දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩයනා ගමගේ ගේ හොර පාස්පෝට් නඩුවේ විමර්ශන වහාම කඩිනම් කරන්නැයි අධිකරණය CIDයට නියෝග කරයි
Homeප්‍රවෘත්ති

ඩයනා ගමගේ ගේ හොර පාස්පෝට් නඩුවේ විමර්ශන වහාම කඩිනම් කරන්නැයි අධිකරණය CIDයට නියෝග කරයි

PropellerAds

බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටිමින් ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ උප්පැන්...

“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික මේක කෑවා” – සංචාරක කර්මාන්තය වැටුණු හේතුව සනත් හෙළි කරයි
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර!
රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දැමූ පුද්ගලයා දින දෙකක් පොලිස් කැඳවීම් මගහැරලා!
බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටිමින් ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව  විමර්ශන කඩිනම් කොට අධිකරණයට  ප්‍රගතිය වාර්තා  කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ  අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අද දින එම පැමිණිල්ල  අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා‍ එම නියෝගය ලබා දුන්නේය.

රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය ‍ පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද (10 ) අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 27 වැනිදා  නොතීසි නිකුත් කර තිබිණි.

මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ජාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය.

පැමිණිල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සඳහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නිතීඥ ගුණරත්න වන්නිනායක   ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරු  අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ  මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.

පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 15 වනදා කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩයනා ගමගේ ගේ හොර පාස්පෝට් නඩුවේ විමර්ශන වහාම කඩිනම් කරන්නැයි අධිකරණය CIDයට නියෝග කරයි
ඩයනා ගමගේ ගේ හොර පාස්පෝට් නඩුවේ විමර්ශන වහාම කඩිනම් කරන්නැයි අධිකරණය CIDයට නියෝග කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcojPkuIkqsBhn-eXyFbOsbsaf9tJJaWv2aHXq3xXKwpkx0sBE24go5Hq4t-pGfZuN10xLTIo4j7rQYkdcLTfZCMHGAlKsns4YiqZp09cZifoyXZTIaMOBLFc9vNXNsCQsyvTWvjL9gLIM1llbKCsUyi4C1wgv0gV5OS3M-n-WI7a_8ZUxPOLz2XOf3g/s320/dayana-gamage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcojPkuIkqsBhn-eXyFbOsbsaf9tJJaWv2aHXq3xXKwpkx0sBE24go5Hq4t-pGfZuN10xLTIo4j7rQYkdcLTfZCMHGAlKsns4YiqZp09cZifoyXZTIaMOBLFc9vNXNsCQsyvTWvjL9gLIM1llbKCsUyi4C1wgv0gV5OS3M-n-WI7a_8ZUxPOLz2XOf3g/s72-c/dayana-gamage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/cid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/cid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy