දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රියමාලිගේ දුරකතනයෙන් රසබර වීඩියෝ එළියට පනී! පොලිස් ලොක්කන් දෙදෙනෙකුගේ ** වීඩියෝ හමුවේ…
Homeප්‍රවෘත්ති

ප්‍රියමාලිගේ දුරකතනයෙන් රසබර වීඩියෝ එළියට පනී! පොලිස් ලොක්කන් දෙදෙනෙකුගේ ** වීඩියෝ හමුවේ…

PropellerAds

තිළිණි ප්‍රියමාලි මේ වනවිට ද රටේ ලොකුම මාතෘකාව වී තිබේ. පාර්ලිමේන්තුවේ ද පක්ෂ විපක්ෂවලින් තොරව දැන් කොහෙන් හෝ තිළිණිගේ නම ඇදී එන තරමට ඇය ර...

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ!
ඇඳිරි නීතිය දාල අපි බය කරන්න බෑ... ආණ්ඩුවට එරෙහිව මම අද පාරට බහිනවා – රාජිත සේනාරත්න
‘පැය 13 විදුලිය නෑ-රස්සා ටික කරන්න බෑ-ව්‍යාපාර කරන්න බෑ-මුන්ට කිසිම ගාණක් නෑ!’ ඇඳිරි නීතිය නොතකා යක්කලදී මහ සෙනගක් පාරට බහී! (VIDEO)
තිළිණි ප්‍රියමාලි මේ වනවිට ද රටේ ලොකුම මාතෘකාව වී තිබේ. පාර්ලිමේන්තුවේ ද පක්ෂ විපක්ෂවලින් තොරව දැන් කොහෙන් හෝ තිළිණිගේ නම ඇදී එන තරමට ඇය රටටම ප්‍රශ්නයකි. මේ වනවිට පැමිණිලි 11ක් තිළිණිට විරුද්ධව ලැබී තිබුණද ඇය ගනුදෙනු කළ පිරිස ඊට වඩා ඉහළය. එහෙත් පුදුමය නම් තවමත් කිසිවකු ඊට ඉදිරිපත් නොවීමය. ඇතැම් පුද්ගලයන් පැමිණිලි දැමීමට පැමිණෙන බව කීවද ඔවුහු පැමිණ නොසිටියහ. ඒ ලජ්ජාවටද එසේ නොමැති නම් මේවා කළු සල්ලි විය හැකි බැවින් තමන් මුදල් විශුද්ධිකරණයට අසුවෙයිද යන සැකයෙන් ද විය හැක. ඒ නිසා බොහෝ අය අද වනවිට සිටින්නේ ඇටිකෙහෙල් කෑ උන් ලෙසය.

තිළිණි ප්‍රියමාලිගේ කතාවේ හොඳම හරිය එළඹෙන්නේ පසුගිය අධිකරණ දිනයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ ඇය මුදල් ලබාගත් පුද්ගලයන් අතර දේශපාලඥයන්, නළු නිළියන් මෙන්ම ව්‍යාපාරිකයන් ද සිටින බවය. එහෙත් ඒ අය තවම පැමිණිලි ඉදිරිපත් කිරීමට නොපැමිණි බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබුණි. කෙසේ වෙතත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ ඉහත කී කාරණා පමණක් නොව නම් ගම් හෙළිවූ පසුව රෙදි ඇඳගෙන සමාජයට මුහුණ දීමට හැකියාවක් නොමැති නිසා ද විය හැක.

පසුගියදා අධිකරණය හමුවේ රහස් පොලිස් නිලධාරීන් කරුණු වාර්තා කරමින් පවසා සිටියේ ඇයට විරුද්ධව ලැබුණු පළමු පැමිණිල්ල මිලියන 226ක් වංචා කිරීම සම්බන්ධව බවය. ඒ අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු හතරක් මත ඇයව රුගෙන ගොස් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල, චැතැම් වීදීයේ ස්ථානයක්, කිරුළපන ප්‍රදේශයේ ස්ථානයක් සහ වත්තල ප්‍රදේශයේ ස්ථානයක් ලෙස ස්ථාන 4ක් පරීක්ෂා කළ බවය. ඒ අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ ඇයට අයත් කාර්යාලය පරීක්ෂා කළ අවස්ථාවේ පරිගණක පහක් රහස් පොලීසිය භාරයට ගත් බවත් ඒ සියල්ලෙහිම දත්ත ගබඩා ඉවත් කර තිබූ බවත් රහස් පොලීසිය මෙහිදී කරුණු වාර්තා කළේය. පරිගණකයේ සියලු තොරතුරු ඇතුළත් හාර්ඩ් ඩිස්ක් එක ඉවත් කිරීම කෙතරම් සාක්ෂි සැඟවීමක්ද යන්න ඉදිරියේදී තිළිණිට නීතියෙන් කියා දෙනු ඇත.

