දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දූෂිත පාලකයෙකුට මහා සංඝයා දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!
Homeප්‍රවෘත්ති

දූෂිත පාලකයෙකුට මහා සංඝයා දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!

PropellerAds

රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකර තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් ඊ...

දැන් දේශප්‍රේමී කතා කීවාට විමල් වීරවංශ මුලින්ම සභාග ගහන්න හැදුවේ එජාපය එක්කයි - කුමාර්
මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ - ජනපති
ලංකාවේ සුපිරි අපරාධකාරයෝ ඊයේ බූස්සට ගෙනෙයි.. රට හොල්ලපු පාතාලයන්ට වෙන දේ ‘නම් ගම් එක්ක’ දැන ගන්න
රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකර තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශකට පත් කිරීමට කටයුතු කරන යුතු කරන බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

උන්වහන්සේලා ආණ්ඩුවට දන්වා සිටින්නේ අර්බුදයට   සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් එකී අර්බුද කිසිසේත්ම නොවිසඳෙන්නේ යැයි   තරයේ විශ්වාස කරන බවය. මහජන විරෝධතා මර්ධනය කිරීම නොකළ යුතු බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට  කඩිනමින් සහන සහ සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් අප විසින් ගරු ජනාධිපතිතුමන් වෙත අප්‍රේල් මස 4 වෙනි දින යොමු කළෙමු.එහෙත් එකී යෝජනා මාලාව පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව අපගේ සංවේගය පළ කරමු.

ජනතාව මුහුණ දෙන උග්‍ර ජීවන අර්බුද පිළිබඳව මෙන්ම  දිවා රෑ දෙකෙහි අව් වැසි නොතකා පෝලිම් වල රැඳී සිටීමෙන් මියැදෙන ජනතාව කෙරෙහි තවදුරටත් අසංවේදීව කල් මරමින් හා වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් සමස්ත රටවාසීන් අත්විඳින පීඩාව සම්බන්ධව රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම වගකිව යුතුය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව කෙරෙහි අවධානය යොමු නොකර තවදුරටත් ජනතා අභිලාශයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළ කරමු. මෙම පහත සඳහන් කරුණු තවදුරටත් සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කරවනු කැමැත්තෙමු.

1.එම අර්බුද කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම තුළින් එකී අර්බුද කිසිසේත්ම නොවිසඳෙන බව අපි තරයේ විශ්වාස කරමු.

2.මේ වන විට විවිධ උද්ඝෝෂණ හා පෙළපාලි වලට සම්බන්ධ වෙමින් ජනතාව සිදුකරන සාමකාමී හා නීතිගරුක විරෝධතා වලට සවන් දී ජනතාව වෙත කඩිනම් සහන සැලසීමට කටයුතු කළ යුතු අතර ජනතා විරෝධතා මර්දන ක්‍රියාවලියෙන් වැළකී සිටින ලෙස තරයේ ප්‍රකාශ කරමු. එසේම අප්‍රේල් මස 19 වැනි දින මහජන විරෝධතා අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අපගේ සංවේගය පළ කරන අතර නැවත එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවීමට වගකීම් සහගතව රජය ඇතුළු සියලු පාර්ශව කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු.

3.විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අසමතුලිතතාවක් නිර්මාණය කොට රට තුළ දේශපාලනික විකෘතිතාවක් ඇති කිරීමට හේතු වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට දහනම වන ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබූ සාධනීය කරුණු ඇතුළත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සියලු මහජන නියෝජිතයින් කටයුතු කළ යුතුය.

4.රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට මෑත කාලීනව රට පාලනය කළ සියලුම රජයන් වගකිව යුතුය. එහෙයින් මේ තීරණාත්මක මොහොතේ අමාත්‍යය, මන්ත්‍රී මෙන්ම නිලධාරි වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැප කොට රටේ මහජන දේපල අන්සතු නොකොට ප්‍රමුඛතාගත සංවර්ධන සැලැස්මකට අනුව රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිමු

දේශයේ සුරක්ෂාව සහ සමෘද්ධිමත් භාවය උදෙසා මහජනයා විසින් සිදු කළ යුතු කළ යුතු කැපකිරීම් අත්‍යන්තයෙන්ම සිදුකර ඇත. දැන් උදාවී  ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස මහජන සුබසිද්ධිය උදෙසා සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු මොහොතකි. එහෙයින් මේ අර්බුදකාරි අවස්ථාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් සමස්ත මහජනයා පිළිබඳව සංවේදීව රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයකුම එක්සත්ව එක්සිත්ව සිය පූර්ණ දායකත්වය ලබාදීමට කැප විය යුතුය.

ඉතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්  කැඳවා සාකච්ඡා කිරීමට අපි අදහස් කර ඇත්තෙමු.

ඉහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදී ව රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කොට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවට ද මෙයින් අවධාරණය කර සිටිමු

අප යෝජනා කරන  විසඳුම් මගින් උද්ගතව ඇති අර්බුද නිරාකරණය කොට සුරක්ෂිත දේශයක් බිහි කරන්නට ඔබ සැමට රත්නත්‍රයේ ආශිර්වාදය, ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිසනය කරමු.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූෂිත පාලකයෙකුට මහා සංඝයා දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!
දූෂිත පාලකයෙකුට මහා සංඝයා දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXZm6PthqtLHPU_IANR62Gb3zkJRT9pMh77K6kIISoWQLVmoscCQ2jfolkJIGE5ZkAqGVw1USIuTu9EluX2i37uk8_rE9cpQjIQOQzHF_MWIenIZ0KnFH8v3HyI4Md5nJWB5QxdDJ3gbsMbAmap1OM2M6vrlEphEfblH3Kknd82xADmYoF-FPkP9fx-A/s320/monk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXZm6PthqtLHPU_IANR62Gb3zkJRT9pMh77K6kIISoWQLVmoscCQ2jfolkJIGE5ZkAqGVw1USIuTu9EluX2i37uk8_rE9cpQjIQOQzHF_MWIenIZ0KnFH8v3HyI4Md5nJWB5QxdDJ3gbsMbAmap1OM2M6vrlEphEfblH3Kknd82xADmYoF-FPkP9fx-A/s72-c/monk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/04/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy