රුසියාවේ පුටින් හා අපේ පුටින් අතර වෙනස තමන් හොඳට දන්නා බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. සංචාරකයන් රැග...
රුසියාවේ පුටින් හා අපේ පුටින් අතර වෙනස තමන් හොඳට දන්නා බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
සංචාරකයන් රැගත් රුසියානු ගුවන් යානා ගෙන්වුවේ තමන් බවත් ගෝටා අයියා තමනට ගහන්න ඕනෑකමට මුළු සංචාරක කර්මාන්තයම විනාශ කරන බවටත් ඔහු චෝදනා කරයි.
රුසියානු ගුවන් යානය කටුනායක නතර කර ගැනීම කුමන්ත්‍රණයක් බවත් ආණ්ඩුවේ ඇමෙරිකානු හිතවාදී එය පසුපස සිටින බවත් ඔහු කියා සිටී.
අන්තර්ජාලය නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
තම ජීවිතය බේරා ගැනීම සඳහා අද සිටින්නේ සැඟවී බවත් ඒ තමන්ගේ අයියාට සලකන්නේ නැති කෙනා පුංචි අම්මාගේ පුතාට මොනවා කරයිද කියන්න බැරි නිසා බවද ඔහු කියා සිටී.

COMMENTS