හොඳම කොටස කියැවුණේ ඉන් පසුවය. එනම් ඇය විසින් තිකෝ ජෙම්ස්, තිකෝ කන්ට්‍රක්ෂන් සහ තිකෝ ෆිල්ම් යන ආයතන සමූහය පවත්වාගෙන ගිය ද ඒ සඳහා ආයෝජනය කිරීමට ඇයට ආදයම් මාර්ගයක් නොතිබුණු බව මෙහිදී රහස් පොලීසිය හෙළිදරව් කළේය. එලෙස ආදායම් මාර්ගයක් නොමැති වුවද ඇය මාසිකව සිය සේවකයන්ගේ වැටුප් සහ බිල්පත් සඳහා රුපියල් ලක්ෂ 41 වැය කොට තිබූ බවද මෙහිදී හෙළිදරව් කෙරිණි. එපමණක් නොව ලක්ෂ 350ක් වියදම් කර ඇය චිත්‍රපට මුහුරත් උළෙලක් පවත්වා ඇති බවත් සඳහන් විය. එසේම ප්‍රසංග සඳහා ලක්ෂ 55ක මුදලක් යොදවා ඇති බවත් ඒ සියල්ලටම වංචා කළ මුදල් වැය කර තිබූ බවත් මෙහිදී රහස් පොලීසිය කරුණු වාර්තා කළේය. කිසිදු ආදායමක් නොමැතිව මේ ආකාරයෙන් ලබාගත් මුදල් වියදම් කිරීමට ඇය බිය නොවුණේ ඇයිද යන්න ප්‍රශ්නයකි. ආදායමක් නොලැබෙන වැඩ කටයුතුවලට ඇය මෙලෙස කෝටි ගණන් යට කිරීමම ප්‍රශ්නයකි.

එමෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම දේශපාලනඥයන් ද මේ සඳහා මුදල් යොදවා ඇති බවට ඇය සමඟ සිදුකෙරුණු කෙටි පණිවිඩ හා වොයිස් මැසේජ් හරහා මේ වනවිට අනාවරණය වී තිබේ. එහෙත් කිසිවකු ඒ ගැන තවම පැමිණිලි කර නොමැත. එහි ප්‍රශ්නයක් ද නැත. එහෙත් එම දත්ත තොරතුරු ඔස්සේ විමර්ශනයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතුව තිබේ. මෙලෙස මුදල් ආයෝජනය සඳහා ඔවුන්ට මුදල් ලැබුණේ කෙසේදැයි අනාවරණය කරගත යුතුය. මෙවැනි සිදුවීමක් ඉන්දියාවේ සිදුවූවා නම් සැඟවී සිටින සියලු දෙනා අද සිටින්නේ පොලීසියේය. මෙම සිදුවීම අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීම තවමත් මන්දගාමී බව කීමට හොඳම උදාහරණයක් බව කිව යුතුය.

නීතිය මන්දගාමී වීම නිසා තවමත් තිළිණි සිටින්නේ කෙසේ හෝ හිඩැසකින් රිංගා පැනගැනීමේ අරමුණිනි. ඊට හොඳම උදාහරණය නම් ඇය බන්ධනාගාරගතව සිටින විට අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුනය. තිළිණි එම දුරකථන ඔස්සේ තම සේවකයකු අමතා දුරකථන අංක කිහිපයක් ඉල්ලාගෙන තිබූ බවත් අවස්ථා 11 කදී ඇමතුම් 22ක් ගෙන තිබූ බවත් එම පරීක්ෂණයේදී හෙළිවිය. පුදුමය නම් ඇය එම අවස්ථාවේද අමතා එක් පුද්ගලයකුගෙන් විමසා ඇත්තේ ඇයට ඇප ගැනීම සඳහා ලක්ෂ 300ක් ලබාදෙන ලෙසය. ලක්ෂ ගණනින් මිස තනි අංකයේ ගනුදෙනු තිළිණිට තිබුණේම නැත. ඒ තරමට ඇගේ ගනුදෙනු මහා පරිමාණයේ ඒවාය. රහස් පොලීසිය සඳහන් කරන ආකාරයට තිළිණිගේ ගිණුමේ මේ වසරේ ජනවාරියේ සිට ජූනි මාසය දක්වා තැන්පත් වී තිබූ මුදල මිලියන 3000 කි. එහෙත් එම මුදල් මේ වනවිට එම ගිණුමෙන් අතුරුදන් වී ඇති බවත් ඒ මුදල්වලට සිදුවුයේ කුමක්ද යන්න තවම හෙළිවී නැති බවත් රහස් පොලීසිය අධිකරණයට වාර්තා කළේය.

