දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට බලපෑම් - (හඩපට සහිතයි)
Homeප්‍රවෘත්ති

ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට බලපෑම් - (හඩපට සහිතයි)

PropellerAds

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍...

පිළිකා කාරක ශරීරගතවීමේ අවදානමක්!
ලබන 3 දා සිට කහ ඉර සුදු වෙයි
රාජිත දුම්කොල සමාගමෙන් මිලියන 500 ක් ඉල්ලයි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍යවේදී රාහුල් සමන්තට දුමින්ද සිල්වාගෙන් බලපෑම් – මාධ්‍ය නිදහස සීමා කිරීමට මාධ්‍ය හිමිකරුවන්ට සහ දේශපාලන බලධාරීන්ට ඉඩ නොතැබිය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

** දරන දුරකතන අංකයෙන් කතා කළ ඔහු, තමන් *** නාළිකා ප්‍රධානි ****ගේ මල්ලී බව ද අම්බලන්තොට වැලි ජාවාරම් පිළිබඳ පටිගත කළ දර්ශන වාර්තා කිරීමෙන් වළකින මෙන් දැනුම් දුන්  බවද සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදී රාහුල් සමන්ත පවසයි.

අදාළ දුරකතන ඇමතුමේ පටිගත කළ හඬපටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත එවා ඇති අතර රාහුල් සමන්ත පවසන්නේ අංකය අනුව කළ පරීක්ෂා කිරීමේදීද එය දුමින්ද සිල්වාගේ දුරකතන අංකය ලෙස තහවුරු වූ බවයි.

රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු මෙන්ම ප්‍රබල දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකුද වන දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට සිරදඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව මත නිදහස් ව තිබෙන පසුබිමක මෙවැනි සිදුවීමක් සුළුකොට තැකිය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

එමෙන්ම ඔහු, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයට සම්බන්ධ තැනැත්තෙකු ලෙස මාධ්‍යවේදියෙකුට මෙලෙස බලපෑම් කිරීම ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන අනිසි අතපෙවීම් විදහා දැක්වෙන, හෙලා දැකිය යුතු  අශෝභන සිදුවීමක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.

රාහුල් සමන්තගේ වාර්තාකරණයට අදාළ රජයේ ආයතන ඔහු පිළිබඳ තොරතුරු ජාවාරම්කරුවන්ට හා වෙනත් පාර්ශවවලට ලබා දීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නම් එය ඉතා බරපතල තත්වයකි. එබැවින් මේ සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට බලකර සිටී.

ලසන්ත ද සිල්වා                                                                                       
කැදවුම්කරු

හනා ඊබ්‍රහීම්
ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට බලපෑම් - (හඩපට සහිතයි)
ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට බලපෑම් - (හඩපට සහිතයි)
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiATuS6au1pfbv_JsAafcmK4V1aT2kKtqEFB-3QkqTWsqRf_3qfRlvDbZs0zL9kpeik3oTYc41rhpSC49tyjtc9j-Efs5hOmfE-zLOj74Nr-uM33-YqxgrhU7DlWmUECzDqftDILdFvvpr-fKD9WjV7oRL2dlaEoNaylbKnjYOz7Z4uEWIjVZyuf_00Jw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiATuS6au1pfbv_JsAafcmK4V1aT2kKtqEFB-3QkqTWsqRf_3qfRlvDbZs0zL9kpeik3oTYc41rhpSC49tyjtc9j-Efs5hOmfE-zLOj74Nr-uM33-YqxgrhU7DlWmUECzDqftDILdFvvpr-fKD9WjV7oRL2dlaEoNaylbKnjYOz7Z4uEWIjVZyuf_00Jw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy