දැනට මාලදිවයිනේ රැදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එහි සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි. ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිව...
දැනට මාලදිවයිනේ රැදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එහි සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි. ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබුණද පුදගලික ගුවන් යානයකින් එහි යාමට බලාපොරොත්තු වීම මත මෙම ප‍්‍රමාදය ඇතිව තිබේ.
සිංගප්පූරු ගුවන් සමාගමක යානයකින් සිංගප්පුරුවට යාමට මුලින් සැලසුම් කර තිබුනද ආරක්ෂක තත්ත්වය මත එම සැලසුම අතහැර දමා ඇත.
මේ අතර කතානායකවරයා පවසන්නේ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මෙතෙක් තමනට නොලැබුන බවයි.
සිංගප්පූරුවට ගිය පසු එම ලිපිය ලබාදෙන බවට ජනාධිපතිවරයා තමන් සමග පැවසූ බව කථානායකවරයා ඊයේ දිනයේ පැවසීය.

COMMENTS