දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී!
Homeප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී!

PropellerAds

රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රව...

පොහොට්ටු නායකයා-ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන සමුළුව… [සජීව විකාශය]
මා නම් කිරීමට පෙර ජනතාව විසින් ගෝටාභය අපේක්‍ෂක කර අවසන්..- මහින්ද ලෝකයටම කියයි..
පොහොට්ටු සමුළුවට පෙර ඇමරිකාවෙන් පණිවුඩයක්.. ඇමරිකා බලවතුන් දෙදෙනෙකු මහින්ද හමුවේ..
රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර් ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාව, ආර්ථික සහ විදේශ විනිමය අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින මෙම අවස්ථාවේ රුසියාවෙන් විශාල සහායක් බලාපොරොත්තු වන බවත් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා වල සුභදායී ප්‍රගතියක් තිබෙන බවත් ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දී තිබේ.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සහ රටේ පවතින ඉන්ධන අර්බුදයට සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ණයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටි බව ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එරෝෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීමට හේතු වූ එම ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීමේ සිද්ධිය පිළිබඳ තමන් සමාව අයැද සිටින බව ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රියා නොවස්ති පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇතැයි රුසියන් ටුඩේ පුවත් සේවය වාර් තා කළේය.

උසාවි නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම අවාසනාවන්ත සිදුවීමක් බවත් එය බරපතල අත්වැරැද්දක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමාව අයැද සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.නැවත මෙවැනි දෙයක් සිදු නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන මහතා සහ ශ්‍රී ලංකා රජය සහතික වන බවත් කිසිම ගුවන් යානයක් ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් ගුණවර් ධන මහතා එහිදී පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ඔක්තෝම්බර් මස මැද වන විට ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබෙන බව ගුණවර් ධන මහතා එහිදී පෙන්වා දී ඇත.

එම්.අයි.ආර් ලෙස හැඳින්වෙන රුසියානු ගෙවීම් පද්ධතිය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්, රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් දෙරටේ මහ බැංකු අතරද මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවත් බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මාස්ටර් සහ වීසා කාඩ්පත් රුසියානු ජාතිකයින්ට භාවිත කළ නොහැකි නිසා රුසියානු ගෙවීම් පද්ධතියට සම්බන්ධ වූ විට ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයින් හට රුසියානු ණය කාඩ්පත් සහ හර කාඩ්පත් භාවිත කිරීමට ඉඩ ලැබීම හේතුවෙන් ඔවුන්ට පහසුවක් වන බව ගුණවර්ධන මහතා එහිදී සඳහන් කර ඇත.මහ බැංකුවෙන් අනුමැතිය ලැබුණු පසු මේ බව නිවේදනය කරන බව ඔහු පෙන්වා දී තිබේ.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී!
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් බන්දුල රුසියාවෙන් සමාව ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD55AcCA2h68QuvNWG8Y8Uyh_HOFDCKJK5WSQZFqnRAVLL59u4EqL5AnYLHCtywabU2p0bm758hNs05ciVfwKkimY4Z-pDcJMFalQWBREmF8ymVWN_qlUGrI8MBSVArlhwezPWrzHQm8FJKLziwzZPJsnfYpWqGkhvsRkih6aLAmBeqeLKtzpZWH6nxA/s320/bandula.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD55AcCA2h68QuvNWG8Y8Uyh_HOFDCKJK5WSQZFqnRAVLL59u4EqL5AnYLHCtywabU2p0bm758hNs05ciVfwKkimY4Z-pDcJMFalQWBREmF8ymVWN_qlUGrI8MBSVArlhwezPWrzHQm8FJKLziwzZPJsnfYpWqGkhvsRkih6aLAmBeqeLKtzpZWH6nxA/s72-c/bandula.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy