දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මින්නේරිය ‘ධීවර බංගලාවේ’ සැගව සිටි තිදෙනකුට කොරෝනා… රහසේ සඟවා තබා ගැනීමට දේශපාලනඥයකුගේ මැදිහත්වීමක්?
Homeප්‍රවෘත්ති

මින්නේරිය ‘ධීවර බංගලාවේ’ සැගව සිටි තිදෙනකුට කොරෝනා… රහසේ සඟවා තබා ගැනීමට දේශපාලනඥයකුගේ මැදිහත්වීමක්?

PropellerAds

මා තර ප‍්‍රදේශයේ සිට පැමිණ ධීවර සංස්ථාවට අයත් මින්නේරියේ පිහිටි සංචාරක බංගලාවක නතර වී සිටි කොරෝනා ආසාදිතයින් තිදෙනකු ඊයේ (06දා) සවස සොයා ග...

ශ්‍රීමහා බෝධීන්වහන්සේව රැකගැනීමට සන්නිවේදන උපකරණ ගෙනා රවීන්ද්‍රට එරෙහිව චෝදනා මවන්නේ කව්ද..?
අන්තර්ජාල රේඩියෝවක් හරහා LTTE සංවිධානයේ මතවාදය පතුරවයි
රනිල් තනතුරු දෙන්නේ දුෂිතයන්ටමයි !
මාතර ප‍්‍රදේශයේ සිට පැමිණ ධීවර සංස්ථාවට අයත් මින්නේරියේ පිහිටි සංචාරක බංගලාවක නතර වී සිටි කොරෝනා ආසාදිතයින් තිදෙනකු ඊයේ (06දා) සවස සොයා ගත් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා පැවසීය.

මොවුන්ට කොරෝනා රෝගය වැලඳී ඇති බවට පී. සී. ආර් පරීක්‍ෂණවලින් තහවුරු කර ගෙන තිබියදී හොර රහසේ පැමිණ මෙහි සැඟවී සිටියදී සොයා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කීය.

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලැබුණු තොරතුරකට අනුව ධීවර සංස්ථාවට අයත් සංචාරක බංගලාව නිරෝධායන නීති යටතේ පරීක්‍ෂාවට ලක් කිරීමේදී මේ කොරෝනා රෝගීන් තිදෙනා හමුවී තිබේ.

මෙම කොරෝනා ආසාදිතයින් තිදෙනා සමග තවත් පුද්ගලයන් 04දෙනකු එම සංචාරක බංගලාවේ නවාතැන් ගෙන සිටි බවත් ඔවුන් සිව් දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කළ බවත් වෛද්‍ය කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

මේ අතර එහිදී හමු වූ කොරෝනා රෝගීන් තිදෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව ද කීය.

සෞඛ්‍ය අංශවල ‘ඇස්වලට වැලි ගසා’ කොරෝනා රෝගීන් මෙසේ හොර රහසේ සඟවා තබා ගැනීමට එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා නීති උල්ලංඝනය කරමින් මේ පිරිසට නවාතැන් දීමට කටයුතු කළ පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා දැනුම්වත් කළ බව ද වෛද්‍ය කුමාරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මින්නේරිය ‘ධීවර බංගලාවේ’ සැගව සිටි තිදෙනකුට කොරෝනා… රහසේ සඟවා තබා ගැනීමට දේශපාලනඥයකුගේ මැදිහත්වීමක්?
මින්නේරිය ‘ධීවර බංගලාවේ’ සැගව සිටි තිදෙනකුට කොරෝනා… රහසේ සඟවා තබා ගැනීමට දේශපාලනඥයකුගේ මැදිහත්වීමක්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh20jSwn5e6TW7Pwnhd3kw7KrLky5NTInH1MQ2cvw6bHDfvbiJYafWZzJrSf9wgTHwm-AqlM9XYVzZwFCALuRn-Ibf4kf6nlOSQzMm1AdQuvqsvp2lWJMkqRs4usdh0jLUL5ghi4cEX3fk/s320/1587357981.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh20jSwn5e6TW7Pwnhd3kw7KrLky5NTInH1MQ2cvw6bHDfvbiJYafWZzJrSf9wgTHwm-AqlM9XYVzZwFCALuRn-Ibf4kf6nlOSQzMm1AdQuvqsvp2lWJMkqRs4usdh0jLUL5ghi4cEX3fk/s72-c/1587357981.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy