මේ ආකාරයට ඉතාම ම්ලේච්ඡ අයුරින් ජනතා නැගිටීම් මර්ධනය කරන්නට උත්සාහ කරන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ වටලන දවසට රනිල් වික්‍රමසිංහට හැංග...
මේ ආකාරයට ඉතාම ම්ලේච්ඡ අයුරින් ජනතා නැගිටීම් මර්ධනය කරන්නට උත්සාහ කරන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ වටලන දවසට රනිල් වික්‍රමසිංහට හැංගෙන්න තැන් සොයාගන්න වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
මේ පිටවන්නේ ජනතාවගේ පීඩාව බවත් පාසල් යන දරුවන් හාමතේ කලන්තය හැදී වැටෙන රටක, ගැබිනි මවකට කන්නට දෙයක් නැති රටක, ගොවි ජනතාවට සාධාරණ මිලකට වී ටික මිලදී ගැනීමට නොහැකි රටක, විරැකියාව වැඩිවෙමින් ඇති රටක එම පීඩාවට එරෙහිව විරෝධයක යෙදෙන්නට නොහැකි මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ඔහු මේ ප්‍රශ්න කිරීම කළේ ඊයේ (24) සමාජවාදී තරුණ සංගමයේ පෙළපාලියට පොලිස් ප්‍රහාරයක් එල්ල කර 83ක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මරදාන පොලිස් ස්ථානය අසලදීය.
පස් දෙනෙක් තුවාලවෙලා රෝහල්ගත කරලා තිබෙනවා. රනිල් රාජපක්ෂලා මේ අනුගමනය කරමින් තිබෙන මෘග ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අප ජනතාව පෙළ ගස්වනවා.
ඒ නිසා රනිල්ට මේ මෘග ප්‍රහාරයන් එල්ල කරන අයට අප කියන්නෙ… කරුණාකරලා ජනතාවට බයේ හැංගෙන්න තැන් හොයා ගන්න… සාධාරණ නැගිටීම් සාමකාමී නැගිටීම් පොලිස් හස්ථයෙන්, තමන් අත තියන මැර ජුන්ටාවන් උපයෝගී කරගෙන පාලනය කරන්න පුලුවන් කියලා ඔවුන් හිතනවා නම් ඒක ඉතාම කෙටි කාලයක් විතරයි…
අනුර කුමාර දිසානායක කීවේය.

COMMENTS