රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ ගිනුමට රුපියල් ලක්ෂ පනහක් බැර කළ තැනැත්තා අවස්ථා දෙකක දී පැමිණ ප්‍රකාශයක් ලබා දීම මග හැර ඇතැයි කොළඹ අපරාධ කො...
බැංකුව කළ විමසීමක දී මෙම මුදල බැර කළ පුද්ගලයා පවසා ඇත්තේ සිය මිතුරු කාන්තාවකට ලක්ෂ පනහක් බැර කළ බවත් වැරදීමකින් රතිඳු සේනාරත්නගේ ගිනුමට එම මුදල බැර වී ඇති බවත්ය.
කෙසේ වෙතත් මෙවැනි විශාල මුදලක් ගිනුමකට බැර කරන විට මුදල බැර කරන පුද්ගලයාගේ සහ මුදල් ලබන්නාගේ සියලුම තොරතුරු සහ බැංකුව සතුව පවතින බැවින් මෙම ප්‍රකාශය ගැටලු සහගත බව විමර්ශන අංශ කියයි.
ලක්ෂ 50ක් වූ මේ මුදල තම ගිනුමට වැටුණු බවත් එය තමන්ගේ නොවන බවත් සිය ෆේස් බුක් ගිනුම හරහා ප්‍රකාශයක් කළ රතිඳු සේනාරත්න මේ සම්බන්ධව බැංකුවට පැමිණිලි කර තිබිණි.
අනතුරුව සිද්ධිය සම්බන්ධව කොළඹ අපරාධ කෝඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව රතිඳු සේනාරත්න විශේෂ ප්‍රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දී ඇත.
මෙම මුදල් බැර කළ පුද්ගලයා දින දෙකක් කැඳවීම මග හැර ඇති බවත්, තව දුරටත් මගහැරීම සිදුවන්නේ නම් පියවරක් ගැනීමට සිදුවන බවත් විමර්ශන අංශ පවසයි.

COMMENTS