මේ අතර අගතියට පත් පැමිණිලිකරුවකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් දැනට ප්‍රශ්නගතව ඇති සිදුවීමක් ප්‍රශ්නයට නැගීය. ඒ ජානකී සිරිවර්ධන නැමති කාන්තාව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමිනි. ජානකී සිරිවර්ධන යනු සුප්‍රසිද්ධ ක්‍රිස් ගනුදෙනුවේ විත්තිකාරයෙකි. ඇ‍යට මෙම සිදුවීමට චෝදනා කරන්නේ ඇතැම් පැමිණිලිකරුවන්ය. ඒ ඇය ද මෙම සිදුවීමේ සිටින බවට පවසමිනි. කෙසේ වෙතත් ඇය අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ද මේ වනවිට සමාජයේ කතිකාවක් පවතී. ඒ සඳහා පොලීසියට බලපෑම් කළ බවට ද කටකතා පැතිර තිබිණි.

දැනට ලැබී ඇති තොරතුරු සහ විමර්ශනවලට අනුව තිළිණිගේ ජංගම දුරකථනයේ තිබී ඇය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයගේ ඡායාරෑප සහ වීඩියෝ පට ද හමුවී තිබේ. ඒ අතර පොලිස් ලොක්කන් කිහිප දෙනකු ද සිටින බව සඳහන්ය.

කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලිගේ කතාව මෙලෙස නවතින්නේ නැත. සක්විති, දඬුවම් මුදලාලි, කොතලාවල ලැයිස්තුවේ ඊළඟට එන එකම චරිතය වන්නේ ප්‍රියමාලිය. පුදුමය නම් තිළිණි වැනි ගැහැනියක සමීපයේ මෙතරම් මුදල් ආයෝජනය කිරීමේ රහසය. ඒ ප්‍රශ්නය අපට පමණක් නොවේ. තිළිණිගේ නීතිඥයන් පවා අධිකරණයේදී ඒ ගැන විමසා  තිබුණි. එනම් මෙතරම් මුදල් තිළිණි සමීපයේ ආයෝජනය කළ අයට එලෙස මුදල් ආවේ කෙසේද යන්න විමර්ශනය කළ යුතු බවය. දැන් අප පමණක් නොව තිළිණිගේ නීතිඥයෝ ද කණපිට හැරී සිටිති. ඒ අනුව මුදල් ගත්ත මිනිහා නොව මුදල් දුන්න මිනිහා වරදකරුවකු වෙන දවස වැඩි ඈතක නොවේ.

ගයාන් ගාල්ලගේ
-deshaya
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රියමාලිගේ දුරකතනයෙන් රසබර වීඩියෝ එළියට පනී! පොලිස් ලොක්කන් දෙදෙනෙකුගේ ** වීඩියෝ හමුවේ…
ප්‍රියමාලිගේ දුරකතනයෙන් රසබර වීඩියෝ එළියට පනී! පොලිස් ලොක්කන් දෙදෙනෙකුගේ ** වීඩියෝ හමුවේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg91yOe6PERzdi-BXuB7VUKxYsA2nDIt8KXzJ_HYnoJdHTYhllw-r4f7G8J1rxGGX7myd6muY2F6Rme3pVewUbN-gxYQKhPk_fYZcydrYAIA349GRHEYRiUWMPtCo0FvSMfu-C6v3VYQOSYJrjMV6B-qZqVr0ZlJvNa3tLttUnhesBbmWwlNnsnjCEPWA/s320/de.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg91yOe6PERzdi-BXuB7VUKxYsA2nDIt8KXzJ_HYnoJdHTYhllw-r4f7G8J1rxGGX7myd6muY2F6Rme3pVewUbN-gxYQKhPk_fYZcydrYAIA349GRHEYRiUWMPtCo0FvSMfu-C6v3VYQOSYJrjMV6B-qZqVr0ZlJvNa3tLttUnhesBbmWwlNnsnjCEPWA/s72-c/de.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy