බෙන්තොට EKHO SURF හෝටලයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි විදේශ රැකියාව නිමවා පැමිණි අයෙකුට එම මධ්‍යස්ථානයේ මෙහෙයු...
බෙන්තොට EKHO SURF හෝටලයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි විදේශ රැකියාව නිමවා පැමිණි අයෙකුට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් භාරව සිටි හුමදා නිලධාරියෙකු අමාණුෂික ලෙස පහරදී ඇත.
මෙම පහරදීම කර ඇත්තේ නිරොධායනය වෙමින් සිටි සම්පත් එදිරිසිංහ නම් කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුටය. ඔහු මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් දෙලක්ෂ අනූ දහසක (රු.) ගාස්තුවක් ගෙවා තිබේ. එහෙත් ඒ තුළ සැපයිය යුතු මූලික පහදුකම් සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකු සමග වාද කිරීම නිසා මෙම පහරදිම සිදුකර ඇති බව ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රහාරයට ලක්වීමෙන් සම්පත් එදිරිසිංහගේ කන්බෙරයට හානි දිදුවී ඇති බව වෛද්‍යවරු නිගමණය කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් ඔහු පොසියටද පැමිණිලි කර තිබේ.
ඔහු මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ 17 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. නමුත් මෙම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බව ඔහු ප්‍රකාශ කරයි. මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇති බැවින් අදාල පහරදීම සම්පූර්ණයෙන්ම එහි පටිගතවී තිබෙන බව ඒ ඔස්සේ පහසුවෙන්ම පොලිසියට පරීක්ෂණ සිදුකළ හැකි බවත් පහරකෑමට ලක්වූ සම්පත් එදිරිසිංහ අවධාරණය කරයි.
-lankatruth
COMMENTS