තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ වාඩි වෙද්දීම තෙල් නැව් නැති වෙනු ඇතැයි තමා සිතූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පව...
තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ වාඩි වෙද්දීම තෙල් නැව් නැති වෙනු ඇතැයි තමා සිතූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
පසුගිය දිනවල තෙල් නැව් 6ක් පැමිණෙන බවත් පසුව එය හතරකටත් ඉන්පසු දෙකකටත් අඩු වී මේ වන විට එක් නැවක්වත් නොමැති තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු සඳහන් කරයි.
මේ සියල්ලට හේතු වී ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වූ නිල සැපයුම්කරුවන්ගෙන් පිට වෙනත් පුද්ගලයින්ගේ තෙල් ගැනීමට උත්සාහ කිරීම බව චම්පික පැවසීය.
“තෙල් ගෙන්වන ලියාපදිංචි වුණු දේශීය නියෝජිත ආයතන තියෙනවා. පුද්ගලයින් ඉන්නවා. එහෙම තියෙද්දී අන්සොලිටටඩ් ප්‍රපෝසල්ස් හරහා වෙන වෙන දේ කරනවා.. ඒ මදිවට මේ දේවල්වලට වගකියන්න ඕනේ අය නිදැල්ලේ.. ඒ අය ජනාධිපති දූර ඔසවනවා.. තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය පාලනය කරන්න යනවා..” ඔහු චෝදනා කරයි.
මේ වන විට විදුලි බල මණ්ඩලය සතුව යම් ඉන්ධන ප්‍රමාණයක් තිබුණත් එය ද ප්‍රමාණවත් නොවන අතර ලියාපදිංචි නොවූ ආයතන හරහා තෙල් ගෙන්වීමේ විශාල ගැටලුවක් තිබෙන බව සඳහන් කළේය. මින් පෙර ද මෙලෙස ප්‍රමිතියෙන් තොර තෙල් ගෙන්වීම හේතුවෙන් වාහන පාරේ නැවතුණු අතර ඉදිරියේදී එවන් අර්බුදයකට ද මුහුණ දෙන්නට සිදුවෙනු ඇතැයි චම්පික රණවක සැක පහළ කරයි.

COMMENTS