශකයෝ පෙන්වා දෙති.

එමෙන් ම දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මෝටර් රිය බොරැල්ල දෙසට ගමන් කරන මොහොතේ ඊට පසුපසින් ගමන් ගන්නා රථවල අංක ඔස්සේ ද එම රථ හඳුනා ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබේ.

මීට අමතරව ශාෆ්ටර්ගේ බිරිය ටානි ශාෆ්ටර් මහත්මියගෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදී ම ප්‍රශ්න කොට ඇති අතර ඝාතනයට ලක්ව සිටි ශාෆ්ටර් මහතා කනත්තේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය ශාෆ්ටර්ගේ මිතුරෙකු වන ක්‍රිෂ් පෙරේරා මහතාගෙන් ලබාගත් ප්‍රකාශය ද විමර්ශනයට බෙහෙවින් වටිනා බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

ක්‍රිෂ්, දිනේෂ් ශාෆ්ටර් සමග වසර 19ක් තිස්සේ සමීප සබඳකම් පවත්වා ඇති අයෙකි. ශාෆ්ටර්ගේ විශ්වාසවන්ත සේවකයෙකු වන ඔහු ද ශාෆ්ටර්ගේ බොහෝ ගනුදෙනු ගැන දන්නා අයෙකි.

මේ වන විට මීට අමතරව පුද්ගලයන් 70කට ආසන්න පිරිසකගෙන් මනුෂ්‍ය ඝාතන සහ අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන ඇති අතර එම ප්‍රකාශවලින් ශාෆ්ටර් ඝාතනය නොසිතූ පැත්තකට යොමුවෙමින් පවතින බවද එම කොට්ඨාස ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ශාෆ්ටර් බිරිය, සොහොයුරන්, සේවකයන් ආරක්ෂකයන්, ඥාතීන් ඇතුළු පිරිසගේ ප්‍රකාශ මීට ඉවහල් වී ඇති අතර මේ නිසා විමර්ශන නිලධාරීන් පඹ ගාලක පැටලී ඇතැයි ද වාර්තා වේ.

මෙම ඝාතනය සඳහා සීසීටීවී කැමරා 50කට වැඩි පිරිසක් නිරීක්ෂණය කර ඇතත් ඉන් සෑහීමකට පත්වන හෝඩුවාවක් මේ වනතුරුත් ලැබී නැතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් සිකුරාදා හවස් වන තුරුත් ශාෆ්ටර් මහතාගේ බිරියගේ සහ සොහොයුරන්ගේ ප්‍රකාශ මත ඉදිරි විමර්ශන සිදුකරමින් පවතින බව ද විමර්ශන නිලධාරීහු පවසති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

– Mawbima
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂාෆ්ටර් ඝාතනය නොසිතූ පැත්තකට.. විමර්ශකයෝ පඹ ගාලක…
ෂාෆ්ටර් ඝාතනය නොසිතූ පැත්තකට.. විමර්ශකයෝ පඹ ගාලක…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-hbo_czb2OomWXtgsowpGN6trBFDKQ0QgLMphAh21RYdc_R1_OX4VS-dZ0cq9mBp-bli4GzS_FyXyWg3qvOhnPP03Kdtx9oYoBs7FZYaOoM4RwpHGHP3HviiL-s3CgNYa3aiCPTMdrpVewviwh8i68WYjDG8N2ArCG8URQTKjxvjEx1agVgQ8O5Jzqw/s320/shaf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-hbo_czb2OomWXtgsowpGN6trBFDKQ0QgLMphAh21RYdc_R1_OX4VS-dZ0cq9mBp-bli4GzS_FyXyWg3qvOhnPP03Kdtx9oYoBs7FZYaOoM4RwpHGHP3HviiL-s3CgNYa3aiCPTMdrpVewviwh8i68WYjDG8N2ArCG8URQTKjxvjEx1agVgQ8O5Jzqw/s72-c/shaf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy