දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙට්‍රල් ලීටරයකින් රු. 11.10ක් – ඩීසල් ලීටරයකින් රු. 10.95ක් ජනතාවට වැඩිපුර ගෙවන්න වෙලා! හේතුව තෙල් සංස්ථාවේ සුපිරි කොමිස් බෙදිල්ලක්!
Homeප්‍රවෘත්ති

පෙට්‍රල් ලීටරයකින් රු. 11.10ක් – ඩීසල් ලීටරයකින් රු. 10.95ක් ජනතාවට වැඩිපුර ගෙවන්න වෙලා! හේතුව තෙල් සංස්ථාවේ සුපිරි කොමිස් බෙදිල්ලක්!

PropellerAds

ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඩොලර් සපයා ගැනිමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනිමේ අර්බුදයකට ලක්ව තිබියදි ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍...

ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක ලෙස මා ඉදිරිපත් වෙනවා - වෙල්ගම
අපේක්‍ෂකත්වය බලෙන් ගන්න සජිත් පිල සැරසේ.. සිරිකොත ඉදිරියේ උපවාස.. අරලිය මැදුර වටලයි !
එජාපය දෙකඩ වීම ස්ථිරයි.. ඇතැමුන් මාද මුණ ගැසෙනවා - මහින්ද
ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඩොලර් සපයා ගැනිමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනිමේ අර්බුදයකට ලක්ව තිබියදි ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට පටහැනිව බෙදුම්කරුවන් සදහා ඉකුත් දින 50ක (2022 ජුලි 26 සිට සැප්තැම්බර් 15) කාලය තුල දි රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. 
එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බෙදුම්කරුවන්ට දෛනිකව ලබාදෙන ඛනිජතෙල් සැපයුම තුනෙන් දෙකක මට්ටමකට සීමාකර තිබුණා. මේ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයට අනුව 2022 ජුලි මස  26 දිනට බෙදුම්කරුවන්ට  ගෙවිය යුතු නියමිත කොමිස් මුදල රුපියල් මිලියන 30.7ක්.

එහෙත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණය නොසලකා රුපියල් මිලියන 98.6ක් බෙදුම්කරුවන්ට ගෙවිම හේතුවෙන් එක්දිනක් තුල ගෙවනු ලැබු වැඩිපුර කොමිස් මුදල රුපියල් මිලියන 67.9ක්. එදින සිට මාසයක් තුල වැඩිපුර ගෙවා තිබු කොමිස් මුදල රුපියල් මිලියන 1960 ක් බවද විගණන වාර්තාවේ සදහන්. දෛනික ඛනිජතෙල් සැපයුම් සීමාකොට තිබියදි පවා ඉහළ සිමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබුණා.

මේ නිසා වසරකට ගෙවියයුතු කොමිස් මුදල රුපියල් මිලියන 24,444ක්. ඒ අනුව වැඩිපුර ගෙවිමට සිදුවන කොමිස් මුදල සංස්ථාවේ සේවකයින් සදහා ගෙවනු ලබන අතිකාල දිමනා, ප්‍රසාද දිමනා හා වෙනත් සියලු දිමනා සමස්ථ සේවක පිරිවැය මෙන් හතර ගුණයකට අධික බව විගණනය මගින් අනාවරණය කොට ඇත.  මෙකි මුදලින් වසරකදි නව ඉන්ධන පිරවුම්හල් 400 ක් (ඉඩම් හැර) ඉදිකිරිමට හැකි බවද විගණන වාර්තාවේ සදහන්.

බෙදුම්කරුවන් සදහා කොමිස් මුදල් වැඩිපුර ගෙවිම මත ඛනිජතෙල් පාරිභෝගිකයින්ට ඔවුන් විසින් පාරිභෝජනය කරණු ලබන සැම 92 වර්ගයේ ඔක්ටෙන් පෙට්‍රල් ලිටරයක් සදහා රුපියල් 8.64ක මුදලක් ගෙවිමට සිදුවනු ඇත. 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් සදහා ගෙවිමට සිදුවන මුදල රුපියල් 11.10කි. ඩිසල් ලිටර් 01ක් සදහා (LAD) රුපියල් 9.27ක මුදලක්ද, LSD ඩිසල් ලිටරයක් සදහා රුපියල් 10.95ක වැඩිපුර මුදලක් පාරිභෝගිකයින්ට ගෙවිමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දි (2021) තෝරාගත් අලෙවි නියෝජිතයින් 05 දෙනෙකු සදහා අතිරේක කොමිස් මුදලක් ගෙවමින්  ඉන්ධන බෙදාහැරිම හේතුවෙන් රුපියල් මිලියන 132.453ක අතිරේක කොමිස් මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් තෝරාගත් අලෙවි නියෝජිතයින්ට අදාළ කොමිස් මුදල් ලබාදි සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන බේදාහැරිමේ ක්‍රමවේදයක් 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කොට තිබුණා. සංස්ථාවට සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන අලෙවි කිරිමේ හැකියාව තිබියදි නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක් ගෙවමින් මෙවැනි ඉන්ධන බෙදාහැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමේ පදනම විගණනයට ද පැහැදිල නොමැති බව විගණන වාර්තාවේ සදහන්.

අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුව 2019 වර්ෂයේ දි ඛනිජතෙල්වල දේශිය වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ගේ බලපැම් මත ඉහළ සහ පහළ සිමාවන්ට යටත්ව බේදුම්කරුවන් සදහා ගෙවනු ලබන කොමිස් ප්‍රතිශතය තිරණය කර තිබුණා.

විනිමය හිගය හේතුවෙන් ඇති වි තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දේශිය ඛනිජතෙල් නිෂ්පාදනවල මිල ගණන් සිඝ්‍රයෙන්  ඉහල ගොස් තිබුණා.

එහෙත් සංස්ථාවේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ  අනුමැතියට යටත්ව ඉහළ සිමාවන් නොසලකා (upper  cap) බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවිමට කටයුතු කරතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. ඒ සදහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙට්‍රල් ලීටරයකින් රු. 11.10ක් – ඩීසල් ලීටරයකින් රු. 10.95ක් ජනතාවට වැඩිපුර ගෙවන්න වෙලා! හේතුව තෙල් සංස්ථාවේ සුපිරි කොමිස් බෙදිල්ලක්!
පෙට්‍රල් ලීටරයකින් රු. 11.10ක් – ඩීසල් ලීටරයකින් රු. 10.95ක් ජනතාවට වැඩිපුර ගෙවන්න වෙලා! හේතුව තෙල් සංස්ථාවේ සුපිරි කොමිස් බෙදිල්ලක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdrKcxLqQuJC4Eg6koAhzQo89cDUhEBpn6szlskzr4A3a_jhibKQfjhR7wDocF8-0WVVkzbmCHzpm-GHsy8pgOta9pYcC3LgLvObaQh7pNd8_wKzG8ozMNAHDWINcvh7cWP84gmY03cnJyEr4x27StMwWhXrjmJPeAaEnGeJ46NEIiOnDzfjWpmw/s320/lanka-shed.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdrKcxLqQuJC4Eg6koAhzQo89cDUhEBpn6szlskzr4A3a_jhibKQfjhR7wDocF8-0WVVkzbmCHzpm-GHsy8pgOta9pYcC3LgLvObaQh7pNd8_wKzG8ozMNAHDWINcvh7cWP84gmY03cnJyEr4x27StMwWhXrjmJPeAaEnGeJ46NEIiOnDzfjWpmw/s72-c/lanka-shed.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/1110-1095.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/1110-1095.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy