තිස්වසරකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13 ක් සපිරෙනවා. 1975 වසරේ ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ...
තිස්වසරකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13 ක් සපිරෙනවා.
1975 වසරේ ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස් වසරක යුද්ධය ආරම්භ වුණා.
එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදය 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලූන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිරගියා.
ඉන් පසු ගෙවුණු දශක තුනකට වැඩි කාලය තුළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් ඝාතනය කිරීමට ලක් කළේ, ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්වෙමින්.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමීමටද පියවර ගත් අතර නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 වසරේ ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා ආරම්භ කල මෙහෙයුම මෙරට ඊළාම් යුද්ධයේ අවසන් සටනේ ආරම්භයයි.
ඒ අනුව දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් කටයුතු කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ නින්දිත උත්සාහය පරාජය කර මෙරට හමුදා යුද්ධය අවසන් කලේ 2009 වසරේ අදවැනි දිනයකදියි.

COMMENTS